(මනෝප්රිය ගුණසේකර)
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්ෂක නිවාසයක රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහි නඩුවෙන් විත්ති වාචක නොකැඳවාම ඔහු නිදහස් කරන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ප්රතික්ෂෙප කළේය.
විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනා සම්බන්ධයෙන් විත්ති වාචක කැඳවීමට තරම් ප්‍රමාණවත් සාක්කි පැමිණීල්ල විසින් ඉදිරිපත් කොට ඇති බවට තීන්දු කරමින් විත්තියේ ඉල්ලීම ප්රතික්ෂෙප කළ විනිසුරුවරයා විත්තියේ ස්ථාවරය ලබන පෙබරවාරරී මස 21 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළේය.
2002 ජනවාරි මස 02 වැනිදාත් සැප්තැම්බර් මස 03 වැනිදාත් අතර කාලයේ කොළඹ, අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොටදී ශ්‍රී ලංකා ජනරජයේ ආරක්ෂාවට හා යහපතට හානිදායක විය හැකි ආකාරයට කටයුතු කරමින් ශ්‍රී ලංකා ජනරජයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීමේ කාර්යයේ යෙදී සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකා නිලධාරීන් රැදී සිටි අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්ෂක නිවාසය පිළිබඳව, එහි රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් පිළිබඳව, ඔවුන් සිදු කරන මෙහෙයුම් පිළිබඳව හා ඔවුන් ඒ සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳව රහස් රැස් කරන ලදැයි විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
එලෙස රැස් කරන ලද රහස් පදනම් කරගනිමින් “මිලේනියම් සිටි” ආරක්ෂක නිවස වටලන ලද බවටද එලෙස වටලා එහි සිටි හමුදා නිලධාරීන් එහි තිබු රහස් ලිපි ගොනු අත්අඩංගුවට ගෙන ඒවා ප්‍රදර්ශණය කළ බවටද හමුදා නිලධාරීන් කුරුඳුවත්ත හා කටුගස්තොට පොලිස්ථාන වලට මෙන්ම මහනුවර නිල සුනඛ අංශයට රැගෙන ගොස් ප්‍රදර්ශනය කළ බවටද එම නිලධාරීන් දින 10ක් මහනුවර හා කටුගස්තොට පොලිස්ථාන වල රඳවා තබා ඉන් අනතුරුව නෛතික පදනමකින් තොරව ඔවුන්ට එරෙහිව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරූ බවටද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උඩුගම්පොළගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි
තරංග Tuesday, 24 January 2023 07:12 PM
දැන් ඉන්න වීර ජනාධිපතිගෙ තවත් එක වීර ක්‍රියාවක් . මේ සිද්දියේදි අතලොස්සක් හැරෙන්න සියලුම හමුදා සෙබලු කොටී විසින් මරා දැමුවා.
බමුණු Wednesday, 25 January 2023 06:23 AM
රටට සේවයක් කල පුද්ගලයින්ට ගෞරව නාම දෙනවා වගේම රටට ද්‍රෝහී වූ කටුගම්පල වැන්නවුන් ජාතීද්‍රෝහීන් ලෙස නම් කරන්න.
Bamunuarachchi Wednesday, 25 January 2023 06:31 AM
ඔය චෝදනාව කටුගම්පොලට පමණක් නොවෙයි රනිල්, රාජිතටත් අදාළයි. මොවුන් සියළුම දෙනා ජාතිද්‍රෝහීන් ලෙස හංවඩු ගහන්න.