(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ගැටුම් ඇතිවීමත් දෙපාර්ශවය අතර ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමත් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කණස්සල්ල පළ කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.
ප්‍රචණ්ඩත්වය වහා නවත්වන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින බවත් තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.
ටෙල් අවීව් සහ රාමල්ලා හි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සිද්ධිය දැඩිව නිරීක්ෂණය කරමින් සිටින බවත් ගැටුම් වලින් බලපෑ ඇති ප්‍රදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ එම තානාපති කාර්යාල නිරන්තරයෙන් සම්බන්ධීකරණය සිදු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
මේ දක්වා ගැටුම් හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු සුළු තුවාල ලබා සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඊශ්‍රායල- පලස්තීන ගැටුම් ගැන ශ්‍රී ලංකාව කනස්සල්ලෙන්
de silva Sunday, 08 October 2023 06:37 PM
දේශපාලුවනි, මේවා අපට අදාළ ප්‍රශ්න නොවේ... අපට මේවා විසඳන්නත් බැහැ.. කරුණාකර කට වහගෙන ඉන්න.
chandima Sunday, 08 October 2023 07:19 PM
ඔන්න වෙලාවට කතා පවත්වා ඉන්නේ නැතිව වැඩකාරයින්ට මාධ්‍යයට පැනලා අර්බුදයට විසඳුම් හොයන්න.
,Ariyathilaka Sunday, 08 October 2023 08:51 PM
හමාස් සටන්කාමින් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය අනාගතයේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට තක්සේරු කළ පෙරහුරුවක්; මෙයපිටු පස සමස්ත මැදපෙරදිග මුස්ලිම් අන්තවාදයම සහ එම අන්තවාදයට රහසිගතව උපකාර කරන රාජ්‍ය ද ඇතුලත් නො වනවායැයි නොකිය හැක. අනාගතයේ ඊශ්‍රායලයට මෙයට වඩා සිය දහස්ගුණයෙන් ප්‍රබල සැලසුම් සහගත ආක්‍රමනයන්ට මුහුණදීමට සිදු වේවි. එහිදී න්‍යෂ්ටික හිස සහිත මිසයිල වරුසාවන්ට මුහුණදීමට සිදු වේවි. දැනටමත් මැදපෙරදිග ඇතැම් රාජ්‍ය න්‍යෂ්ටික බලයෙන් ශක්තිමත්. ඉරානය නොතකා හැරිය නොහැක. නෙටෝවට විරුද්ධ රුසියාව, උතුරු කොරියාව අඩුව පූරණය නො කරාවියයි නො සිතිය හැක. චීනයත් පිටිපස සිට ගනීවි. න්‍යෂ්ටික හිස් සහිත රොකට් සහ මිසයිල වර්ෂාවකට ඊශ්‍රායලය මුහුණ නො දුන්නොත් තමයි පුදමය! පෙර අත් හදා බැලීම සාර්ථකයි. හමාස් සංවිධානය සහ පලස්තීනය බිල්ලට යාවි.
Dinesh Sunday, 08 October 2023 09:28 PM
අන්න හරි .තදින් ඉන්න ඕන මේවගේ වැඩවලට .නැතුව බෑ
Bamunuarachchi Monday, 09 October 2023 04:16 AM
අපි මොකටද කනස්සල්ලට පත්වෙන්නේ?