IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඉවත් කළ ලිට්‍රෝ සභාපති යළි පත්කරයි

(අජන්ත කුමාර අගලකඩ)

ලි‌ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.

තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරන බවත් සදහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින්  දැනුම් දෙනු ලැබීය .

ඔහු සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන්ද ඉවත් කළ බව එම ලිපියේ සඳහන්ව තිබිණි .

ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපති වරයාවරයාගේ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුව ඇති අතර නැවත ඔහු පත්කිරීම ද ඔවුන් දෙදෙනාගේ උපදෙස් මත සිදු වූ බව වාර්තා විය

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ද පැමිණ සිටි අතර, එහිදී ජනාධිපතිවරයා තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම් දුන් බව වාර්තා විය .

ඒ අනුව තුෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහු නැවත එම තනතුරට පත් කරනු ලැබූ බව වාර්තා විය

 



අදහස් (51)

ඉවත් කළ ලිට්‍රෝ සභාපති යළි පත්කරයි

susantha Thursday, 13 January 2022 03:35 PM

නියම පාලනය. ඔක්කොම රිවස්.

:       9       317

senaThursday, 13 January 2022 04:20 PM

කියලා වැඩක් නැහැ

:       0       0

සමන් - ඕමානයFriday, 14 January 2022 01:33 PM

ගත්තු තීරණයක් පැයක් ඇතුළත ආපස්සට හරවන්න හේතු සාධක මොනවද? සාධාරණ හේතු තිබුණා නම් ඒවා මුලින්ම සැලකුවේ නැත්තේ ඇයි..? මෙයින් පෙනෙන්නේ පාලකයින්ගේ දුර්වලකම හා අඥාන තීරණ ගැනීම නේද? අනේ අපොයි අපි බලාපොරොත්තු වුණු ශ්‍රී ලංකාව මේකද...?

:       1       15

fairoos Thursday, 13 January 2022 03:37 PM

මේවට කොහෙන් හිනාවෙන්නද.?

:       6       269

Gayan Thursday, 13 January 2022 03:39 PM

කොහෙන්ද අනේ මේවට හිනාවෙන්නේ.?

:       5       234

pradeep Thursday, 13 January 2022 03:42 PM

රටේ ප්‍රශ්න පැත්තක මේ මිනිස්සු සුපුරුදු දේශපාලන ක්‍රිඩාවේ.

:       6       195

Asanga Thursday, 13 January 2022 03:50 PM

කොච්චර සපෝට් එකක් තියෙනවද කියලා හොඳටම තේරෙනවා.

:       6       173

shantha - Qatar Thursday, 13 January 2022 03:52 PM

කාටද පිස්සු, බලා ඉන්න අපිටද පිස්සු.

:       5       159

යෝගා Thursday, 13 January 2022 03:53 PM

අවස්ථානුකූලව නම්‍යශීලි වීම වැරදි තීරණයක දරදඬු ලෙස එල්ලී සිටීමට වඩා යහපත්

:       265       48

kapilaThursday, 13 January 2022 05:58 PM

යමක් කරන්නට පෙර දෙවරක් සිතා බැලීම වැරදි තීරණ ගැනීමට වඩා වැදගත්.

:       0       0

LankaFriday, 14 January 2022 09:16 AM

පොහොර ප්‍රශ්නෙ ගැනද කිව්වේ ?

:       0       3

Buddika Thursday, 13 January 2022 04:24 PM

කරන බොහෝ දේවල් රිවස්

:       0       0

Prabha Thursday, 13 January 2022 04:30 PM

කනට කරලා කිව්වද දන්නේ නැහැ දන්නා දේවල් එළිකරනවා කියලා.

:       0       0

ජගත් ලියනගේ Thursday, 13 January 2022 04:39 PM

එක්කෝ මට පිස්සු . නැත්තං ඒත් මට පිස්සු .

:       0       0

Sunil Thursday, 13 January 2022 04:41 PM

රටම කෝලම් මඩුවක් වෙලා

:       0       0

Nandalal DE SILVA - France Thursday, 13 January 2022 04:44 PM

රජයේ මොන මොන අඩුපාඩු තිබුනත් පාලන යාන්ත්‍රණයේ රිවස්

:       0       0

Bishan Thursday, 13 January 2022 04:54 PM

මේ වගේ අපත පව්ලක් රට පාලනය කරන කොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. සර්කස් එකක් වගේ රටම

:       0       0

සඳුන් Thursday, 13 January 2022 05:04 PM

එයාව හොඳ මානසික රෝග ඩොක්ට කෙනෙක්ට පෙන්නුවොත් හොඳයි වගේ .....

