IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඉල්ලීම් නොලැබුණොත් සෑම සිකුරාදාවකම දුම්රිය වර්ජනයක්

(මහින්ද නිශ්ශංක)
 
තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු වනතුරු ලබන 28 වැනිදා සිට සෑම සිකුරාදාවකම පැය 24ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.
 
එහි මුල් පියවර ලෙස ලබන බ්‍රහස්පතින්දා (27) රාත්‍රී 12 සිට සිකුරාදා (28) රාත්‍රී 12 වනතුරු දුම්රිය වර්ජනය පැවැත්වෙන බව ද ඔහු කීවේය.
 
මෙම වැඩ වර්ජනය සඳහා දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් සහභාගී වන බව ද ඒ මහතා සඳහන් කළේය. 



අදහස් (18)

ඉල්ලීම් නොලැබුණොත් සෑම සිකුරාදාවකම දුම්රිය වර්ජනයක්

Nana Sunday, 23 June 2019 08:24 AM

හැමදාම වර්ජනය කරලා ගෙදර ඉන්න...

:       0       30

shantha Qatar Sunday, 23 June 2019 08:38 AM

අපිට නම් මෙහෙ සතියේ වැඩ නොකරන නිවාඩුව ලැබෙන්නේ සිකුරාදාට. ලංකාවේත් එහෙම කරන්න, දිගටම කරගෙන යන්න කියන්න.. ඔලුව ලොකු මිනිස්සු..

:       0       26

Amila Sunday, 23 June 2019 08:54 AM

කවටයෝ රජ වුනහම මේ වගේ රටේ මහජන මුදල් කොල්ලකන සංගම් වලට රජ මගුල්. මේ වගේ කණ්ඩායම් රැකියවෙන් එලවලා එල්ලා තරුණ පිරිස් අනුයුක්ත කරන්න ඔන ඔය රැකියාවලට.

:       0       263

පාල ගාල්ලගේ Sunday, 23 June 2019 10:08 AM

ඕනෑවට වඩා මහජනතාව පීඩනයට පත්කරල කේවල්කරල උපයන මුදල් මේ වර්ජකයන්ට යාදෙන්නෙ නැහැ. මොවුන්ගෙ දරුවන්ට ඔය සල්ලිවලින් කන්න දෙන්න එපා කියල අපි කියනව. අමිල කියපු කතාවත් ඇත්ත.

:       0       46

Sugandhi Sunday, 23 June 2019 10:10 AM

මොකද අහිංසක මිනිස්සුන්ගෙන් පලිගන්නේ කෙලින්ම ගිහින් අදාළ අයට කතා කරන්න.....

:       0       17

Upa karu Sunday, 23 June 2019 10:22 AM

ඔක්කොම රේල්වේ බලනවා ගෙදර යවලා සර්විස් එකේ කෝස් කරන්න....

:       0       17

nalin Sunday, 23 June 2019 10:24 AM

ජනාධිපතිතුමා පත්වුනු විට කිව්වේ තමන් එදා බණ්ඩා කලාක් මෙන් බැඳ ඇති බල්ලන් සියල්ල ලිහා දමන වගකි. නමුත් එතුමාට නොතේරුණු දේ නම් ලිහා දැමු බල්ලන් එදා බන්ඩාවත්, අද සිරිසේනවත් සපා නොකෑ අතර, උන් සැමවිටම සපා කෑවේ රටේ සාමාන්‍ය මිනිසුන් බවයි. මෙවැනි සාමාන්‍ය මිනිසුන්ගේ දුක් අපහසුතා නොහදුනන මිනිසුන් රටේ නායකත්වයට පත්වීම රටේ අභාග්‍යයකි.

:       0       3

මුණසිංහ Sunday, 23 June 2019 10:39 AM

අපේ රටේ ප්‍රශ්න වලට "බුද්ධිමත්ව" මුහුණ දිය හැකි ආණ්ඩුවක් තිබෙන නිසා ලබන සතියේ ඉඳලා සිකුරාදා සහ සෙනසුරාදා රජයේ නිවාඩු-සතියේ දින ලෙස ඉරිදා සිට බ්‍රහස්පතින්දා ලෙස වෙනස් කරනවා සිකුරුයි!

:       0       0

Bishan Sunday, 23 June 2019 11:20 AM

හැමෝම දන්නේ අහිංසක ජනතාව තලා පෙලා දාන්න විතරයි. ඉල්ලීම් දිනාගන්න අවශ්‍ය නම් ජනතාවට ප්‍රවේශ පත්‍ර අලෙවි නොකර නොමිලේ ප්‍රවාහනයේ යෙදෙන්න. රජයට පාඩුව දැනුනම ඉල්ලීම්වලට කන් දේවි (ජපානය වැනි දියුණු රටවල එහෙමයි.) කරුණාකර තක්කඩි දේශපාලකයින්ගේ කොන්ත්‍රාත් ඉටු නොකර මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි බව තේරුම් ගෙන ක්‍රියා කරන්න. ඔබගේ වැටුප් ගෙවන්නෙත් අහිංසක මේ රටේ ජනතාව බව තේරුම් ගන්න...

:       0       5

duMonday, 24 June 2019 01:39 AM

දුම්රිය මාසිකව වාර ප්‍රවේශපත් ( සීසන් ) නොගෙන ඉමු.

