(ඩයනා උදයංගනී)
මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී අසනීප වූ වයෝවෘද්ධ කාන්තාවකට හදිසි ප්‍රතිකාර ලබා දී ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් වන මනෝරි ගමගේ මහත්මිය ඉකුත් දා සමත්වූවාය.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන ඇය ප්‍රතිකාර ලබාදී බේරාගෙන ඇත්තේ ද ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය විදෙස්ගතව සිටින දරුවන් බැලීමට ගොස් තෙමසකට පමණ පසු නැවත පැමිණෙමින් සිට ඇත.
එම කාන්තාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානාවකින් මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිය දී හුස්ම ගැනීමේ අපහසුතාවයකට ලක්ව ඇති අතර, වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි අයකු සිටී නම් දැනුම් දෙන ලෙස ගුවන් යානා කාර්ය මණ්ඩලය නිවේදනය කර ඇත.
එම අවස්ථාවේ මනෝරි ගමගේ මහත්මිය මෙන්ම ඕස්ටේ්රලියාවේ හෙදියක ලෙස සේවය කරන ලාංකික කාන්තාවක් ද ඉදිරිපත් වී තිබේ.
රෝගී කාන්තාව සතුව තිබී ඇත්තේ සැල්බියුටමෝල් වර්ගයේ ඉන්හේලරයක් පමණක් වන අතර, වෙද නලාව හා රුධිර පීඩනය පරීක්ෂා කරන උපකරණයක් පමණක් ඇතිව සිටි වෛද්‍යවරිය ගුවන් මගියකුගේ පහසුකම් සහිත ඔරලෝසුවක් භාවිතයෙන් ඇගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැන, ගුවන්යානයෙන් ඉල්ලාගත් ඔක්සිජන් සිලින්ඩරයකින්, ඔක්සිජන්ද, මගීන් සතුව තිබී ලබාගත් ඇස්ප්‍රීන්, හා ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධය සහිත කුඩා දරුවෙකුට ලබාදෙන සිරප් ආදී ඖෂධ ද ලබාදෙමින්, කටුනායක ගුවන්තොටුපල දක්වාම ඇය නිරුපද්‍රිතව රැගෙනඒමට සමත්වී ඇත.
වෛද්‍යවරිය මේ සම්බන්ධයෙන් සිය මුහුණු පොතෙහි ද සටහනක් තබා තිබිණි.
විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ මහත්මිය අප කළ විමසීමකදී පැවසුවේ තමන් ජනවාරි මසදී මෙම අවස්ථාවට මුහුණ දුන් බවත්, ගුවන් ගමන ඇරඹී විනාඩි 45කට පමණ පසු එම කාන්තාව රෝගී වූ බවත්ය.
ගුවන්යානයකදී මගියකු අසනීප වූ විට එහි ගමන් කරමින් සිටින වෛද්‍යවරුන්ගේ සහය ලබාදීම සාමාන්‍ය දෙයක් වුවත් අඩි දසදහස් ගණනක් ඉහළ අහසක තනිව ගමන් කරමින් සිටියදී රෝගී වූ ඇගේ තොරතුරු විමසීමෙන් පසු, දරුවන් විදේශගතවීම නිසා ඉදිරියේදී මෙරට දෙමාපියන් මුහුණදිය හැකි තත්වය ගැන කම්පාවෙන් ඒ ගැන මුහුණු පොතෙහි සටහන් කළ බව ඇය කීවාය.
ඇය සිටියේ ඉතා අවදානම් තත්වයක නිසා යානය පර්ත් නුවරට ගොඩබැස්සවීමට පවා ගුවන්යානයේ කපිතාන්වරයා සමඟ සාකච්ඡා කරමින් ගිය බව වෛද්‍ය මනෝරි ගමගේ මහත්මිය පැවසුවාය.
නමුත් ලබාදුන් ප්‍රතිකාර හමුවේ ඇගේ හුස්ම ගැනීමේ අපහසුතාව තරමක් මගහැරී ගිය නිසා කටුනායක දක්වාම යානය පැමිණි බවත්, ඒ අතරතුර රෝගී කාන්තාව තමන්ගේ විස්තර ද පැවසූ බවත් වෛද්‍යවරිය කීවාය.
වෛද්‍යවරිය පැවසූ අන්දමට එම කාන්තාගේ දරුවන් තිදෙනාගෙන් එක් අයෙක් එංගලන්තයේත්, අනෙක් දෙදෙනා ඕස්ට්රලෙියාවේත් පදිංචිව සිටින අතර, ඇය දරුවන් බලන්නට ගොස් මාස 3කට පසු ලංකාවට පැමිණෙමින් සිට ඇත.
අවුරුදු 85ක් වූ මෙම මව දරුවන් බලා ආපසු එන අතරතුර අසරණ වු අන්දමට ඉදිරි අනාගතයේදී දෙමාපියන් බහුතරයක් අසරණ විය හැකි බව කී වෛද්‍යවරිය දරුවන්ට දෙමාපියන් දමා විදේශගත වන්නට සිදුව ඇත්තේ, නිසි වැටුපක් නොලැබීම, ලැබෙන වැටුපටත් බදු ගැසීම ආදී ගැටලු නිසා බව ද කීවාය.