:       0       0

මහසෙන් Thursday, 13 January 2022 05:04 PM

සැබෑම විහිලු කාරයා දැන් නේ බොලේ ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර ලොක්කගේ විහිලු මොනව ද අප්පා "ස" ගේ විහිලු ත් එක්ක.

:       0       0

සර් Thursday, 13 January 2022 05:19 PM

මට තමයි හොඳටම කරන්න පුලුවන් .

:       0       0

dilan Thursday, 13 January 2022 05:24 PM

අපෝ මෙහෙමත් ආණ්ඩුවක්.

:       0       0

Roshan Thursday, 13 January 2022 05:29 PM

මුන් ඔක්කොම හොරු මල්ලි..... රංජා කිව්වේ ඇත්තටම

:       0       0

naleen Thursday, 13 January 2022 05:41 PM

රට විනාස කර කර මේ තනතුරු වල දිගටම නිදහසේ ඉන්න තියෙන බලය මේකෙන් පේනවා

:       0       0

Akila Thursday, 13 January 2022 05:53 PM

දැන් මෙයාව රකින්නේ කවුද කියල පැහැදිලි නේ ? සංයුතිය වෙනස් කර සිදු වූ අපරාද වලටත් නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඔය ඉහල එක්කෙනා නිසාම තමයි

:       0       0

Hafeel Thursday, 13 January 2022 05:56 PM

අවලංගු ගැසට් නිවේදනයකුත් කොහොමටත් ලෑස්ති කරලා තියන්නයි කියල. මෙහම යුද්ධය මෙහයවූවා නම්, කොහොමද වේවි? දැන් රටට සේරම ඔප්පු වෙමින් පවතින්නේ. අගමැති අයියයි ජනාධිපති මල්ලිත් කියනවා ඊළඟ අවුරුදු තුනදී හොඳට කරනවලු. දැන් තේරනව කරන හැටි.

:       0       0

Demuni Uduwara Thursday, 13 January 2022 05:59 PM

පුරුද්දට මේකත් ලැබුනා!

:       0       0

ranjith Thursday, 13 January 2022 06:01 PM

මේවට මොනවද කියන්නේ කියලා හිතාගන්න බැහැ

:       0       0

සමිත හිමි කුරුණෑගල Thursday, 13 January 2022 06:26 PM

හැම දේම රිවස් කෝලං ආණ්ඩුවක්

:       0       0

kap Thursday, 13 January 2022 06:26 PM

කෝ මේ සිරිසෙනට කිසිම කෙලින් තීරනයක් ගන්න බෑනේ..ඒකට අපේ සර් හිටියනම්..

:       0       0

chanaka Thursday, 13 January 2022 06:28 PM

පේනවා නේද මේ මනුස්සයට ඉහලින්ම තියෙන සපෝර්ට් එක.

:       0       0

Demuni Uduwara Thursday, 13 January 2022 06:37 PM

ඇත්ත වශයෙන්ම බැසිල් ඉවත්විය යුතුය,

:       0       0

ගෑස් Thursday, 13 January 2022 06:47 PM

හොද හොද සෙල්ලං එලි වෙන ජාමේට

:       0       0

ජයන්ත Thursday, 13 January 2022 07:00 PM

රිවස් 2555 වන අවස්ථාව

:       0       0

Rohana Thursday, 13 January 2022 07:09 PM

පිස්සු ඩබල්කරන පිස්සු වැඩ

:       0       0

නිමල් Thursday, 13 January 2022 07:47 PM

අනේ මන්දා පිස්සු වගේ. මොනතරම් හොරකම් මැරකම් ගැන දන්නවද දන්නේනෑ. මේතරම්ම බය

:       0       0

hewa Thursday, 13 January 2022 07:50 PM

මේවට කොහෙන් හිනාවෙන්නද.?

:       0       0

LGPJ Thursday, 13 January 2022 09:35 PM

තව දුරටත් අපට ලිට්‍රෝ දැකිය හැක,

:       0       0

Kumara Thursday, 13 January 2022 10:01 PM

හරිම සිරියාවයි.

:       0       0

kapila Thursday, 13 January 2022 10:27 PM

ගෑස් අර්බුධයට වගක්වයුත්තා හිටපු සභාපති තුමාය. නව සභාපති තුමා ඒ වෙනුවෙන් වගකිවයුතු නැත. ඔන්න ඇත්ත. 69 ලක්ෂයට ම හූ...හූ_හූ හූ...

