IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උගත්තු ගොඩක් හිර ගෙවල්වල

(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තා වලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

මේ පිරිසට සිර දඬුවම් විඳින( අච්චු) පුද්ගලයෝ 66 දෙනෙක් සහ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින 265 දෙනෙක් ඇතුළත් වෙති.

ඉකුත් වසර වන විට බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ අසූ පන් දහස් පනස් හයක් බව පැවසූ මහාචාර්යවරයා ඉන් 14952 ක් අපොස උසස් පෙළ සමතුන් බවද ප්‍රකාශ කළේය.

මෙයට අමතරව සෙසු සිරකරුවන් අතර අපොස සාමාන්‍ය පෙළ සමතුන් 44614 දෙනෙකුද අටවැනි ශ්‍රේණිය සමත් 64684 දෙනෙකුද පහ ශ්‍රේණිය සමත් 34673 දෙනෙකුද 1-5 අතර ශ්‍රේණි සමත් 20188 දෙනෙකුද සිටි බව අතු කෝරළ මහතා කීවේය.

තවද පාසල් නොගිය 5370දෙනෙකුද මෙම පිරිසේ සිටි බව හෙළිවී ඇත.

 



අදහස් (6)

උගත්තු ගොඩක් හිර ගෙවල්වල

රංබොඩ Saturday, 31 August 2024 10:55 AM

ඉස්සර නම් කිව්වේ එක පාසලක් විවෘත වුණාම සිරගෙවල් ගාණක් වැහෙනවා කියලා. වර්තමාන අධ්‍යාපනය සමඟ ඒක ගලපන්න බෑ. බොහෝ උගතුන් ආකල්ප ඉතාම දුප්පත්... ඒ තත්ත්වය එන්න එන්නම වැඩිවන වගකුයි පෙනෙන්නේ... සමස්ත මනුස්ස වර්ගයාම පිරිහෙමින් පවතිනවා. මෘග සඤ්ඤාව දෙසටයි මේ ගමන් කරන්නේ...

:       0       20

Pradeep KumaraSaturday, 31 August 2024 12:05 PM

ඒක ඇත්ත. මේ තරඟකාරී අධ්‍යාපන ක්‍රමයේ ඇති වැරැද්දත් ඒකම තමයි. උගත්තු බිහිවෙනවා. නමුත් බුද්ධිමතුන් විරලයි. උගත්තු ඉන්නවා. ආකල්ප වලින් තොරයි. ඔන්න අවසන් ප්‍රතිඵලය. ඉදිරියේ මේ තත්වය ඉතා වැඩි වෙයි...

:       0       20

Nandasena Sunday, 01 September 2024 10:05 AM

තරගකාරි අධ්‍යාපනය කිව්වාට තියෙන්නේ දේශපාලන අධ්‍යාපන ක්‍රමයක් කියන්න පුළුවන් ඇති හැකි එවුන් හා දේශපාලන ගැත්තෝ උසස් යැයි සම්මත පාසල්වලට ළමයින් ඇතුළත් කරන අතරේ සමහර දරුවෝ ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා පාසලක් නැතුව දුක් විඳිනවා.. මෙහෙම කියන්නේ මගේ දරුවෝ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ගත්තා. ඒත් දරුවගේ යාළුවා බොහෝ අඩුවෙන් ගත්තා... ඒත් අඩු ලකුණු දරුවා දේශපාලන හේතු මත උසස් පාසලකට ගියා... ඔය අතරේ කලාප කාර්‍යාලයේ කාකාස කෙනෙකුගේ දරුවා ලකුණු 70ක් අරගෙන ජාතික පාසලකට ගියා. රජයේ මාණ්ඩලික මට්ටමේ මට මගේ දරුවාට එම බලය නැහැ ඔන්න ඔහොමයි... ලංකාවේ අධ්‍යාපනයේ තත්වය තවත් සත්‍යම දෙයක් කියන්නේ මම මගේ දරුවා උසස් පෙළ පන්තියට ඇතුළත් කරන්න ජාතික පාසලක විදුහල්පති හමුවුණා... ඔහු උසස් පෙළ පංති භාර නැත්නම් උසස් පෙළ පන්ති අයිතිකරු වෙතට යැව්වා... උන්දෑ මට කිව්වා තෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන්න කියලා ඒ දිනම හිටපු පාසලෙන් නෙරපූ ළමයෙකුගේ ප්‍රාඩෝ එකකින් ඇවිත් හිටියා... ඔහුට පැවරීම කලේ කෙනෙක් පාසලට ගෙනැවිත් තිබූ සින්ක් එකක් සවිකර දීමට පමණයි... අනාචාරයේ හැසිරීම නිසා විදුහල්පති දැනට ජීවිතය හැරගොස් කලක් ගතවෙනවා...

:       0       1

ravin Saturday, 31 August 2024 12:26 PM

අට ඉබේම පාස් අය උත්තරීතර තැන ඉන්නේ මෙන්න මේ නිසයි. උගත් අය හිරේ... නූගත්තු උත්තරීතරයැයි කියාගන්නා තැන. අවුරුදු 76ක් තිස්සේ අධ්‍යාපනය?

:       0       8

Dewid Silva Saturday, 31 August 2024 02:59 PM

සමහර පළාත් පාලන ආයතනයක අකුරක්, ඉලක්කමක් ලියන්න කියන්න නොදන්නා නියෝජිතයින් ඉන්නවා කියලා අද දැනගැනීමට ලැබුණා.. ඒකට පක්ෂ නායකයෝ සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මොකද එහෙම අය තෝරා ඒවා ඔවුන්ට ඡන්දය දෙන්න කියන්නේ පක්ෂ නායකයෝ නිසා. දිස්ත්‍රික් මන්ත්‍රී කියන කෙනෙකුට ඡන්දය පාවිච්චි කිරීම ලංකාවේ සුලබම දෙයක් තමයි.. ඉතින් අටවත් පාස් නැතුව පාර්ලිමේන්තුවේ අසුන් ගත්තාම කාලයක් ගතවෙන කොට ඇමතියෙක් වෙනවා.. අට පාස් නැති ඡන්ද දායකයින්ට වාචාල කටක් තියෙන කුණුහරුප ටිකක් කියන්න පුළුවන් අට පාස් නැති අය මන්ත්‍රී කමට බොහෝම හොඳයි...

:       0       8

ව්පරමා Sunday, 01 September 2024 01:30 AM

උගතුන් හිර ගෙවල්වල. හොරට ලියලා විභාග පාස්වෙච්චි, අටවත් පාස් නැති අය දියවන්නාවේ... දූෂිත දේශපාලුවන් ඉන්න රටක, නීතිය හරියට ක්‍රියාත්මක කිරිමට නිසි ක්‍රමවේදයක් නැතිකම...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 347 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5368 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 924 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4365 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3905 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2510 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16924 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site