(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
උණ්ඩ තොගයක් අත්බෝම්බ සහ යුධ හමුදා නිල ඇඳුම් කට්ටල රැසක් වැලිසර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සඟවාගෙන සිටි බව කියන යුදහමුදාවෙ හිටපු කපිතාන්වරයෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරෙදා( 20)වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු කපිතාන්වරයා සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 4380 සහ කොකේන් මිල ග්‍රෑම් 5620 තිබී පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු කපිතාන්වරයා 34 හැවිරිදි වියේ පසුවන අයෙකි.
මිලිමීටර් නවය වර්ගයේ උණ්ඩ 285 ක්, මිලිමීටර් 16 වර්ගයේ ජීව උණ්ඩ 16, ටී 56 උණ්ඩ දෙකක් , අත්බෝම්බ හතරක් සහ යුද හමුදා නිල ඇඳුම් කලිසම් හයක් සහ යුද හමුදා ටී ෂර්ට් තුනක් සැකකාර හිටපු කපිතාන්වරයා ගේ නිවස සෝදිසි කර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එම නිවස සෝදිසි කර මේවා හොයා ගත් බවඑම බළකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු කපිතාන්වරයා මේවා සමග වැඩිදුර පරීක්ෂණ සඳහා මහබාගේ පොලිසියට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
උණ්ඩ, බෝම්බ, හමුදා ඇඳුම් සමග හිටපු කපිතාන් මාට්ටු
Bunny Preena Friday, 21 July 2023 09:33 AM
කියන්න කනගාටුයි .සමහර පුද්ගලයින්ගේ අසික්කිත ක්‍රියා කලාපයන් නිසා සේවය කල ආයතනයට සහ නිලතලවලටත් සිදුවන අවමානය අවංකව බොහොම භක්තියෙන් රාජකාරිය කරන අයගේ චිත්ත ධෛර්යට කරන ලොකුම ලොකු හානියක්