(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානයේ උත්සාහයක් තිබෙන බවට ඇමෙරිකානු බුද්ධි අංශ දැනුම්දී ඇතැයි ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කණ්ඩායම පැවැසීමත් සමග ට්‍රම්ප් මෙම ප්‍රකාශය කළේය.
ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන එල්ල වී තිබෙන බවත් ඇමෙරිකානු හමුදාව ඒ පිළිබඳ විමසිල්ලෙන් මෙන්ම සූදානමින් සිටින බවත් ටෘ සෝෂල් සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ට්‍රම්ප් පැවැසුවේය.
තම ජීවිතයට තර්ජනයක් එල්ල කිරීමට ඉරානය දැනටමත් පියවර ගෙන ඇති බවත් නමුත් ඒවා අසාර්ථක වූ බවත් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේය.
ඉදිරියේදීත් ඉරානය ඒ ආකාරයෙන්ම සිය ජීවිතයට තර්ජනයක් එල්ල කිරීම සඳහා නැවත වරක් උත්සාහ කරනු ඇති බවද ට්‍රම්ප් පැවැසුවේය.
ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානයෙන් එල්ල වන සැබෑ සහ නිශ්චිත තර්ජනයන් පිළිබඳ ඇමෙරිකානු ජාතික බුද්ධි අංශ කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා ට්‍රම්ප් දැනුවත් කළ බවත් ඇමෙරිකාව අස්ථාවර කර කලබලකාරී තත්වයක් ඇති කිරීම ඉරානයේ බලාපොරොත්තුව වී ඇති බවත් ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරණ කඳවුරේ සන්නිවේදන අධ්‍යක්ෂක ස්ටීවන් චන්ග් ඉකුත්දා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
අඛණ්ඩව මනා සංවිධානයකින් යුතුව ඉරානයෙන් එල්ල වන තර්ජනයන් පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන් දැනුවත් බවත් ට්‍රම්ප් ආරක්ෂා කිරීමටත් නිදහස් සහ සාදාරණ මැතිවරණයක් සහතික කිරීමටත් ඇමෙරිකානු ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවත් චන්ග් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි