IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති

(යොහාන් භාසුර)

ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා මීට සුළු මොහොතකට පෙර  පැවසීය.

ඒ අනුව රටපුරා හිඟයකින් තොරව පිරවුම්හල්වලට ඉන්ධන ලැබෙනුඇති බව ද ඔහු කීවේය.

ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ලබාදෙන සියයට 3 ක වට්ටම්ම සම්බන්ධ ගැටලුවට රජය විසදුමක් ලබාදෙනු ඇතැයි තව දුරටත් සංගමය විශ්වාස කරන බව ද සන්දනායක මහතා කීය.  

ආණ්ඩුව තීරණය කර ඇති ක්‍රමයට මාසයක කාලයක් පිරවුම්හල් ක්‍රියාත්මක කර පසුව තීරණයක් ගන්නා බව ද ඔහු කීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඛනිජ තෙගල් සංස්ථාවේ සභාපතිවරයා අවස්ථාවක් දී තිබීම නිසා ඒ පිළිබඳව අවදානය යොමුකර ඉන්ධ ඇනවුම් කිරීමට නැවත ආරම්භ කිරීමට තීරණය කළ බවත් එම රැස්වීමට වෙනත් සමාගම් යටතේ සිටින පිරවුම්හල්හිමියන්ට සභභාගිවීමට නොහැකි නම් ‘සිපෙට්කෝ’ පිරවුම්හල්හිමියන් සාකච්ඡාවට සහභාගි වී විසඳුමක් ලබාගනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.

මෙම ගැටලුව මේ වන විට ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබීම පිළිබඳව අවදානය යොමු කළ බවත් වර්තමාන ආණ්ඩුවට අත්දැකීම් නොමැතිවීම නිසා මෙවැනි තීරණයක් ගත්තේ යැයි විශ්වාස කරන බවත් සන්දනායක මහතා කීය.

ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ලිපියක් භාරදී තිබීම නිසා ජනාධිපතිවරයා ඒ පිළිබඳව අවදානය යොමු කරනු ඇතැයි විශ්වාස කරන බව ද ඒ මහතා වර්තමාන ආණ්ඩුව පත්වීමට පෙර ඇතිවූ ගැටලුවකත් හේතුවෙන් ආණ්ඩුවට සාධාරණ කාලයක් ලැබිය යුතු යැයි විශ්වස කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයක් සඳහා මෙතෙක් ගෙවූ සියයට 3 ක වට්ටම් මුදල පසුගිය 1 වැනිදා සිට අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තෛ්ය. එම තීරණයට විරෝධය දක්වමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පසුගිය 28 වැනිදා පස්වරුවේ සිට ඉන්ධන ඇනවුම් කිරීමෙන් ඉවත්විය.



අදහස් (0)

ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති

ඔබේ අදහස් එවන්න

දියත

උපන් ඇඳුමින් කොළඹ සිට පිදුරුතලාගල ගිය තරුණයා අල්ලයි
2025 මාර්තු මස 03 3350 0

ශරීරයේ කිසිදු ඇඳුමක් නොමැතිව නිර්වස්ත්‍රව අධිබල යතුරුපැදියකින් කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටි තරුණයකු මහත් පරිශ්‍රමයක් දරා මාර්ග බාධක යොදා


“සීසන්” මගීන් මඟ දමා ගියොත් 1958ට කියන්න
2025 මාර්තු මස 03 145 0

පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට 1958 අංකයට දැනුම් දෙන්න


සංජීව ඝාතනයේ CCTV දෘඪතැටි 2ක් පොලිස් බාරයට
2025 මාර්තු මස 03 572 0

පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය යට අදාල සීසීටිවී දර්ශන ඇතුලත් කොළඹ අලූත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පරිගණක පද්ධතියට අදාළ දෘඪ


ඉන්ධන පිරවුම්හල්හිමියෝ වර්ජනය අතහරිති
2025 මාර්තු මස 03 2105 0

ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙ


පවුල් සෞඛ්‍ය සේවාවට අලුත් ගෞරවයක් දෙනවා
2025 මාර්තු මස 03 225 0

මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ


නව කර්මාන්ත පුර දහයක්
2025 මාර්තු මස 03 733 0

නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අම


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20013 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 105 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 427 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 518 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site