IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


උඩවලවේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ පහළොවක්

(අංජුල මහික වීරරත්න)

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක් ( මිලියන 1.5ක්) පිරී ඇතැයි උඩවලවේ ඉංජිනේරු කාර්යාලය කළ  ගණිතමය අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.

මෙලෙස එකතු වී ඇති රොන් මඩ වල ට්‍රැක්ටර් කියුබ් ප්‍රමාණය පන්ලක්ෂ පන්දහස් නවසියයක් බවද  එම මඩ ඉවත් කිරීම මගින් වැඩිවන ජල ධාරිතාවය අක්කර අඩි 1273ක් හෙවත් කියුබික් මීටර් මිලියන දශම 05ක් බව ගණන් බලා ඇත. ඉන් වැඩිපුර වැපිරිය හැකි කුඹුරු ප්‍රමාණය අක්කර 300කි.

උඩවලවේ ජලාශයේ ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 265කි. 

නියඟයෙන් සිදී  ගොස් ඇති උඩවලව ජලාශයේ රොන්මඩ ඉවත් කරන්නැයි  ගොවීන් කර ඇති ඉල්ලීම පරිදි ක්ෂේත්‍ර අධ්‍යයනයක් සඳහා නිලධාරීන් පිරිසක් උඩවලව ජලාශය  වෙත යැවීමට තීරණය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය රොෂාන් රණසිංහ, වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්ම මහත්මීන් සහ කෘෂිකර්ම, වනජීවී, මහවැලි හා වාරිමාර්ග අමාත්‍යාංශ නියෝජනය කරමින් නිලධාරීන් සහ ගොවි නියෝජිත පිරිසකගේ  සහභාගීත්වයෙන් මහවැලි අමාත්‍යාංශයේ දී සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

 



අදහස් (6)

උඩවලවේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ පහළොවක්

Banda Tuesday, 29 August 2023 01:26 PM

RIP - මේ සියළු ජනපීඩක පාලකයන් අපාගත වේවා

:       0       7

ජනක Tuesday, 29 August 2023 01:39 PM

ඊලඟ පෑවිල්ල එනකම් මූලික සාකච්ඡා තියයි. මේක කෙරන්නේ නැහැ . පට්ට බොරුවක් කරන්නේ....

:       0       16

ගොවිරාල Tuesday, 29 August 2023 01:49 PM

ක්ෂේත්‍ර චාරිකාව ගිහිල්ලා වාර්තාව දෙනකොට ආයෙමත් වැවේ වතුර පිරේවි.සාමාන්‍යයෙන් මේ කාලයේ වැව සිදෙනවා මේ කාලයේ පිරෙනවා කියලා දන්නෝ දනී ඉතින් කරන්න තියෙන්නෙ වැව සිදෙනකොටම රොන්මඩ ඉවත්කර වැව පිළිසකර කරන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර සැළසුම් සකසා ගෙන සිටීම තමයි

:       0       16

අරුණ Tuesday, 29 August 2023 02:40 PM

මෙය ගොවීන් කියනකම් ඉන්න ඕනේ දෙයක්ද? වගකියයුතු නිලධාරීන්ට මේවා පෙනෙන්නේ නැද්ද. අපි දේශපාලකයන්ට පමණක් දොස්කීම වැඩක් නැත. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවී ඇති බොහෝ නිලධාරීන් හිතලා වැඩ කරන අය නොවේ. චක්‍රලේඛ දිහා බල බලා ලැබෙන පඩියෙන් ජීවත් වෙන පුද්ගලයන්.

:       0       15

sachith Tuesday, 29 August 2023 03:27 PM

ඔය ඔක්කොම අධ්‍යනය කරලා ඕක පටන් ගන්නේ ඊගාව වැස්සට ජලාශේ සම්පූර්ණයෙන්ම පිරුණට පස්සේ .ඊට පස්සේ ඉතින් වතුර ටික ඔක්කොම අහක් කරලා රොන් මඩ ටික අහක් කරලා නියන් කාලේ වෙනකොට වැඩ ඉවර කරයි

:       0       16

demian Tuesday, 29 August 2023 04:12 PM

ඔය නිලධාරීන් කියන පුටු රත්කරන පරපුට්ටන්ට දැන්ද මත වෙලා තියෙන්නේ වැවේ රොන්මඩ අයින් කරන්න ඕනේ කියල. ඇයි සැලැස්මක් හදල තියාගන්න බැරිවුනේ පෑවිල්ල ආවම අයින් කරන්න. දැන් ඕක කොන්ත්‍රාත් දීල පටන් ගන්නේ ලබන අවුරුද්දේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 849 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 127 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 313 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 459 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2147 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4181 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site