(මනෝප්‍රිය ගුණසේකර)
හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා රිමන්ඩ් බාරයට පත් කළ විනිසුරු මඩුල්ල හමුවටම ඔහුගේ ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම හෙට (28) දක්වා කල් තැබිණී.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවාව විදේශ සමාගම් දෙකකට දීමට ගත් තීරණය වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට ඇප ලබාදෙන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී එලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇප ඇයදුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියෝග කළේය.
අධිකරණ නියෝගය ක්‍රියාතමක නොකිරීමෙන් හිටපු ආගමන විගමන පාලකවරයා අධිකරණයට අපහාස කිරීම සහ ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන එස්.තුරේරාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් ජේ්‍යෂ්ඨ පරිපාලන නිලධාරියකු වන සිය සේවාදායකයා මෙම සි්ද්ධියටට අදාළව මේ වන විට මාස හතරක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටින හෙයින් ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරේරාජා මහතා රජයේ ඉහළ නිලධාරීන් සෑම විටම අධිකරණ නියෝග අනුව කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය.
වගඋතත්තරකරු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය කරුණු දක්මින් විද්‍යුත් වීසා නිකුත් කිරීමේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණය දුන් නියෝග හතරකින් තුනක් ක්‍රියාත්මක කළ වගඋත්තරකාර ආගමන විගමන පාලකවරයා එක් නියෝගයක් ක්‍රියාත්මක නොකළ අතර එම නියෝගය ක්‍රියාත්මක කිරීමට ඇති අපහසුතා සඳහන් කරමින් මෝසමක් ගොනු කර ඇතැයි කීවාය.
ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවූ අධිකරණය ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නාය.
පෙත්සම්කාර ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කරුණු දක්වමින් අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා කල් ඉල්ලා සිටි වගඋත්තරකාර ආගමන විගමන පාලකවරයා රිමාන්ඩ් භාරයට පත් කළ විගස එදින සිටම අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීමට හැකි බව ප්‍රකාශ කළේ යැයිද කෙසේ නමුත් හිටපු ආගමන විගමන පාලකවරයාට ඇප දීමට තමන්ගේ විරුද්ධත්වයක් නැතැයිද කීය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරේරාජා මහතා මෙම පෙත්සම් සම්බන්ධයෙන් නඩුගොනු විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජික විනිසුරුවරුන්ට ලැබුණේ අද (27) පෙරවරුවේ බැවින් එම නඩුගොනු අධ්‍යයනය කිරීමට කාලය ප්‍රමාණවත් නොවූ බව සඳහන් කළේය.
එම තත්වය යටතේ මේ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නොහැකි බව පෙන්වා දුන් සභාපති විනිසුරු එස්.තුරේරාජා මහතා කෙසේ වෙතත් මෙම රිමාන්ඩ් නියෝගය දුන් විනිසුරු මඩුල්ලම ඇප ඉල්ලීම සලකා බැලීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමින් මෙම පෙත්සම් අනිද්දා (29) කැඳවීමට නියම කළේය.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉලූක්පිටියගේ පෙත්සම හෙට දක්වා කල් තබයි
අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Monday, 27 January 2025 08:12 PM
මගේ නඩුවට අදාලව ගරැ අභියාචනාධිකරණය දීපු නියෝගය දකුණු පළාත් ආණඩුකාරවරයා ඇතුලු වගඋත්තරකරැවන් තවම කියාත්මක කරල නැහැ.දැන් අවුරැදු 3 කටත් වැඩියි. මට සල්ලි නැහැ නඩු කියන්න.ඒත් මම ගරැ අගවිනිසුරැතුමියටත්,අධිකරණ සේවා කොමිෂන් සභාවටත් ලීවා. දෙනවානම් ඒ අයටත් දෙන්න ඕන මේ දඩුවමම තමයි.ඒකත් අධිකරණයට කරන අපහාසයක්.මේ වන විට මම ලිපි සිය ගණනක් ලියල තියෙනවා. කෝ අපිට කවුද පිහිට වෙන්නෙ. අපි අහිසංක පුරවැසියෝ.මම ජනාධිපතිතුමාටත් ගරැ අගමැතිනියටත් ලීවා.