IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ තොරතුරු රැස් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)


වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වීසා ලබාදීමට එසේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් අද(24) සහ හෙට(25) ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන බව තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් තිදෙනෙක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ වීසා නොමැතිව සිටින සාත්තු  සේවක සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයන් සදහා වීසා බලපත්‍ර ලබාදෙන ලෙසත් විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා බලපත්‍ර අලුත් කරන ලෙසත් ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.

එම ඉල්ලීමට ඊශ්‍රායල ආගමන විගමන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාල් සිස්සෝ මහතා එකඟ වූ බවත් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු ඉල්ලා සිටි බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.එසේම විසා අවසන් වීමෙන් පසුවත් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා කෘෂිකර්ම අංශයේ රැකියා අවස්ථා ලබා දීමටද අධ්‍යක්ෂක ජනරාල්වරයා එකඟ වූ බව තානාපතිවරයා පැවසුවේය.

ඒ හේතුවෙන් මෙම වැඩසටහන සංවිධානය කළ බවත් අද(24) දින විශාල පිරිසක් එයට සහභාගී වූ බවත් තානාපතිවරයා පෙන්වා දුන්නේය.

 

 



අදහස් (0)

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ තොරතුරු රැස් කරයි

ඔබේ අදහස් එවන්න

දියත

ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 11 0

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


ලෝක බැංකුවෙන් අපට දුන් සහතිකය
2024 ඔක්තෝබර් මස 10 345 0

වේදනාකාරී ආර්ථික අර්බුදයකට පසුව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වය කරා ගමන් කර ඇතත් තවමත් මෙරට ආර්ථිකයට ඇති අවදානම පහ


හිටපු මන්ත්‍රී අනූපගේ ගිණුම් දෙකක් අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 10 407 1

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය ප


හෝමාගම රෝහලේ මිනී කාමරය ළඟ රජයේ වාහනයක් දමා ගිහින්
2024 ඔක්තෝබර් මස 10 570 1

රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර


හිටපු ඇමැති ජොන්ස්ටන්ට විදේශ් ගත වීම තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 10 610 3

හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව


ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 1445 5

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39754 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 63 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 381 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site