IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ඉන්ධන පිරවුම් හල් 400ක් වැසෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි.

ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදු කළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දුන්නේය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 700ක් පමණ විදේශීය තෙල් සමාගම් වෙත පැවරීමට රජයේ සුදානම මධ්‍යයේ මෙම නව ගෙවීම් ක්‍රමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය. චීනය, ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍ය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් පමණ ඉන්ධන පිරවුම්හල් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

පසුදා ඉන්ධන තොගය ලබා ගැනීම සඳහා පෙර දින රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන තොගය සඳහා ඉන්ධන පිරවුම්හල් මුදල් ගෙවිය යුතු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියම කර ඇතත් එසේ සිදුකිරීම අපහසු කටයුත්තක් බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

රාත්‍රී 9.30 ට පෙර ඉන්ධන පිරවුම්හල් හිමියන් මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් පසුදින ඔවුන්ට ඉන්ධන නොලැබෙන බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වසා දැමීමට සිදු වූ බවත් සති කිහිපයක් සාර්ථකව ඉන්ධන නිකුත් කිරීමෙන් පසුව නැවතත් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ඉන්ධන පිරවුම්හල් මීට සමාන ගෙවීම් ක්‍රමයක් අනුගමනය කළත් එම ඉන්ධන පිරවුම්හල් සඳහා මධ්‍යම රාත්‍රී 12 තෙක් කාලය ලබා දී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද එය අනුගමනය කරන්නේ නම් එය ඉන්ධන පිරවුම්හල් හිමියන්ට පහසුවක් බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් දක්වා සීමා කර තිබුණත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබීම හේතුවෙන් ඉන්ධන සඳහා පාරිභෝගික ඉල්ලුමද ඉහළ යමින් පවතින බැවින් දිනකට බෙදා හරින ඉන්ධන ප්‍රමාණය වැඩි කළ යුතු බව රාජපක්ෂ මහතා පැවසුවේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිණුමට මුදල් බැර කළත් නියමිත වේලාවට ඉන්ධන බෙදා හැරීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් අලෙවිකරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා චෝදනා කළේය.

ඉන්ධන ලබා ගැනීමට ප්‍රථම චෙක්පත් ලබා දීම අලෙවිකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ප්‍රායෝගික ගැටළුවක් වී ඇති බවත් ඒ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවත් නාඔටුන්න මහතා පෙන්වා දුන්නේය.

 



අදහස් (11)

ඉන්ධන පිරවුම් හල් 400ක් වැසෙයි

ranjith Sunday, 04 September 2022 01:23 PM

දේශීය ආර්ථිකය ගැන පුරසාරම් දොඩමින් ඔක්කොම පිටරැටියන්ට දෙන්න තමයි ඔට්ටු වෙන්නේ...

:       8       17

SanthuSunday, 04 September 2022 03:50 PM

දේශීය ආර්ථිකයක් තියෙනවද. වෙලාවකට හිතෙනව ඒක හොඳයි කියල. අපේ අපේ කිව්වට නැති බැරි විටදි පිහිටට පිටින්ම එන්න ඕන. ඒ අයත් එක්ක මුදල් ගනු දෙනු හරියට පෙන්වන්න ඕන. ෂෙඩ් හිමි කරුවන් ගෙවල ගත්තම, ඒවා තමුන්ගෙ. හොරට, යාළු කමට, වැඩි මිලට ඒවා දෙන්න බැහැනෙ. දුන්නොත් පාඩුවත් විඳ ගන්න ඕන.

:       1       16

akila Sunday, 04 September 2022 02:07 PM

රාජපක්ෂ-රනිල් යුගයෙන් අපේ රට ආපස්සට වැටුණා. අද අපි, රටේ ජනතාවට තියෙන ප්‍රශ්න පාලකයින්ට නැහැ. ගතයුතු පියවර අපි දනිමු...

:       4       8

amila Sunday, 04 September 2022 03:24 PM

පිටරට සමාගම් ආයෝජනය කළාම ලංකාවට වාසියක් තියෙනවද? ඒගොල්ලෝ ආයෝජනය කරලා එන මුදල් ඩොලර්වලට හරවලා ආයේ අරන් යනවා නේද? එහෙම අරන් යන්නත් ඩොලර් නැහැ නේද? ලංකාවේ ආයෝජනය කරන්න අවසර දෙනවට රජය මොනවා හරි ගාස්තු හෝ බදු අය කිරීමක් කරනවද?

:       2       7

sunilSunday, 04 September 2022 05:20 PM

මේ හිඟන රටට පැමිණ ආයෝජන කිරීම පිළබඳව, මේ පිටරට සමාගම් වලට වන්දනා කල යුතුයි.

:       0       10

JemaSunday, 04 September 2022 05:22 PM

ඩොලර් තැන්නම් ඒ වටිනාකමට එයාලට මෙහෙන් දේපොළ ගන්න පුළුවන්. අරගෙන ඉන්වෙස්ට් කරලා අලුත් එක්ස්පෝට් කරලා ඩොලර්ස් උපයා ගන්න පුළුවන්.

:       0       5

කල්ලතෝනියාSunday, 04 September 2022 06:40 PM

අන්න එතැනයි පොයින්ට් එක... අන්තිමට මේ බිමේ උපන් අයට බිම් අඟලක් හරි ලබෙන්නේ මළාම විතරයි. ඒකත් කුණුවෙලා ගඳ ගහන නිසා. නැත්නම් ඒකත් නෑ.. ඊට කලින් තමන්ගේ කියලා ගෙයක් ඉඩමක් හදාගැනීම සුම්මා...

:       3       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 04 September 2022 04:04 PM

ඇයි කලින් මුදල් ගෙවන්න බැරි? මේ තරම්කල් හම්බ කළ මුදල් කෝ? මොකද කලින් තෙල් ණයටද පාරිභෝගිකයින්ට දුන්නේ?

:       0       15

pakeer Sunday, 04 September 2022 06:11 PM

මේක තමයි වෙන්න ඕනේ... කමක් නැහැ. දැන් කොහොමත් එකයි. මේක බේරගන්න බැහැ.

:       1       4

sb Sunday, 04 September 2022 08:26 PM

කරුණාකරලා ඔය ශෙඩ්වලින් ණයට තෙල්ගහපු අය සල්ලි දෙන්න. පවු එයාලට සල්ලි නෑලු, අපිට පිනට සහ ණයට තෙල් ගහලා...

:       0       12

Perera Monday, 05 September 2022 07:56 AM

මට පෙනෙන්නේ අන්තිමට අපේ ගේ දොර ඉඩකඩම් පවා කොහේ හරි පිට රටකට විකුනන්න වෙයි වගේ අගාධෙන් ගොඩ එන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 300 0

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මෙරට කෝටියක් ටින් අංක ලබාගෙන
2025 අප්‍රේල් මස 23 217 0

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ


මාතර බන්ධනාගාරයේ කලබලය සමනය කරයි
2025 අප්‍රේල් මස 23 114 0

මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.


බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 256 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 326 3

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1953 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 642 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 325 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site