:       0       0

Perera Thursday, 13 January 2022 10:48 PM

වෙන රටකනම් මිනිස්සු පාරට බැහැලා

:       0       0

sampath Thursday, 13 January 2022 11:00 PM

තීරණ දෙකෙන් මොකක් හරි එකක් වැරදි.

:       0       0

Hema Thursday, 13 January 2022 11:20 PM

ජනාධිපති තුමනි මිනිස්සු හිනස්සන වැඩ කරන්නේ ඇයි මෙච්චර.

:       0       0

sg Thursday, 13 January 2022 11:37 PM

ජනාධිපතිතුමාගේ ක්‍රියාව හරි.

:       0       0

Sunil Friday, 14 January 2022 05:18 AM

ජාතියේ ලිප ගිනි පිපිරුම් තවත් වැඩිවෙයි... ගෑස් පෝලිම් තවත් දික්වෙයි..

:       0       0

Perera Friday, 14 January 2022 05:47 AM

මෙච්චර පිස්සු නටන ආණ්ඩුවක් කරන දේවල් දිහා ඔහේ බලබල බැණ බැණ ඉන්නවා ඇරෙන්න විපක්ෂයේ කිසිම පක්ෂයක්වත්, රටේ මිනිස්සුවත් වෙන කිසිම දෙයක් කරන්නේ නැතිව ඉන්න එකයි පුදුමේ. මෝඩ මිනිස්සු ඉන්න රටක් දාලා මම පිටරටක පදිංචියට ආවා... ඒකට පොඩ්ඩක්වත් පසුතැවෙන්නේ නැහැ.

:       0       0

වසන්ත කුමාර Friday, 14 January 2022 08:20 AM

අපි එදා මහ ලොකුවට හිතාගෙන උදෙන්ම ගිහින් ඡන්දෙ දාලා මෙයාලව තෝරලා පත්කර ගත්තාට මේ ගොල්ලෝ ඔක්කොම එකයි. මේ විදියට බැලුවහම රටේ හැම තීරණයක්ම කෙරෙන්නේ මේ හරියට නිශ්චිතව හොයලා බලාලා නෙමෙයි. ඔහේ එන එන හැටියට හිතෙන හිතෙන විදියට... දැන් නම් මෙයාලාට හරි සිහියක් නැති ගාණයි. නැත්නම් මොන ඉටි ගෙඩියකටද අර විශේෂඥ කමිටුවක් දාලා ගෑස් පිපිරීමට ඔක්කොම හේතු හොයාගෙනත් අදාළ වැරැද්ද කළ උදවිය බේරලා ෂේප් කරගන්නේ. ගෑස් පිපිරීමට ප්‍රධාන හේතුව සංයුතියේ වෙනස් කිරීම. ඒකයි පීඩනය වෙනස් වුනේ. පෙන්නලා දීලත් ඒක නොතේරෙන තොත්ත බබා වගේ ඒ වැරැද්ද කළ මිනිස්සුන්ව රකිනවා...

:       0       0

ravin Friday, 14 January 2022 09:59 AM

ගෑස් සම්බන්ධ කතාවේ වෙනම පැත්තක් තියෙන හැඩයි. පරණ සභාපති ඉල්ලා අස්වීම...අලුත් සභාපති පත්වී ටික කලකින්ම ප්‍රශ්නය ආරම්භ වීම, විවිධ පරීක්ෂණ කණ්ඩායම් පත්වීම, වාර්තා පිටවීම, දැනට සිටින සභාපති ඉවත් කිරීම, නැවත පත්කිරීම. සියුම් විග්‍රහයක් අත්‍යාවශ්‍යයි..

:       0       0

Sk Friday, 14 January 2022 10:22 AM

ආණ්ඩුව විහිළු සපයනවා හරියට....

:       0       2

R sugathadasa Friday, 14 January 2022 06:18 PM

බලධාරීන් තුළ ප්‍රඥාවේ හිස්බව පෙන්නුම් කරයි.

:       0       5

gajasinha pohoraliyadda, Sunday, 16 January 2022 09:17 AM

කුකුළාට හුණු ගෑවුනාට කමක් නෑ

:       0       0

Siri Sunday, 16 January 2022 11:29 AM

බල්ලෙක් තම වමනය වෙත ආපසු යන්නාක් මෙන්, මෝඩයා තම මෝඩකම නැවත නැවතත් කරයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1023 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 410 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 765 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 738 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 593 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1871 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site