(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල හදිසියේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් අද (18) උදෑසන එම දුම්රියන් දෙකම අතරමග ඇණහිටිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය බාධා සිදු වූ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා අලුයම 5.50 ට ගමන් ආරම්භ කළ අංක 1016 දරන උඩරටමැණිකේ දුම්රිය බදුල්ල සහ හාලිඇල දුම්රිය ස්ථාන අතර අතරමගදී එහි එන්ජිමේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් ඇණහිටයේය.
පසුව එම දුම්රියේ අනික් එන්ජිම මගින් දුම්රිය යලි බදුල්ල දුම්රිය ස්ථානය කරා ධාවනය කර කාර්මික දෝශයකට ලක්ව තිබූ දුම්රිය එන්ජිම පිළිසකර කර යලි බදුල්ල දුම්රිය ස්ථානයෙන් පැය දෙකක පමණ ප්‍රමාදයකින් අනතුරුව අංක 1016 දරන උඩරටමැණිකේ දුම්රිය පෙරවරු 7.57. ට කොළඹ කොටුව බලා ධාවනය වූ බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
මේ අතර නානුඔය දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.00ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රියේ එන්ජිම උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සහ තලවාකැලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී හදිසි කාර්මික දෝශයකට ලක්ව දුම්රිය අතරමග ඇණහිටි බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .
පසුව එම දුම්රිය යලි පිළීසකර කර ප්‍රමාද වී කොළඹ කොටුව බලා ධාවනය කල බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශයකු සඳහන් කළේය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්