IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම්

(රංජන් කස්තුරි)

සංචරණ සීමා ඉවත් කළ අද දින පෙරවරුවේ සිට උකස් මධ්‍යස්ථානවල ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි. 

මාසයක පමණ කාලයකින් පසුව රටපුරා උකස් මධ්‍යස්ථාන අද වීවෘත කෙරුණු අතර බොහෝ පිරිස් සිය කන කර උකසට තිබීම සඳහා මෙසේ පැමිණ ඇත.

එදිනෙදා ජිවිත්වීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට කිසිදු ආදායමක් ඉකතු දිනවල නොලැබුණු හෙයින් කන කර උකස් තැබීමට සිදු වූ බව අප කළ සොයා බැලීමේදී ඔවුහු පැවැසූහ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලත් දිවයිනේ පිටපළාත්හි පිහිටි නගරවලත් උකස් මධ්‍යස්ථානවලට සහ බැංකුවල උකස් අංශවලට මේ ආකාරයෙන් බොහෝ පිරිස් පැමිණ සිටි බව ද වාර්තා වෙයි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

(ඡායාරූප: තිලකරත්න දිසානායක)



අදහස් (22)

උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම්

චතුර Monday, 21 June 2021 01:48 PM

කැළණියේ නයා ගෙනාපු සුබ පණිවිඩය.... රටටම හොඳ කාලයක් උදාවෙලා...

:       55       778

nimalMonday, 21 June 2021 04:27 PM

රටේ ආර්ථිකයේ කඩාවැටීම හොඳින්ම පෙනෙන්නටම තිබෙනවා. රන් අබරන නොමැති ජනතාව කරන්නට තිබෙන්නේ මොනවද? පෙනෙන ආකාරයට මෙම ආරම්භය තව ඉදිරියට තවතවත් දරුණු වෙන්න පුළුවන්... ජනතාව කුසගින්නේ.. දරුවන්ට කිරිපිටි නොමැතිව දේශපාලකයින්ගේ ගෙවල් වටකරන කාලය වැඩි ඈතක නොවේ...

:       0       128

Roshan Monday, 21 June 2021 02:02 PM

ආයෙ වහනවා නම් මාසික පඩිය හම්බ වෙන අයගේ පඩියෙන් භාගයක් දුප්පත් මිනිස්සුන්ට දෙන්න. එතකොට රට වහන්න කියලා සමාජ මාධ්‍යවල වැලලෙන පිරිස අඩු වෙයි...

:       87       215

kasunMonday, 21 June 2021 02:20 PM

නියම කතාව රොෂාන්... මෙතුමා මාස් පඩිකාරයෝ..රට වහන්න කියලා විකාර කරනවනේ...

:       10       56

fairoos Monday, 21 June 2021 02:08 PM

ඇයි රජයෙන් දෙන 5000න් ජීවත් වෙන්න බැරිද? සර් මේවා දැක්කා නම් මේවත් ඉවත් කරයි වගේ...

:       0       59

කිරි පුතා Monday, 21 June 2021 02:21 PM

රට වහන්න වහන්න කියලා දැඟළුවාට මේන්න මේවා තමයි සැබෑ ප්‍රශ්න. එදිනෙදා හම්බ කරගෙන කන අහිංසකයින් අමාරුවේ...

:       6       84

siri Monday, 21 June 2021 02:25 PM

චීනෙට රටම උකස් තියලා තියෙන එකේ ඕක පුදුම වෙන්න දෙයක් නොවේ. "චීනය අප්‍රිකානු රටවල් සංවර්ධනය කරලා තියෙන හැටි බලලා සන්තෝෂ වෙයල්ලා. අපට හදලා දීලා තියෙන පොර්ට් සිටිය, අධිවේගී මාර්ග, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, නෙළුම් කුළුණ, නෙලුම් පොකුණ, තේවතු, පොල් වතු, රබර් වතු, තරු පහේ ලොකු හෝටල් වගේ දේවල් චීනය ඒ රටට අරගෙන යන්නේ නෑනේ. ඒවා අපේ මතු පරම්පරා ගණනාවකට ප්‍රයෝජනවත් දේවල්... එ් නිසා ඒ ගැන බොරු බයක් ඇතිකර ගන්න එපා" කියලනේ දැන් කියන්න පටන් අරගෙන තියෙන්නේ.

:       440       1040

wimal Monday, 21 June 2021 03:26 PM

අර මොකක්ද සංගමයේ අයට පේනවද දන්නේ නැහැ මේ අහිංසක මිනිස්සුන්ගේ තත්වය.. මේක තමයි අද රටේ තත්වය.. ගම්වල එදාවේල හම්බකරන් කාපු මිනිස්සු හාන්සියි. ඔවුන්ට ඕනෑ වහන්න විතරයි. දන්නෙත් එච්චරයි. මොකද මාසෙ අන්තිමට පොකට් එක පිරෙනවනේ.. කාලකණ්ණි ඉන්න රටක් තමන්ගේ බඩගෝස්තරේ රැකෙනවා නම් අනෙක් මිනිස්සුන්ට කෙළවුණත් කමක් නෑ...

:       0       65

බද්රානි Monday, 21 June 2021 03:30 PM

පාලකයෝ රට උගස් තියලා කනවා. ජනතාව රත්තරන් බඩු උගස් තියාගෙන කනවා. ඉතින් ලංකාවේ සංවර්ධනය කියන්නේ ඕකටනේ. වෙනස සැපයි කියන්නේ කට කහනවටද අපි?

