IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඊශ්‍රායලය සහ හමාස් අතර සාමයට අවසන් උත්සහාය දරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීම සඳහා වොෂින්ටනය දරන උත්සාහය ඒ සඳහා ඇති හොඳම මෙන්ම අවසාන අවස්ථාව විය හැකි බව ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඊයේ(19) ප්‍රකාශ කළේය.

එම නිසා ගාසා තිරයේ සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා කටයුතු කරන ලෙස සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව බ්ලින්කන් පැවැසුවේය.

සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා පැවැත්වෙන සාකච්ඡා මෙම සතියේදී නැවත වරක් ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවටයේදී සටන් විරාම ගිවිසුමකට එළඹීම සහතික කිරීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා රාජතාන්ත්‍රික මට්ටමින් පීඩනය එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊශ්‍රායල හමාස් යුද්ධය තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ලැබෙන අවසාන සහ හොඳම අවස්ථාව මෙය විය හැකි බවත් බ්ලින්කන් ප්‍රකාශ කළේය. ඊශ්‍රායල ජනපති ඉසාක් හර්සොග් මුණගැසීමට ප්‍රථම මාධ්‍ය වෙත අදහස් දක්වමින් බ්ලින්කන් මෙම අදහස් පැවැසුවේය.

දෙපාර්ශ්වය සටන් විරාම ගිවිසුමකට එළඹීම සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පීඩනයක් එල්ල කිරීම සඳහා ජනපති බයිඩන්ගේ උපදෙස් මත ඊශ්‍රායලයට පැමිණ සිටින බවත් සටන් විරාම ගිවිසුමකට අකැමැතිවීමට හේතු නොසයා ඒ සඳහා කැමැත්ත ලබා දීමට සියලුම පාර්ශ්වවලට කාලය එළඹී ඇති බවත් එහිදී අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (3)

ඊශ්‍රායලය සහ හමාස් අතර සාමයට අවසන් උත්සහාය දරයි

Chamara Tuesday, 20 August 2024 09:45 AM

ඇන්තනි බ්ලින්කන් ගිය සතියේ ඩොලර් බිලියන 20ක් ආයුධ ඊශ්‍රායලේට විකුණන්න ගිවිසුම් ගැහුවා. දැන් බොරුවට සාම සාකච්ඡා ගැන කතා කරනවා. කවුරු යුද්ධ කලත් ඇමරිකාව දිනුම්

:       1       26

Pradeep Kumara Tuesday, 20 August 2024 10:19 AM

මනුෂ්‍යත්වයක් නැති දියුණුවකින් කවර ඵලක්ද? ඇයි මේ මිනිසුන් එකිනෙකා මරා ගන්නේ? ලොව සියළු ජාතීන් අතර සමාදානයක් ඉතා ඉක්මනින් අවශ්‍යයි...!

:       0       0

Ariyathilaka Tuesday, 20 August 2024 04:22 PM

සජීවී අස්වයෙකුගේ පිටේ පුහුල් ගෙඩියක් නො වැටී තබා ගැනීම අසීරු කරුණක්... බිම පතිත නොවී තබා ගැනීම බැරි තරම්. ඒ හා සමානව මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සටන් වලින් බැහැර තබා ගැනීම අසීරුයි. ඔවුහු ඒ තරමටම අන්තවාදී ආගමික උණ කාරයෝ ය. ඔවුන් සටන් වලින් බැහැරට ස්ථීර ලෙස ගෙන යා නොහැක්කේ ඉස්ලාම් ආගමික වගන්තිවලින් සටන් කිරීම අනුදැනීම කර ඇති බැවිනි. භූමියේ බලය, රාජ්‍යයේ බලය, ලබා ගැනීම ආගමික වගන්ති මත පනවා ඇති බැවිනි. මුසල්මානුවන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරානය ස්ථීර ලෙසම එය සනාථ කර ඇති බැවිනි. රාජ්‍ය බලය ලබාගැනීමත්, රැක ගැනීමත් රටේ පාලනයත් යන සියල්ල රඳා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය = කොමියුනිට්ස්වාදය, ලිබරල් වාදය, නව ලිබරල්වාදය, ආදී කිසිඳු දේශපාලන න්‍යා‍යන් මත නොව ඔවුන්ගේ ශුද්ධ ආගමික ග්‍රන්ථය මතයි. ඒ සඳහා ඇවැසි සියලු මූලෝපායන් ආයුධ සන්නද්ධ භාවය මුල් කරගෙන ක්‍රියාකරත්. නීත්‍යානුකූල රාජ්‍ය ඒ වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නොව, නියෝජිත proxy සටන් කරුවන් Paramilitary හට යුද්ධෝපකරණ ලබාදීම මගින් තම අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරයි. හමාස්, හිස්බුල්ලා ආදී සංවිධාන මුස්ලිම් රාජ්‍යවල පැරා මිලිටරි....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 333 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 615 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1485 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1714 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2174 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1109 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20388 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18336 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site