:       0       0

ටි ඉන්දික Sunday, 23 June 2019 12:24 PM

මුන්ට කොච්චර දුන්නත් මදි.. රටකට විපතක් වුන වේලාවක ආපු විදේශික සංචාරකයන් ටිකකටත් අපහසුතාවයට පත්කරලා විනාශය දකින්න තිරිසන් මිනිස්සු මිස රාජ්‍ය සේවකයන් නොවේ..

:       0       58

Jehaan Sunday, 23 June 2019 01:00 PM

හැම සිකුරාදාම ගෙදර ඉන්න වෙන විදියට මේ පිස්සෝ ටික එළවලා රැකියාවක් හරියට කරන්න ලැස්ති මිනිස්සු ටිකක් බඳවා ගන්න. හැම සිකුරාදාම නිකන් ඉන්න තමන් පදවන්නේ පුද්ගලික ජෙට් එකක් කියලාද හිතන්නේ...!

:       0       24

de silva berlin Sunday, 23 June 2019 01:32 PM

රටේ පාලකයින්ට ඔය දුම්රිය දිව්වත්, නොදිව්වත් ප්‍රශ්නයක් නැත. ඔවුන්ට ගමන් කිරීමට ප්‍රාඩෝ වැනි වාහන ලැබී ඇත. නොමිලේම පැට්‍රල්, ඩීසල් ලැබේ. රටේ ආර්ථිකය පහළ බැහැලා ඇති නිසා දැන් මිනිස්සු වැඩිපුර ගමන් බිමන් යන්නේ නැත. ඕකෙන් අමාරුවේ වැටෙන්නේ එදිනෙදා රැකියාවට යන මධ්‍යම පන්තියේ සාමාන්‍ය ජනතාවයි.

:       17       25

Demuni de silva Sunday, 23 June 2019 04:24 PM

මේක පාඩු වැඩක්.. තේරුමක් නැති දෙයක්... කරුණාකර ඒ ගැන හිතන්න..

:       0       14

gamaya Monday, 24 June 2019 07:58 AM

පල්ලි යන්නද සිකුරාදා වර්ජනය කරන්නේ? මුන් සහරාන්ටත් වඩා අන්තයිනේ...

:       0       33

de silva Monday, 24 June 2019 08:43 AM

ඕක සිකුරාදාම තියෙන්නේ, ඔබලාට සිකුරාදාට පල්ලි යන්න ඕනේ නිසාද?

:       0       21

thilakasiri Monday, 24 June 2019 11:07 AM

මෙයාලගේ ඉල්ලීම් දෙන්න පෙර දැනට එයාල ගන්න පඩි හා අනෙකුත් සියලු වරප්‍රසාද රටේ ජනතාවට දැනගැනීමට සලස්වා ඉල්ලීම් අසාධාරණ නම් ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය හැරීමට විරුද්දව මොවුන්ට නඩු පවරා නඩුව අසා නිමවන තුරු සේවය අත්හිටුවා ඒ සදහා හමුදා භටයින් පුහුණුකර හෝ වෙන ක්‍රමයකින් ජනතාවට සේවය ලබාදීම රජයේ වගකීමකි. මජනතාවට අවහිර වන ලෙස හිතළු පරිදි උපවාස හා වැඩවර්ජන කරන්නන්ට විරුද්ධව සුදුසු පරිදි නඩු පවරා නීතිප්‍රකාර කටයුතු කරන්න

:       0       17

de silva Monday, 24 June 2019 07:15 PM

හමුදා බටයන්ට දුම්රිය පැදවීම වැනි දේවල් වලට පුහුණුවක් දෙන්න කියලා මම අවරුදු 4-5 ඉඳන් මෙම ලංකාදීප පාඨක තීරුවේ ලියනවා , කතෘ තුමත් මම ලියන දේවල් පල කරනව , හිටපු එකම ප්‍රවාහන ඇමතියෙක්වත් මේවා කනකට ගන්නේ නැහැ , එහෙම කරලා මේවගේ ඉල්ලීම් ඉල්ලන රොත්ත පිටින්ම එලියට දමලා, දුම්රිය හමුදා බටයන් සහ විශ්‍රාමික රියදුරෝ බැරිනම් ඉන්දියාවෙන් චීනෙන් හරි රියදුරෝ ගෙනත් හමුදා ආරක්ෂාව යටතේ ධාවනය කරලා මොවුන්ව ගෙදර යැවුවනම් මේ ප්‍රශ්නේ සදහටම ඉවර වෙනවා, රට වැටිලා තිබෙන අගාධය ගැන මොවුන්ට කිසිම ගානක් නැහැනේ. මොවුන් ත්‍රස්තවාදීන්ට අන්තය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වේ
2024 නොවැම්බර් මස 26 5 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 37 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


ඉදිරි දින තුනේදී උසස්පෙළ නොපැවැත්වීමට තීරණයක්
2024 නොවැම්බර් මස 26 172 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක ධූරයට මෛත්‍රී මුර්ති හිමි පත් වෙති
2024 නොවැම්බර් මස 26 0 0

කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට තේරි පත්වූහ.


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 410 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 277 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 548 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site