IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ඊශ්‍රායල - හමාස් සටන් විරාමයක් ?

ගාසා තීරය සහ ඊජිප්තුව අතරේ ඇති ‘රෆා’ දේශසීමාව පැය කීපයකට පමණක් විවෘත කරමින්, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලා යමින් සිටින පලස්තීනුවන්ට ඊජිප්තුවට ඇතුළුවීමට අවසර දීමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කර තිබේ.

ඊජිප්තු රජය මෙම තීරණය ගත්තේ, එරට ජනාධිපති අල් සීසී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ පැවැති දුරකතන සාකච්ඡාවකින් පසුවය.

ගාසා තීරයේ පලස්තීන වැසියන්ට දේශසීමා හරහා ඊජිප්තුවට යෑමට ඉඩ ලබා දීමටත්, තාවකාලික සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායලය කැමැත්ත පළ කර ඇතැයි ඇතැම් මාධ්‍ය පවසා තිබේ.

(අල් ජසීරා)



අදහස් (10)

ඊශ්‍රායල - හමාස් සටන් විරාමයක් ?

කමල් Monday, 16 October 2023 12:51 PM

හමාස් ත්‍රස්තයන් ඊජිප්තුවට ඇතුළු වුණේ කොහොමද කියලා පස්සෙ කල්පනා කරමු.

:       6       25

MarsipalaMonday, 16 October 2023 01:56 PM

කමල් 1948ට කළින් ඊස්‍රායලය කියලා රටක් තිබුණද? එහෙමනම් අවුරුදු 70ක් පලස්තීනයට කරන අපරාධ.., මිනීමැරුම්, වදහිංසා... මේවට කියන්නේ මොකක්ද? ඊස්‍රායලයේ ත්‍රස්තවාදීන් නෙවෙයිද? අරාබි/මුස්ලිම් නිසා කමල් වගේ අයට අමාරු ඇති නේද? මනුස්සත්වයෙන් බලන්න. පලස්තීනුවන් ත්‍රස්තවාදීන් කෙරුවේ කවුද කියා හොයලා බලන්න... තෙරුවන් සරණයි...!

:       24       11

ජනිත් මහවත්ත Monday, 16 October 2023 07:56 PM

අනේ මර්සිපාල වගේ කෙනෙක්...! ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාමයි. කොයි රටේද? කොයි ජාතියේද කියලා නෑ. විනාශ කළ යුතුමයි...!

:       1       8

ධනුෂ්ක Monday, 16 October 2023 04:36 PM

මිනිස්සු කොච්චර ⁣නූගත් ද කියනවා නම් මිනිස්සු හිතාගෙන ඉන්නේ පල්සතීනය ඊශ්‍රායලය අල්ලාගන්න යනවා කියලා. හැබැයි මිනිස්සු දන්නෑ නූතන රාජ්‍ය බිහිවීමත් එක්ක. තිබ්බේ පලස්තීනය කියලා රටක් ඊශ්‍රායලය කියලා එකක් තිබ්බේ නෑ. 1948 තමා සුද්දෝ පලස්තීනය දෙකට කඩලා ඊශ්‍රායලය බිහි කළේ ඔවුන් එතැනින් නතර වුනේ නෑ. පලස්තීනයේ ඉතිරි කෑලිත් ටික ටික අල්ලා ගත්තා... ඒකයි මෙතන ප්‍රශ්නේ...

:       8       4

D P LiyanageMonday, 16 October 2023 06:16 PM

සම්පූර්ණ ඉතිහාසයද ඔය කියවන්නේ. කලින් (අවුරුදු දහස් ගණනකට ) කලින් ඕක යුදෙව්වන්ගේ දේශය. එයින් ඔවුන්ව පලවා දැමීම පටන් ගත්තා මිසරය විසින්. පසුව සියලු යුදෙව්වන්ව රෝමන් වරුන් සහ අරාබි අය විසින් පන්නා දමා අරාබීන් අත්පත් කර ගෙන එය පිහිටුවා ගත්තා. 1948 දී එක්සත් ජාතීන් විසින් එය යුදෙව්වන්ට කොටසක් බාර දීමක් නැවත කළා. ඊස්‍රායලය ස්ථාපිත කරලා...

