IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


උණුසුමෙන් විනාඩි 40කට පසු පාර්ලිමේන්තුව රැස් වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සභා ගර්භයේ කටයුතු විද්‍යුත් උපකරණ භාවිතා කරමින් කරමින් වීඩියෝගත කිරීම හා සමාජ මාධ්‍ය වලට නිකුත්  කිරීම නො නොකළ යුතු බවද  මීට පසුව එවැනි දේ කළොත් ඔවුන්ට විරුද්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව යළි ඇරඹීමෙන් පසු පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

පාර්ලිමේන්තුව විනාඩි පහකට කල් තබන බව කතානායකවරයා කලින් නිවේදනය කළ ද සභාව ආරම්භ කරනු ලැබූයේ විනාඩි 40 ක ට පසුවයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

ඔබතුමා අනුමත කරන ලද ප්‍රශ්නයක් විපක්ෂ නායක  අසමින් සිටින අවස්ථාවේ ආණ්ඩු පක්ෂ හමුදාවක් ඇවිත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නය ඇදගෙන ගියා. එහි වටිනා ලියකියවිලි තිබුණා.

ඔබතුමා  සීසීටීවී කැමරා බලා අවශ්‍ය පියවර ගන්න.ඔබතුමා අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමාට දඬුවමක් දුන්නා. ඒ හා සමාන දඬුවමක් දෙන්න.මගේ අවුරුදු 35ක පාර්ලිමේන්තු ජීවිතයේ මෙවැනි වැඩක් දැකලා දැකලා නැහැ. ඉතාම නින්දිතයි.

විපක්ෂ නායක තුමාට හිරිහැර කරපු අයට දඬුවම් දෙන්න.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:- 

ඒ ගැන පරීක්ෂණයක් අප කරනවා .ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහාය දුන්නේ නැත්නම් සභාව පවත්වාගෙන යන්න බැහැ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:-

කතානායක  අනුමත කළ ප්‍රශ්නයක් අහන්නට අවසරය නැද්ද?මගේ අතේ තිබුණු ප්‍රශ්නය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැමිණ උදුරා ගන්නට අයිතියක් තිබෙනවාද? එවැනි මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නේ නැතිද?

කතානායක:-

ඒ සම්බන්ධයෙන් අප අවශ්‍ය පියවර ගන්නවා.

විපක්ෂ නායක:-

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මගේ ප්‍රශ්නය උතුරාගෙන ගියා.අග්‍රාමාත්‍යවරයාත් බලාගෙන ඉද්දි  මේ දේවල් සිදුවුණා.



අදහස් (2)

උණුසුමෙන් විනාඩි 40කට පසු පාර්ලිමේන්තුව රැස් වෙයි

Aravinda Monarawila Tuesday, 21 November 2023 01:45 PM

අයියෝ රටේ සල්ලි...!

:       0       0

Bamunuarachchi Tuesday, 21 November 2023 07:16 PM

පාර්ලිමේන්තුව තුල සිදුවන දේවල් දැන ගැනීමට ජනතාවට අයිතියක් නැද්ද? ඇත්ත ඇති සැටියෙන් ජනතාව දකින්නේ මෙම වීඩියෝ දර්ශන වලින්. එමනිසා ඒ දර්ශන නවත්තන්න එපා. එංගලන්ත පාර්ලිමේන්තුවේ සිදුවීම් එරට ජනතාව දකිනවා නම් ඇයි අපිට දකින්න බැරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 180 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 20 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 561 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 266 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 722 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1616 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39621 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25778 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site