IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයට නම් දෙකක්

(ලක්ෂ්මී ජයකොඩි)

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නව නායකත්වය සදහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන එම් ඒ සුමන්තිරන් හා සිවඥානම් ශ්‍රිධරන් යන මහත්වරු නාමයෝජනා බාර දී ඇත.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික සමුලුව ලබන වසරේ ජනවාරි මාසයේදි පැවැත්වීමට නියමිත අතර එහි පක්ෂයේ නව නායකත්වය නිවේදනය කරන බව එම පක්ෂයේ වත්මන් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

2024 ජනවාරි මාසයේ 20 වනදා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ නව නායකයා තීරණය කිරීමටත් නව නායකත්වය සදහා එකකට වැඩි නාමයෝජනා ලැබී තිබුණහොත් ඊට පසුවදා පොදු කාරක සභාව රැස්වී නව නායකත්වය තීරණය කරනු ලබන බවත් ජනවාරි 28 වැනි දා නව නායකයා පක්ෂය අමතනු ඇති බවත් ඉකුත්දා රැස්වු මධ්‍යම කාරක සභාවේදි තීරණය කෙරුණි

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මීට පෙර කිසිදු අවස්ථාවක පක්ෂයේ නායකත්වය තෝරා ගැනීමට ඡන්දයක් නොපැවැත්වුණු අතර පක්ෂ නායකයා පක්ෂය විසින් එකමතිකව තෝරා ගැනුණු බවත් කෙසේ වෙතත් මෙවර එම සම්ප්‍රදාය වෙනස් වනු ඇති බවත්ය.

 



අදහස් (0)

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයට නම් දෙකක්

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්
2024 ඔක්තෝබර් මස 08 168 0

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.


විශ්‍රාමික ග්‍රාම නිලධාරී වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 186 0

කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු


ලංකා - රුසියා රේගු සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්න අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 116 0

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල


පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ
2024 ඔක්තෝබර් මස 08 145 0

මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251


‘චෙි‘ 57 වැනි සැමරුම් වැඩසටහනක් යහලකැලේදී
2024 ඔක්තෝබර් මස 08 326 0

කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන


සැමියා මැරී යැයි බිරිය අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 08 343 0

නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39390 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25678 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site