IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


උතුරු නැගෙනහිර බලශක්තිය සිංගප්පූරුවට යවන්න සාකච්ඡා

(අංජුල මහික වීරරත්න)

සිංගප්පූරුව සමඟ ඇතිකරගත් ගිවිසුම් හා සාකච්ඡා වල ප්‍රගතිය අදාල විෂය බාර අමාත්‍යවරුන් වෙත පවරන තෙක් එම කටයුතු ඉදිරියට ගෙනයාම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත පැවරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය  කර තිබේ.

උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට නියමිත සුළං සහ සූර්ය බලශක්ති නිෂ්පාදන නවීන් තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් සිංගප්පූරුවට යැවීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු සංචාරයේදී සාකච්ඡා සිදුව ඇත.

ජනාධිපතිවරයා සිංගප්පුරුවේදී කළ සාකච්ඡා වලට අදාල කටයුතු ඊට සම්බන්ධ අමාත්‍යාංශ වෙත පවරන තෙක් ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යාමට තීරණය ගෙන තිබේ. 

සුළං සහ සූර්ය විදුලිය නිෂ්පාදනය කර දෙරට අතර හුවමාරු කර ගන්නා ආකාරය ගැන ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතය.

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු ද පරිසර අමාත්‍යාංශය වෙත පවරන තෙක්  ජනාධිපති කාර්යාලය මගින් ඉදිරියට ගෙන යනු ඇත. ආරම්භ කිරීමට යෝජිත සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙද ගිවිසුම ගැන මෙන්ම ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ගැන කටයුතුද එ් අයුරින් සිදුවීමට නියමිතය.

නිපුණාතවය සහිත හෙදියන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශිල්පීන් ශ්‍රමිකයන් ලෙස එරටට යැවීම  ගැනද ජනපති සිංගප්පූරු සංචාරය අතරතුර සාකච්ඡා කළ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයන්ට සිංගප්පුරුවේ  විශාල ඉල්ලුමක් පවතින බවද සාකච්ඡාවලදී හෙලිව තිබේ. 

එම කටයුතු ද විදේශ රැකියා අමාතයාංශය වෙත පවරන තෙක් ජනාධිපති  කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් ඉදිරියට ක්‍රියාත්මක වේ.

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකා යන දෙපාර්ශවයම මෙම කටයුත්තට එකඟ වී ඇති අතර සිංගප්පූරු රජයේ ප්‍රධානීන් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඉදිරියේදී හමුවී ඉදිරි කටයුතු තීන්දු කිරීමට නියමිතය.



අදහස් (8)

උතුරු නැගෙනහිර බලශක්තිය සිංගප්පූරුවට යවන්න සාකච්ඡා

Sethuhami Saturday, 26 August 2023 10:52 PM

ඡන්දෙ කිට්ටු වෙන්නයි යන්නේ... තව තව ඒවා කියයි.

:       3       14

විජිත් Sunday, 27 August 2023 06:56 AM

මේකා අමු පිස්සෙක්...!!! කසාගන්න නියපොත්තක්වත් නැහැ... හැබැයි කතාව නම් මහා ජාතියෙන්. මුළු රටම බල ශක්ති අර්බුදයක ගිලිලා... නමුත් කතාව බලශක්තිය රට පටවන්න....

:       4       19

Pradeep KumaraSunday, 27 August 2023 01:05 PM

ඕවට හුරේ දාන මී හරක් ටිකකුත් රටේ ඉන්නවානේ...!

:       3       16

Dinesh Sunday, 27 August 2023 10:55 AM

මේ වගේ මජරයෙක්...! තමන් පාලනය කරන රටට තවමත් විදුලිය දෙන්න බැරුව, සිංගප්පූරුවට විදුලිය දෙන්න කතාව...

:       2       17

සල්ලි Monday, 28 August 2023 07:34 AM

පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ගේනවා කීවා, කෝ ගෙනාවාද ?

:       0       0

Rohana Monday, 28 August 2023 07:59 AM

යමක් කිරීමට පෙර පම්පෝරිගහන්නෙ ඒක කෙරෙන වැඩක් නොවන බවත් ලගදී ඡන්දයක් එන බවත් සිතට ගතයුතුය. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නෙ නිකම්ම නොවෙයි.

:       0       0

පූර්ණ Monday, 28 August 2023 11:09 AM

මේ රටේ එවුන්ගෙ කටමැත දෙඩවිල්ල විතරයි.. මහවැලිය හදනකොට මොනවද කිව්වෙ.. අන්තිමට ඉන්දියාවට දෙනව තියා රටේ විදුලි අවශ්‍යතාවයවත් පිරිමහගන්ඩ පුළුවන්ද. එදා වේල, ඒ මොහොත විතරක් දකින මිනිස්සු. පම්පෝරි කාරයින්ටමනෙ මිනිස්සුත් කැමති.

:       0       0

Bamunuarachchi Tuesday, 29 August 2023 04:09 PM

ලොක්කා ඇයි ෆොක්වාගන් කොම්පැනියේ කාර් ටිකත් යවන්න පුළුවන් නේද? මෙහෙ අපිට කාර් වැඩි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1084 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1980 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 274 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 888 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8907 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3205 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1373 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site