(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඊශ්‍රායලය, පලස්තීන යුද්ධයට කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්නැයි පාර්ලිමේන්තුවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (20)පැවසීය.
සාමකාමී විසඳුමක් සඳහා ක්ෂණිකව මැදිහත් වන ලෙස පාර්ලිමේන්තුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බවද ගම්මන්පිල මහතා පැවසීය.
යුද ගැටුම මානුෂීය නීතිය උල්ලංඝනය කරමින් වර්ධනය වෙමින් ඇති හෙයින් ද දෙපාර්ශ්වයටම සහය පළ කිරීමට විවිධ රටවල් ඉදිරිපත් වීමෙන් ලෝක යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතු වී ඇති හෙයින් ද දැනටමත් මෙම යුද ගැටුම හේතුවෙන් දහස් ගණනක් මියගොස් දස දහස් ගණනක් තුවාල වී ලක්ෂ ගණනක් අහිංසක ජනතාව අවතැන් වී ඇති හෙයින් ද මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ගම්මන්පිල මහතා කීය.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා යෝජනාව ස්ථිර කළේය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
’’ඊශ්‍රායලය-පලස්තීනය කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශ කරනු’’
Rajun De Silva Friday, 20 October 2023 11:04 AM
සිරිමා 1962 දී ඉන්දු චීන යුද්ධය වෙලාවේ සටන් විරාමයක් යෝජනා කළවිට ඉන්දියාවත්, චීනයත් එයට ඇහුම්කන් දුන්නා. ඒ සිරිමාවෝ ට තිබූ සැලකිල්ලත් ඇය කෙරේ තිබූ විශ්වාසයත් නිසා. ඒකට දැන් ඉන්න ගොන් සිපයි සිරිමගේ ළඟින් තියන්න බෑ.
Veera Friday, 20 October 2023 11:30 AM
ඊශ්‍රායලය යුද්ධය නවතා, ආයුධ බිමතබා යටත් වෙයි ගම්මන්පිලට බයේ...!
රටවැසියා Friday, 20 October 2023 11:32 AM
අයියෝ මේ, කරුනාකරලා තමන්ගේ වැඩක් බලා ගන්නවද? රටේ මේච්චර ප්‍රශ්න තියෙද්දි නිකං ලෝකෙට විහිලු සපයන්න එපා!
pakeer Friday, 20 October 2023 11:33 AM
හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ...!
Rata Perata Friday, 20 October 2023 12:33 PM
මේ වෙනුවෙන් රුපියල් 100 ගානේ එකතු කළොත් නරකද? අර ඕස්ට්‍රේලියන් මනුස්සයාගෙන් හොරකම් කළ සල්ලි ටික ආපහු දෙන්න හරි පුළුවන්නේ...!
බද්රානි Friday, 20 October 2023 03:40 PM
බල්ලෝ උඩු බුරලා යුද්ධ නවත්වන්න පුළුවන් නම්, කොච්චර දෙයක්ද..? ගොඩක් බල්ලෝ තමන්ගේ තරම නොදන්නා එක තමයි මේ හැම දේටම හේතුව...? අනික ඉතින්, ලෝක නායකයින් සුනඛ හඬ සතේකට මායිම් කරන්නේ නැහැ.
Isra Friday, 20 October 2023 06:11 PM
හා...
Perera Friday, 20 October 2023 08:35 PM
මේ වගේ අය නිසා තමයි ලංකාවට කෙළවෙලා තියෙන්නේ...!
ලප කුමාර අනුර Saturday, 21 October 2023 03:11 PM
ගෙම්බන්පිල වාගෙ ලප්‍යි සිපයි එකෙකුට පලස්තීනුවන් හෝ ඊශ්‍රායල් ජාතිකයන් කන් දෙන්න තරම් අනුවන නොවේ. ගෙම්බම්පිල සිතනවා ඇති එයා ලොකු කෙරුමෙක් කියා. ලංකාවේ වත් ගෙම්බන්පිල ට කන් නොදෙන එකේ . වෙන රටවල් කන් දෙයිද?