:       1       9

JanahithaTuesday, 17 October 2023 03:43 AM

ඔබ හරි... අන්තර්ජාලයෙන් වැඩි විස්තර... බෙත්ලෙහෙම, ජෙරුසලම සාක්ෂි දරනවා. උදාහරණයක් වශයෙන් ඉන්දියාවෙන් පිටිවහල් කරන ලද පිරිසක් රාවණාගේ නිජබිමට පැමිණ එම රටේ ධනයද කොල්ලකමින් එම භාෂාවෙන් පෙනීසිට වෙනම දේශයක් බිහිවී ඇත..

:       0       0

Gayantha Monday, 16 October 2023 11:56 PM

එතකොට ඔබ පවසන්නේ ජෙරුසලම අයිති වෙන්නේ පලස්තීනයට කියලාද? ක්‍රිස්තුස් වහන්සේ උපන්න රට වන්නේ ජෙරුසලම. ඉතින් ඒක කිතුනු භක්තිකයින්ට අයිති භූමියක්. එතකොට ඊශ්‍රායල් මිනිස්සු කියන්නේ යුදෙව් ජාතිකයෝ. එයාලා තමයි ඒ භූමියේ මුල් අයිතිකාරයෝ. එයාලාව පන්නලා අත්පත් කරගෙන ඒ භූමිය තුළ පිහිටවූවා ස්ලාම් රාජ්‍යයක්. පසුකලකදී නැවතත් ඊශ්‍රායලය නමින් යුදෙව් ජාතිකයින්ගෙන් යුක්ත රටක් පිහිටුවා. මෙතැන වෙලා තියෙන්නේ භූමියේ මුල් අයිතිකාරයින්ට භූමිය නැවත ලැබීමයි...

:       0       0

JanahithaTuesday, 17 October 2023 03:35 AM

ජෙරුසලම, බෙත්ලෙහෙම කිනම් ආගමික ආරම්භයද? මෙම රට ආක්‍රමණය කළ අයගෙන් බේරෙන්න යුදෙව්වන් ජෙරුසලම අතහැර වෙනත් රටවලට අරන් ගිය බව ඉතිහාසයේ ලියැවී ඇත. පසුකාලෙක බ්‍රිතාන්‍ය පාලනය තුළින් යුදෙව්වන් සුළු පිරිසක් නැවත ස්ථානගත වුණාලු...

:       0       0

JanahithaTuesday, 17 October 2023 03:49 AM

ඉතිහාසය එය නොවේ... මිසරය යුදෙව්වන්ගේ රට. යටත් මරාගෙන ඔවුන් පලවා දමා ඇත. ජෙරුසලම, බෙත්ලෙහෙම අදත් එහි ඇත. ජේසුස් වහන්සේ පාවාදීම නිසා රෝමාවරුන් රටින් පන්නා දමන්න ඇති. ඔවුන් යුරෝපයට ගොස් සිටියදීද ඝාතනය වුණු බව අපි දනිමු.

:       0       0

Gayantha Monday, 16 October 2023 11:49 PM

සටන් විරාමයක් තියෙනවා කියන්න බෑ... නමුත් ඊජිප්තු දේශ සීමාව විවෘත කරපු කතාව ඇත්ත. ඊශ්‍රායලය පවසන ආකාරයට ඔවුන් ජයග්‍රහණය කරන තුරුම සටන අත්නොහරින බව ඊශ්‍රායල් අගමැති වැඩිදුරටත් පවසා ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1976 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 373 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 662 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 990 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 175 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 635 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 728 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site