:       157       143

කල්ප Monday, 21 June 2021 05:35 PM

ඔබේ විකල්පය කවුද?

:       12       4

බද්රානිMonday, 21 June 2021 07:09 PM

මගේ විකල්පය තමයි යහපත් ආකල්ප ඇති නායකත්වය. නමුත්, කනගාටුවට කරුණ වන්නේ, එවන් රටේ මහා ජාතියටවත් ගරුකරන යහපත් සිංහල නායකයින් නොමැති වීමයි. ද්‍රවිඩ හෝ මුස්ලිම් නායකයින් අඩුතරමේ ඔවුන්ගේ ජාතියට වත් ගරුකරනවා. ඒ අතින් සිංහල දේශපාලන නායකයින් කියන්නේ තමන්ගේ ජාතියට කිසි ලෙසකින් ගරු නොකරන, ජාතිය හිඟන්නන් ලෙස තබා ගැනීමට කැමති, උද්දච්ජ මොලේ විකුර්තියෙන් ක්‍රියා කරන කුහක තුප්පහියන් රැළක්නේ. ප්‍රශ්න පැටව් ගහගන්නවා හැර ඔවුන්ට ප්‍රශ්නයක් විසඳා ගැනීමට හැකියාවක් තියනවද? ඇත්තම කියනවා නම්, ජාන විකෘති වූ මෙවන් ජාතියක ඉපදීමම අවාසනාවක්. දයාව, කරුණාව, අනුකම්පාව සහකම්පනය කියන දේ මොවුන්ට ගෑවිලාවත් නැහැ. ආගම දහම පවා විකෘති කරමින් පිස්සු නටන විපරිත ජාතියකින් කොහොමද රටකට යහපත් පාලකයින් බිහිවන්නේ?

:       8       301

විපරමා Monday, 21 June 2021 03:46 PM

හැම අතින්ම තැලෙන්නේ අපේ රටේ නැති බැරි අහිංසක ජනතාව මිසක් , ඔවුන්ව ගොනාට අන්දවපු, සෞභාග්‍යයේ දැක්ම මවාපාපු දූෂිත දේසපාලුවන් නොවෙයි...

:       0       68

sujith Monday, 21 June 2021 03:58 PM

බලන්න ඔය එක පෝලිමකවත් තමන් චන්දෙ දීල පාර්ලිමේන්තුවට යැව්ව ජනතා නියෝජිතයෝ ඉන්නවද කියල? ඒ අයට ඔය වගේ ප්‍රශ්න නැහැ. ඒ අයට තියෙන්නේ සැප වහනයක් නොමැතිවීම වැනි ප්‍රශ්නයි. අපේ රටේ ජනතා නියෝජිතයින් සැබවින්ම ජනතා නියෝජිතයින්ද යන්න ගැටළුවක්.

:       0       2

K Perera Monday, 21 June 2021 04:13 PM

බයියන්ට දැන් සැපද? 

:       0       143

DarshanaTuesday, 22 June 2021 07:47 AM

රට සුඛිත- මුදිත කිරීම සදහා යහපාලනයක් ගෙන ඒමට කටයුතු කල අයියෙක් ........

:       0       0

pradeepa Monday, 21 June 2021 04:41 PM

පාලකයිනි, ඇස් ඇරලා හොඳට බලාපල්ලා... ඔබලාගේ වැඩකිඩවල තරම, ඔබලා හරියට කළා නම් මිනිස්සුන්ට අද ඔහොම වෙන්නේ නැහැ. ලැජ්ජා වෙයල්ලා...

:       0       13

Siri Monday, 21 June 2021 05:27 PM

වහල්ලුන්ට දැන් සැපද? සේරම වරෙල්ලා පෝලිමට..!!! 

:       0       26

Rohana Monday, 21 June 2021 05:33 PM

රට අන්ත අසරණ තත්වයට ඇදදැමීම පිළිබඳව රාජපක්ෂ පාලනය සම්පූර්ණයෙන් වගකිව යුතුයි...

:       0       109

සමිත සේනක අලුත්ගමගේ. Monday, 21 June 2021 05:42 PM

" උකසට තබා කන කර රත්තරන් බඩු ... කන බොන ජනතාව ගණනින් නොමැත අඩු ... පෙනුමට හොඳ ඇඳුම් ඇඳගෙන දුකෙන් අඩු ... බව පෙන්වමින් සිටියත්, හද දුකෙන් හැඬූ ... "

:       1       112

බද්රානි Tuesday, 22 June 2021 02:01 AM

ඔබගේ හද දුකෙන් තැවුණත් පලක් නැතී.. උන්ගේ පවුල් සතුටින් නම් මුන්ට ඇතී.. එහෙම හිතන ජාතියකට මගක් නැතී.. අවසානෙදි උන්ටයි රට අපට නැතී..

:       0       0

Jagath Tuesday, 22 June 2021 08:33 AM

මට විශාල දුකක් සමග සතුටක් දැනෙනවා, මේ අය ගැන මිනිස්සුන්ට තේරුම් ගන්න අවස්ථාවක් ලැබුන එක ගැන.

:       0       0

ds Tuesday, 22 June 2021 08:36 AM

මේ දේවල්වලට රජය වගකියන්න ඕනෑ. මිනිස්සුන්ට පාන් ගන්න සල්ලි නෑ. ඉතින් රත්තරන් බඩු උකස් කරන එක අහන්නත් දෙයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 794 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2616 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 5249 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1331 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 2067 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1356 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site