IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ඉන්ධන පැන්නූ තෙල් සංස්ථාවේ ලොක්කා රට පැනලා

(යොහාන් භාසුර)
රුපියල් කෝටි ගණනක් වටිනා ඉන්ධන අස්ථාගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති මහා පරිමාණ වංචා සිද්ධියක චූදිතයෙක් යැයි කියන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් හොර රහසේ විදේශගත ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ අදාල නිලධාරියා සහ පිරිපහදුවේ උසස් නිලධාරීන් කීප දෙනෙක්ට ඉන්ධන බැරල් අස්ථානගත වීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් මෙසේ චෝදනා එල්ල වී ඇති අතර එම ඉන්ධනවල වටිනාකම රුපියල් කෝටි 900 කට ආසන්න බව ද කී එම නිලධාරියා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ උසස් නිලධාරියා රැකියාවෙන් ඉවත් වන බව වෙනත් පාර්ශවයක් හරහා දැනුම්දී ඇති බව ද සඳහන් කළේය.
චෝදනාලාභී නිලධාරියා ලබන වසරේ විශ්‍රාම යෑමට නියමිත බවත් ඔහු ඇමරිකාවට පිටත්ව යන බව දැනුම්දී තිබුණ ද කැනඩාවට ගොස් ඇතැයි දැනගන්නට ලැබී ඇති බවත් එම නිලධාරියා කීය.  
චෝදනා ලාභී නිලධාරියා ඇතුළු පිරිසක් එකතුව මෙරටට ආනයන කළ ඉන්ධන නෞකාවලින් ඉන්ධන බැරල් දහස් ගණනක් පිට කර ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර මෙම ඉන්ධන අස්ථාගත වීම සම්බන්ධයෙන් එම සංස්ථාව කළ අභ්‍යන්තර පරීක්‍ෂණයකින් ද හෙළි වී ඇති බව වාර්තා වේ.
මෙම මහා පරිමාණ ඉන්ධන ජාවරම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණි කර ඇති අතර ඉදිරියේදී එම දෙපාර්තමේන්තුව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් රැසකගෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව ද වාර්තා වේ.  



අදහස් (1)

ඉන්ධන පැන්නූ තෙල් සංස්ථාවේ ලොක්කා රට පැනලා

ukran Thursday, 03 August 2023 05:10 PM

මේක ඇමැති කෙනෙකුට නම් මෙතන කමෙන්ට් ගොඩයි. රට විනාශ වෙන්න 80%ක් වගකියන්න ඕනෑ වෘත්තීය සමිති.. ඕවා අටවන් කරන්නේම හොරකම් කරන එක තමයි. ඔය ලොක්කෝ ටික ගසාකාපුවා ගත්තොත් ලංකාවේ ණය ඔක්කොම ගෙවන්න පුළුවන්.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 176 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 200 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 877 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 1047 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 2224 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 3431 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 419 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1424 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site