දරුවන් දෙමාපියන් රැකබලා ගැනීමට ලංකාවේ රැඳිය යුතුයැයි තමා කිසිසේත් නොසිතන නමුත් දරුවන් විදේශ ගතවූ පසු ඔවුන්ගේ මවුපියන්ට සේවා ලබාදිය හැකි සක්‍රිය හා සංවිධානාත්මක ක්‍රමවේදයක් ඇරඹීමට කාලය එළඹ ඇති බව ද ඇය සඳහන් කළාය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උඩුගුවනේ දී රෝගී වූ කතක බේරාගත් ලාංකික වෛද්‍යවරිය
asanka Monday, 13 February 2023 03:41 PM
විදේශගත දරුවන්ගේ දෙමව්පියන් මෙලෙස අසරණ වීම අද රටේ වර්ධනය වෙමින් පවතින තත්වයක්. වයස්ගත දෙමව්පියන් රැකබලා ගැනීම දරුවන්ගේ යුතුකමක් බවයි මගේ අදහස...
sathyapalaTuesday, 14 February 2023 01:26 AM
ඇයි දන්නේ නෑ මේක මහා ලොකු දෙයක් වගේ පත්තරේ දැම්මේ. නිතර ගුවන් ගමන් වල යෙදෙන අය දන්නවා මේක ඉතාමත් සාමාන්‍ය දෙයක්. ගුවන් යානයක් තුල කාට හෝ අසනීපයක් බව දැනගත් විට ගුවන් නියමුවා විසින් නිවේදනය කරනවා යානය තුල සුදුසුකම් ලත් වෛද්‍යවරුන් ඉන්නවානම් නැගිටලා එන්න කියලා. ඒ වෙලාවට වෛද්‍යවරුන් ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා ඒ අවස්ථාවට සුදුසු ලෙස ක්‍රියා කරනවා.
S. Jayaratna Monday, 13 February 2023 04:21 PM
ගොඩක් පින්සිදුවන වැඩක්නේ. බුදුසරණයි දොස්තරලාට...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 February 2023 04:22 PM
මේ ජීවිතය ගොඩගැනීමට වෛද්‍යතුමිය කළ කැපවීමට බොහෝම පින්.. ඔබතුමියගේ කතාව සහතික ඇත්ත. මේ රටේ රැකියා කරන්නන්ට නිසි වැටුපක් ලබා නොදීම, වැටුපට බදුගැසීම ආදී දේ නිසා බොහෝ දෙනා රට රැකියා සඳහා ගොස් එහි පදිංචි වෙනවා. මේ තත්ත්වය නිසා මව්වරුන්, පියවරුන් තම දරුවන්ගෙන් ඈත්වෙනවා...
thilakMonday, 13 February 2023 06:40 PM
ගන්න වැටුපට ගහන බද්දෙන් බේරෙන්නට පිටරට යන්න ඉස්සෙල්ලා..., ඒ රටවල මිනිසුන් බදුගෙවන ආකාරය සොයා බලන්න...
nayanTuesday, 14 February 2023 05:19 AM
පිටරටවල අයගේ ජීවන තත්වය quality of life ගැනත් බලන්න. බදු ගෙව්වට ඉතා හොඳ ජිවන තත්වයක් පිටරටවල තියෙනවා..
විපුලTuesday, 14 February 2023 08:20 AM
ඒ රටවල බදු වගේම මින්ස්සුන්ට ඒ බදුවලින් ලැබෙන ප්‍රථිලාභ ගැනත් හොයල බලන්න. බදු ගෙවන එක නෙවෙයි ප්‍රශ්නෙ. ඒවට වෙන්නෙ මොනවද කියන එක. මෙතුමිය මෙච්චර හොඳ දෙයක් කරලා තියෙත්දිත්, පැහැදිලි කරලා තියෙත්දිත්. බදු බදු ගැන කිවුවම ලොක්කව මතක් උනා නේද.
පිටිගල මිලානෝ Monday, 13 February 2023 04:37 PM
ලංකාවේ සිටියා නම් ආර්ථික අපහසුතා නිසා දෙමාපියන්ට සලකලා බලාගන්න බැරිවෙනවා. පිටරට ගියාම යහමින් මුදල් තිබුණත් ළඟඉදලා බලාගන්න බැරිවෙනවා. අන්තෝජඨා බහිජඨා…
oshara Monday, 13 February 2023 05:05 PM
ඔබටත් නීරොගී දීර්ඝායුෂ සුවය සහ හැදූ වැඩූ දෙමාපියන්ට මහත්ඵල මහානිසංශ දෙන පින් මේවා..!
Kapila Monday, 13 February 2023 08:20 PM
ඔතන සජිත් හිටිය නම් රෝගී කාන්තාවට ගෙයක් දෙන්න පොරොන්දු වෙනව.
Prasad Monday, 13 February 2023 09:32 PM
අවුරුදු 85ක අම්මව තනියෙන් එවපු දරුවොත් නියම දරුවො තමයි
N.Manage Wednesday, 15 February 2023 11:39 AM
අවස්ථාවේ හැටියට තමාගේ හැකියාව අනුව ප්‍රතිකාර කල එම දොස්තර මහමහත්මිට අපගේ ප්‍රනාමය. ස්තුතිය ඔබට