IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඊ.පී.එෆ් කෝටි ගාණක් වතුරේ

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සේවක අර්ථසාධක අරමුදලේ  රුපියල් කෝටි 20 ක ට වැඩි මුදලක් ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය පසුගිය වසරේදී අවලංගු කිරීම හේතුවෙන් අහිමිවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

එසේම ලයිස්තු ගත නොවූ සමාගම් වල කොටස් ආයෝජනයන් රුපියල් කෝටි 500ක් (සියයට 56ක් ) 2013 වර්ෂයේ වර්ෂයේදී කැන්විල් හෝල්ඩින්ග්ස්   හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා  ආයෝජනය කර තිබූ නමුත් 2021 වර්ෂය අවසාන වන විටත් එහි ව්‍යාපාර කටයුතු ආරම්භ කර නොතිබූ  හෙයින් එම ආයෝජන සඳහා කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබූ බවද  විගණන  වාර්තාවක සඳහන් වේ.

මේ අතර සේවක අර්ථසාධක  අරමුදලේ සාමාජිකයන් වෙනුවෙන් සකස් කෙරුණු හැඳුනුම්පත් 15,000 ක් සහ ඇඟිලි සලකුණ ලියාපදිංචි කිරීම සඳහා මිලදීගත්  යන්ත්‍ර තිහක්  ප්‍රයෝජනයට නොගෙන ගබඩාවල තැබීමෙන් රුපියල් කෝටි තුනකට ආසන්න  පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා 2008 වර්ෂයේදී රුපියල් එක්කෝටි විසි හය ලක්ෂයකට වැඩි මුදලක් වැය කර සකස් කරන ලද කාඩ්පත් පහළොස් දාහක්  පරිගණක අංශය තුළ  පැවතුණ අතර  ඒවා සකස්  කළ දින සිට ම ප්‍රයෝජනයට නොගැනීමෙන්  එම මුළු වියදමම අරමුදලට අලාභයක්වූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

එසේම හැඳුනුම්පත වෙනුවට සාමාජිකයාගේ ඇඟිලි සලකුණ භාවිතයෙන් ශේෂය පිරික්සීම සඳහා 2015 වර්ෂයේ දී රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර යන්ත්‍ර  30 ක්  මිලදී ගෙන තිබූ අතර  එම ව්‍යාපෘතිය ද සාර්ථකව ක්‍රියාත්මක නොවූ බව විගණන  අංශ අනාවරණය කළේය.

මින්   යන්ත්‍ර  දහතුනක් 2019 වර්ෂයේ මාර්තු පළවෙනිදා වන විට අක්‍රීයව භාවිතයෙන් ඉවත්  කිරීමෙන් පසු යන්ත්‍ර 30 අපහරණය කිරීමට තීරණය කර තිබුණද  පසුගිය වසරේ අප්‍රේල් මාසය වන විටත් අදාල යන්ත්‍ර ප්‍රධාන කාර්‍යාලයට ගෙන්වා ගෙන නොතිබුණු බව පවසන  විගණන  නිලධාරීහු එම ව්‍යාපෘතිය අසාර්ථක වීමෙන් එහි සමස්ත පිරිවැයම අරමුදලට අලාභයක් වූ බව ප්‍රකාශ කරති.

මේ අතර අරමුදල විසින් ලයිස්තුගත සමාගම් 83ක  රුපියල් කෝටි අටදහස්තුන්සිය හතළිස් හයක්   ආයෝජනය කර තිබුණද පසුගිය වර්ෂයේ දෙසැම්බර් 31 වන දින වන විට එම ආයෝජන වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි හත් දහස් අසූවක් දක්වා  රුපියල් කෝටි 1265 කින් එනම් සියයට 15 කින් පහත වැටී තිබූ බව  විගණන  කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන  වාර්තාවේය.

 



අදහස් (1)

ඊ.පී.එෆ් කෝටි ගාණක් වතුරේ

Athula Sunday, 13 November 2022 11:52 AM

කවුද මේ විනාශයට වගකියන්න ඕනේ? මේවා සොයන්න ඕනේ... මේ තක්කඩි ආණ්ඩුව ඕවා කරන්නේ නැහැ. ඔවුන් තමයි විත්තිකරුවෝ... ඔහොම යමු. අපිට ගොඩක් ගනුදෙණු තියෙනවා බේරගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 66 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 59 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 334 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 118 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1183 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 273 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1906 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site