IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඉම්රාන්ගේ 14 වසරක සිරදඬුවම් අත් හිටුවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු තෑගි විකිණීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට ලබා දී තිබූ වසර 14 ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය  අද (01) අත් හිටවීය.

ටොක්ශානා සිද්ධිය සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවට ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනයක් විභාගයට ගත් අවස්ථාවේදී ඉස්ලාමාබාද් මහාධිකරණය ඉම්රාන් ඛාන්ට ලබා දී තිබූ සිර දඬුවම අත් හිටුවීමට නියෝග කළේය.

සිර දඬුවම අත් හිටුවූවත් ඉම්රාන් ඛාන් තවත් නඩුවලට වරදකරු වී ඇති බැවින් ඔහු බන්ධනාගාරයෙන් නිදහස් නොවනු ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

ටොක්ශානා සිද්ධිය යනු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දරමින් සිටියදී රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු ත්‍යාග ටොක්ශානා භාණ්ඩාගාරයේ තැන්පත් නොකර ඔහු තබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවයි.පාකිස්තාන නීතියට අනුව විදේශ රාජ්‍ය නායකයන්ගෙන් පාකිස්තාන නායකයන්ට ලැබෙන ත්‍යාග ටොක්ශානා නම් භාණ්ඩාගාරයෙ හි තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එහි වටිනාකම ටොක්ශානා වෙත ගෙවිය යුතු වේ.

ටොක්ශානා සිද්ධියට වරදකරු වූ අවස්ථාවේදී ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රුපියල් මිලියන 787 ක දඩයක් අධිකරණය නියම කළේය.එසේම වසර 10 ක් යනතුරු මැතිවරණ තහනමක්ද ඔහුට පැනවිය.

 



අදහස් (1)

ඉම්රාන්ගේ 14 වසරක සිරදඬුවම් අත් හිටුවයි

දනුක Wednesday, 03 April 2024 12:07 PM

පාකිස්තාන් රට කවදාවත් ගොඩ එන්නෑ... පව් වැඩේ... ලෝක පූජිත ලෝකයක් ආදරේ කරන අවංක මිනිසා හිරේ... හෙන හත ගහන්න ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1321 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 804 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1340 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 950 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site