IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ඉන්දියාවේ සිට බෝට්ටු 11කින් ආ 86ක් ආපසු හරවයි

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක සහිත පුද්ගලයන් 86 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත‍්‍රා 11ක් මෙරට මුහුදු සීමාවෙන් නැවත හරවා යැවූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

අනවසර සංක‍්‍රමණිකයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සංධිය ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශයේ මේ දිනවල සිදු කරනු ලබන විශේෂ මුර සංචාරවලදී මෙම ඉන්දීය ධීවර යාත‍්‍රා 11ක් හඳුනාගත හැකිවූ බව නාවික හමුදාව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඉන්දීය ධීවර යාත‍්‍රා 11 සහ පුද්ගලයින් 86 දෙනා ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ද ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කර තිබේ.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ‍්‍රී ලංකාව දෙසට සංක‍්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඞ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක‍්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව ද නාවික හමුදාව එම නිවේදනයෙන් සදහන් කර ඇත.  

(ඡායාරූප: රොමේෂ් මධුසංඛ)



අදහස් (1)

ඉන්දියාවේ සිට බෝට්ටු 11කින් ආ 86ක් ආපසු හරවයි

mihira Tuesday, 04 May 2021 12:16 PM

අනුකම්පා, භූමිකම්පා එපා... වෙඩි තියන්න තියෙන්නේ... නැතිනම් උන් රෑ වුණාම ආයේ එනවා දෙකක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’මම ලක්ෂ පනහක් රජයට ඉතිරි කරනවා’’
2025 අප්‍රේල් මස 26 150 0

තමා පමණක් ඇමතිවරයා විදියට මාසයකට ලක්ෂ පනහක් රජයට ඉතිරි කර දෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


පාප් වහන්සේගේ අවසන් කටයුතු අද
2025 අප්‍රේල් මස 26 148 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ දී අද පස්වරු 1.30ට පමණ සිදුකිරීමට නියමිතය.


හීනටියන වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 26 436 0

කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි තරුණයකුට අද අලුයම 05.35 තම නිවෙසට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු ටී. 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව කටු


දළදා වැන්ද අයට එන්න හෙටත් දුම්රියක්
2025 අප්‍රේල් මස 26 122 0

සිරි දළදා වන්දනාවට සහභාගි වී ජනතාවට ආපසු එන්නට පමණක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් හෙට (27) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තම


කෝප් එකෙන් දූෂිතයන්ට නඩු
2025 අප්‍රේල් මස 26 563 0

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.


පළාත් කීපයකට අදත් වැසි
2025 අප්‍රේල් මස 26 161 0

අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 839 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 387 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 540 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site