IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ඉන්දියාවෙන් ගෙනා හොද සහල් සතුන්ට කන්න දීලා

(බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම)

මිනිස් පරිභෝජනයට සුදුසු සහල් යොදා නිෂ්පාදනය කළ සත්ව ආහාර තොගයක් රජයේ සත්ව ගොවිපොළක තිබී සොයාගත් බව අනුරාෂපුර පාරිභෝගික අධිකාරිය පවසයි.

සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සදහා ගබඩා කර තිබූ තවත් සහල් කිලෝ දහදාහකට ආසන්න ප්‍රමාණයක් ද  පාරිභෝගික සේවා අධිකාරිය බාරයට ගෙන ඇත.

අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව තඹුත්තේගම හුරීගස්වැව මාර්ගයේ නීරාවිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සත්ව ගොවිපළ තුළ සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව, එහි ගබඩා කර තිබූ ඉන්දියාවෙන් ආනයනය කළ  මෙම සහල් තොගය හමුවූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.අ

මෙම සහල් භාවිතා කර ඌරන් සහ කුකුළන් සඳහා සත්ත්ව ආහාර ලෙස සකසා තිබූ බහලුම් සහ පරිභෝජනය සඳහා භාවිතා කළ හැකි සහල් තොගයට මුද්‍රා තැබීමට පාරිභෝගික නිලධාරීහු මෙහිදී පියවර ගත්හ.

මෙහිදී අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.ඒ.සී.පී පෙරේරා මහතා මෙසේ පැවසීය.



අදහස් (10)

ඉන්දියාවෙන් ගෙනා හොද සහල් සතුන්ට කන්න දීලා

මහීස Friday, 09 September 2022 05:08 PM

මේ කෑම දීලා තියෙන්නේ තම තමන්ගේ අයට නිසා තියෙන වරද මොකක්ද කියලා මට නම් තේරුම් ගන්න බැහැ...!

:       1       15

Chathuri Friday, 09 September 2022 05:19 PM

සත්තු කිව්වේ 250ද? එහෙම නම් ප්‍රශ්නයක් නැහැ. කන්නෙම තණකොළ ගොඩක් කාලෙකින්... හොඳ කෑමක් ලැබුණේ..!

:       0       13

වසලයාගේ 'කසළ-ටී' Friday, 09 September 2022 06:15 PM

සුද්දා රට බාරදීලා යනකොට "සිලෝන්-ටී" නාමයෙන් ලොවට හඳුන්වා දුන් තේ වලට අද වෙලා තියෙන්නෙත් ඔය දෙයමයි...! "කසල-තේ" පටවන්නෝ, අල්ලන්නෝ බොහෝයි. ඒත් ඒවා රටින් පිටකරන්නෝ අදෘෂ්‍යමානයි...

:       0       9

Kumar (Gulf) Saturday, 10 September 2022 01:26 AM

ලංකාවේ වී ගබඩා වල අවුරුදු 10 කට වඩා දිරනකොට මේවා සත්තුන්ට හරි කන්න දෙන එක හොඳයි

:       3       1

Santhu Saturday, 10 September 2022 01:39 AM

තඹුත්තේගමද..ආ.කඩා කප්පල් කාර, විනාස කාර, රටේ අභාග්‍යම පතන, එකත් එකට තරහටම හිතා මතා කල දෙයක් වෙන්නැති.

:       2       2

තේගිරිස් Saturday, 10 September 2022 06:07 AM

කසල තේ කිව්වම මට කුඩාකාලයේ අනුපාත ගණන් හදනකොට විවිධ තේ මිශ්‍ර කර විකිණීමේ ගණන් දෙනවා ඒවා අනුව ලංකාවෙ සමහරක් වෙළෙන්දෝ කසල තේ වලට හොද තේ මිශ්‍ර කරලා තත්ව සහතික ඇතුවත් විකුණනවාද කියලා හිතෙනවා.

:       0       3

RAHEEM Saturday, 10 September 2022 09:21 AM

ඇස් පොට්ට නිලධාරීන් ඉන්නකොට මෙහෙම වෙනවා

:       1       4

sarath wijesingha. Saturday, 10 September 2022 09:56 AM

මේ සියලුම මහාපරිමාන අපරධ හෝ වංචා පිටුපස අනිවාර්යෙන්ම නුගත් දේසපාලුවෝ සිටිය යුතුය.මුලින්ම මේ නුගත් දේසපාලුවන් රටෙන් අතුගා දැමිය යුතුය.ඉන් පසු මේ වගේ අපරාධකාරයින්ට ආරක්ෂාව නැති වෙනවා.

:       1       7

Perera Saturday, 10 September 2022 11:24 AM

69 ලක්ෂයක් හරක් මීහරක් කුළු හරක් බූරුවෝ ඉතින් සත්තු තමයි

:       1       5

SanthuMonday, 12 September 2022 03:05 AM

ඒක නේ...ඒ සත්තුන්ව පලව හරින්න තරම් හපන් කමක් නැහැනෙ අප්පා, ලක්ෂ 31 ක සතුන්ට උම්බෑ කියනව ඇරෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 260 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 142 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 405 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1099 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1109 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 872 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site