( ප්‍රසංග පෙරේරා)
රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර් ගබඩා සංකීර්ණයේදී අද (30) වෙළද පොළට නිකුත් කරනු ලැබීය.
මෙරට බේකරි නිෂ්පාදකයින් අතර මෙම බිත්තර තොගය බෙදාහැරීම සිදු කළ අතර සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙලෙස බිත්තර ලක්ෂ 10 ක් එකක් රුපියල් 35/= ක මිලකට බේකරි හිමියන්ට ලබා දුන් බවයි.
ඉන්දියාවේ සිට ගෙන්වු මෙම බිත්තර තොගය මෙරට අදාළ සියළුම රජයේ ආයතන වල අනුමැතියන් ට යටත්ව ගෙනවා තිබෙන බවද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බෙකරි හිමියන් හට අලවිකරණු ලැබූ මෙම බිත්තර වල නිශ්පාදිත දිනය ලෙස බිත්තරයේ 2023/03/18 දිනය සටහන්ව තිබු අතර එහි කල් ඉකුත් වන දිනය ලෙස 2023/06/15 දිනය සටහන්ව තිබිණි. දැන් ශ්‍රි ලංකාවේ බිත්තර නිශ්පාදකයින්ද තරගකාරී මිලකට බිත්තර අලෙවි කිරීම ආරම්භ කළ යුතු බව පැවසූ සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති වරයා ඉදිරියේදී මෙරට බේකරි, හොටල් හා ආපන ශාලා වලට බිත්තර ආනයනය කරන බවද ප්‍රකාශ කර සිටියහ.
ඒ අනුව ඉදිරියේදී බේකරි නිශ්පාදන වල මිල අඩු කිරීමේ හැකියාව ඇති බවද ඒ මහතා පැවසීය. පාරිභොගිකයින් වෙනුවෙන් මෙලෙස කටයුතු කල වෙළද හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් ට ස්තූති පුද කර සිටින බවද එන්. කේ. ජයවර්ධන මහතා සදහන් කළහ.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඉන්දියාවෙන් ගෙනා බිත්තර තොගය බේකිරි හිමියන්ට
දිමුත් Thursday, 30 March 2023 02:25 PM
ඉන්දියාවෙන් 16ට ගෙනල්ලාද අපිට 35ට දෙන්නේ? යසයි වැඩේ.
don saman Thursday, 30 March 2023 07:09 PM
මොනවා කළත් සෑහීමකට පත් නොවන එකම ජාතිය සිංහලයින්... මොවුන් ඉල්ලන්නේ නිකන් පිනට වෙන්න ඇති...
nihal Friday, 31 March 2023 02:23 AM
ටයි, කෝට් දාගෙන මේ වගේ වැඩ කරන්න එපා...
පුරවැසියෙක්.... Friday, 31 March 2023 10:04 AM
රට සහ ජනතාව අපහසුතාවයට පත්ව සිටින මොහොතක බොර දියේ මාළු බාගන්න මාන බලන කුකුල් කොටු කාරයින් මට්ටු කිරීම පිණිස මෙවන් ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව රජයට ස්තූතියි. බිත්තර පාලන මිල සම්බන්ධයෙන්ද වැටලීම් දැඩිකළ යුතුයි...