IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඉන්ධන පිරවුම්හළකට පැන මුදල් කොල්ල කෑ දෙදෙනකු අත්අඩංගුවට

 (ප්‍රදීප් කුමාර කුලරත්න)

මහරගම හයිලෙවල් මාර්ගයේ ඉන්ධන පිරවුම් හලක පොම්පකරුගේ ගෙලට තියුණු ආයුධයක් තබා බියගන්වා , ඔහු සන්තකයේ තිබූ රුපියල් හතළිස් පන්දහසක මුදලක් කොල්ලකා පළාගිය , පුද්ගලයින් දෙදෙනෙකු දින 28 කට  පසුව අත්අඩංගුවට ගත් බව බස්නාහිර -දකුණ අපරාධ කොට්ඨාසය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ , මත්තෙගොඩ "කට්ටා " සහ තවත් පුද්ගලයකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයින් දෙදෙනා  ඉකුත්පසුගිය  මස  29 දා අලුයම 02:45 ට පමණ , ඉන්ධන ලබා ගැනීමේ මුවාවෙන් යතුරු පැදියකින් පැමිණ , මෙම කොල්ලය සිදු කර තිබුණි .

එහිදී සැකකරුවන් දෙදෙනා මුදල් කොල්ල කන මුවාවෙන් අවස්ථා තුනකදී මෙම ස්ථානයට පැමිණ තිබූ අතර , අවසන් අවස්ථාවේදී , ඉන්ධන ලබා ගෙන ඒ සඳහා රුපියල් 5000 ක මුදලක් පොම්ප කරුට ලබාදී තිබේ.

පසුව එහි ඉතිරි මුදල් ලබාදීම සඳහා පොම්පකරු ,තම මුදල් බහා තිබූ ලාච්චුව විවර කළ අවස්ථාවේදී , යතුරුපැදියෙන් පැමිණි පසු පැදිකරු , පොම්පකරුගේ ගෙළට තියුණු ආයුධයක් තබා බිය ගන්වා ඇති අතර එම අවස්ථාවේදී පැදිකරු ලාච්චුවේ තිබූ රුපියල් 45,000 ක මුදලක් මෙසේ කොල්ලකා තිබුණි .

එම අවස්ථාවේ දී  ඒ බව දුටු යාබද පොම්පකරු , පොල්ලක් රැගෙන එම ස්ථානයට පැමිණෙනවාත් සමගම , පසු පැදිකරු පලා යද්දී , යතුරු පැදිය පණගැන්වීමට නොහැකි වූ පැදිකරු ද , යතුරුපැදිය එම ස්ථානය අතහැර දමා , කොල්ල කන ලද රුපියල් 45000 ක මුදල් ද රැගෙන  පළාගොස් තිබූ බව පොලිසිය කියයි.

පසුව මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන්  සිද්ධිය වූ ස්ථානයට පැමිණ  පරීක්ෂා කිරීමේදී , සැකකරුවන්ගේ බවට සැක කරන මුදල් පසුම්බියක් , හමුවූ අතර , එහි තිබූ හැඳුනුම්පතක් ඔස්සේ විමර්ශන සිදු කොට ,  සැකකරුවන් දෙදෙනා , කටුනායක රද්දොළුගම ප්‍රදේශයේ සැඟවී සිටියදී ,මෙසේ අත්අඩංගුවට ගත් බව පැවසේ .

කොල්ලකෑමට පැමිණි යතුරුපැදිය එම ස්ථානයේදීම තිබී පොලිස් භාරයට ගෙන තිබු අතර එම යතුරු පැදිය ,බොරලස්ගමුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබියදී , සැකකරුවන් දෙදෙනා එදින උදෑසන සොරා ගෙන ආ එකක් බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා කොල්ලකෑමෙන් පසුව සැඟව සිට ඉකුත් 17 දා නැවත මත්තේගොඩ ප්‍රදේශයට පැමිණ , සල්ගස් මාවත ප්‍රදේශය හරහා මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි පවුම් දෙකක් වටිනා රන් මාලයක්ද  කොල්ල කා පලා ගොස් තිබුණි .

ජාවාරමේ ප්‍රධාන සැකකරු මීට වසර තුනකට පෙර කහතුඩුව පොලිස් වසමේ මහ මඟ නමග නවතා තිබු යතුරු පැදි සොරාගෙන , එහි කෑලි ගලවා , පල්දෝරු පද්ධතියක සගවා , කොටස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වුවකු බවත් කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් පොලිසිය කියයි.

අධික ලෙස හෙරොයින් සහ අයිස් පානයට ඇබ්බැහිවූ ,සැකකරුවන් දෙදෙනා , සොරකම් සහ  හෙරොයින් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව ආ දෙදෙනකු  බවද පැවසේ.

අත්අඩංගුවට ගත්  (22 - 28) වයසේ පසුවන සැකකරුවන් දෙදෙනා අද (28) දා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

 

 



අදහස් (0)

ඉන්ධන පිරවුම්හළකට පැන මුදල් කොල්ල කෑ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 30 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 872 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2769 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1881 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1029 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1208 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27390 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19731 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 391 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site