(සුජිත් හේවාජුලිගේ)
සේවක අර්ථසාධක අරමුදල(ඊ.පී.එෆ්) ගුවන් සමාගමක කළ කෝටි 50 ක ආයෝජන වෙනුවෙන් එම අරමුදලට සත පහක හෝ ප්‍රතිලාභයක් ලැබී නැතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
සේවක අර්ථසාධක අරමුදල මුදල් ආයෝජන කිරීමේදී සාමාජිකයන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදිය හැකි වන පරිදි ප්‍රශස්ත ආකාරයට එය කළ යුතු වුවද එවැනි තත්ත්වයක් පසුගිය කාලයේදී දක්නට නොලැබුණු බව පවසන වලේබොඩ මහතා අන්තනෝමතිකව සහ අවිචාරවත්ව කර ඇති මෙම ආයෝජන හේතුවෙන් එම අරමුදලටද කිසිදු වාසියක් අත්වී නැතැයි සඳහන් කළේය.
මුදල් ආයෝජනය කළ ඇතැම් සමාගම්වලින් අර්ථසාධක අරමුදලට සත පහක් හෝ ලැබී නැතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
අරමුදල ලයිස්තුගත සමාගම් 11ක ආයෝජනය කර ඇති මුදල රුපියල් කෝටි 738 ක් බවත් මෙම කොටස් ආයෝජනයන් සඳහා 2019, 2020 හා 2021 යන වර්ෂවල කිසිදු ලාභාංශයක් ලැබී නැතැයි කෝපා කමිටු වාර්තාවල පැහැදිලිව සඳහන් වන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
මින් සමාගම් හයක් සංචාරක ව්‍යාපාරය හා බැඳුණු ඒවා බව පැවසූ ගාමිණී වලේබොඩ මහතා ලයිස්තුගත සමාගම් අටක කර තිබූ රුපියල් කෝටි948 ක සාමාන්‍ය කොටස් සහ ආයෝජනයන් සඳහා2021 වර්ෂයේදී ලාභාංශ ආදායම පවා ලැබී නොතිබූ බවද ප්‍රකාශ කළේය.
ජනතාවගේ මුදල් ඵලදායී නොවන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වැලැක්වීමට රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සියලුම ආයතනවලට විද්‍යාත්මක ආකාරයේ සුවිශේෂ මාර්ගෝපදේශ හඳුන්වාදීමද වැදගත් බව පෙන්වා දුන්නේය.
පටු වාසි වෙනුවෙන් ජනතාවගේ මුදල් මෙලෙස වැරදි ආකාරයට ආයෝජනය කිරීමට ඉඩදී බලා සිටීම රජයක වගකීම නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ඊ.පී.එෆ් කෝටි 50 ක ආයෝජනය පුස්සක්
himal Tuesday, 18 April 2023 02:55 PM
මුලින්ම බලන්න ඕන ඔය වසර වල සංචාරක අංශයේ වෙනත් සමාගම් ලාභාංශ ගෙවලා තිබ්බද? මොකද සමාගම් පාඩු ලබනවා නම් ලාභාංශ ගෙවන්නෙ නෑනේ. අනෙක ආයෝජනයක ප්‍රතිලාභ කියන්නෙ ලාභාංශ ගෙවන එකම නොවේ. ලාභය ආයෝජනය කරලා ව්‍යාපාර වර්ධනය වෙනවා නම් කොටස් මිල වැඩි වෙනවා.
sampath Wednesday, 19 April 2023 06:40 PM
මේ වගේ ජනතාවගේ මුදල් ආයෝජනය වගකීමක් ඇතිව කරන්න ඕනේ..., පසුගිය වසර කීපයකම ඊපීඑෆ් මුදල් ආයෝජනය රජාණන්ගේ හිතවතුන්ගේ සමාගම්වල කරලා ලැබුණු දෙයක් නැහැ.. හරි සමාගම් හොයාගන්න දැනුමක් නැත්නම් රාජ්‍ය කටයුතුවලට පමණක් මේවා යොදා ගත යුතුයි...