IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


උඩවලවේ ගොවීන් ගැන මොණරාගල ගොවි සිත් උණු වෙති

(අංජුල මහික වීරරත්න)

ජල හිඟය නිසා විනාශ වෙමින් පවතින උඩවලව ජලාශය යටතේ වගා කළ කුඹුරු වලින් යම් තරමකට හෝ ජල ප්‍රමාණයක් ලබා දීමට මොණරාගල ගොවි ජනතාව එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ වෙතින් කරන ලද ඉල්ලිමක් පරිදි මොණරාගල දිස්ත්‍රික්කයේ  වැව් 11ක ඇති ජලයෙන් කොටසක් වේලි ඔය අමුණ ඔස්සේ උඩ වලවේ ජලාශයට ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇතැයි අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා කීය.

ඒ අනුව දිනකට අක්කර අඩි 1200ක ජල ප්‍රමාණයක් උඩවලවේ ජලාශයට ලබා  ගැනීම ආරම්භ කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

මෙය ඉතා සුළු ජල ප්‍රමාණයක් වුවද දැනට ජල හිඟය නිසා විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇති කුඹුරු වලින්  යම් කොටසක් හෝ බේරා ගැනීමට හේතු වනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මේ වනවිට  නියඟයේ බලපෑමෙන් උඩවලව ජලාශයේ ජල මට්ටම සියයට දෙකක් දක්වා අඩු වී තිබීම  හේතුවෙන් උඩවලවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරු වලින් අක්කර 65,000ක්  හානි වීමේ අවදානමට ලක්ව ඇති බවයි.

 

 



අදහස් (1)

උඩවලවේ ගොවීන් ගැන මොණරාගල ගොවි සිත් උණු වෙති

Lalla Wednesday, 02 August 2023 12:53 PM

වතුර නැතිව මගුලකටද ඔය තරමට කුඹුරු වපුරන්න ඉඩ දුන්නේ? ඒකට වගකියන්න ඕනෑ අයට නීතිය ක්‍රියාත්මක කරන්න...

:       5       1

ඔබේ අදහස් එවන්න

දියත

මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්
2024 ඔක්තෝබර් මස 15 53 0

කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප


පානදුර නිවසක මළ සිරුරු දෙකක්
2024 ඔක්තෝබර් මස 15 277 0

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කොටුව -මරදාන අතර දුම්රිය පීලි පැනීමක්
2024 ඔක්තෝබර් මස 15 113 0

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රිය අද (15) උදේ මරදාන හා කොටුව අතර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


දුම්රිය එන්ජිමක ගින්නක්
2024 ඔක්තෝබර් මස 15 243 0

දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 10 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


අද වැස්ස ගැන අනාවැකිය
2024 ඔක්තෝබර් මස 15 413 0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 426 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1426 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site