(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැලේ සහ කොටගල අතර ඩෙවෝන් ගේට්ටුව අසලදී අද (31) උදෑසන විශාල පස්කන්දක් දුම්රිය මාර්ගය ට කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
මෙසේ දුම්රිය මාර්ගය ට පස්කන්ද කඩා වැටිම නිසාවෙන් මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1126දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට කොටගල දුම්රිය ස්ථානයේ සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය තලවාකැලේ දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
මාර්ගය ට කඩා වැටී ඇති පස්කදු ඉවත් කිරීමට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය සේවකයන් පිටත් කර යවා ඇති බවත් , මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ බදුල්ල අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයේ දිවුරුම් දීමත් සමග ඇමෙරිකාවේ නිසි ලියකියවිලි නොමැතිව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 3065 ක් මෙරටට පිටුවහල් කිරීමේ අවදා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් පළමුව යාපනයේ පැවත්වෙන දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව වෙතට සහභාගී ව
හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ වන පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිප
මෙරට බෝවන මෙන් ම බෝනොවන රෝග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැවැන්ත බරක් පැටවෙන බැවින් ඉහත රෝගවලට ප්‍රතිකාර සේවා සිදු කරනවා සේ ම රෝග වළක්වා ගැනීම හා පාලනය සඳ
එක්සත් ජාතික පක්ෂය සමඟ මෙතෙක් පැවති සාකච්ඡා අති සාර්ථක බවත් ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙක එක්ව තරඟ කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
උඩරට දුම්රිය ධාවනයට බාධා