(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ විහාරස්ථාන හා පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතීඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (28) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
නීතිඥවරයෙකු වන දර්ශන වේරදුවගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා , වැඩබලන පොලිස්පති සී.ඞී.වික්‍රමරත්න, මුලතිව්, උප්පූවේලි සහ ඕමන්ත යන පොලිස් ස්ථාන වල පොලිස් ස්ථානාධිපතිවරුන් , බුද්ධශාසන කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් පී.බී.මණ්ඩාවල සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරු කියා සිටින්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල පිහිටි බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බෞද්ධ උරුමය විදහාපාන පෞරාණික කලාප විනාශ කිරීමේ ක්‍රියාදාමයක් ඉකුත් දින වලදී එම ප්‍රදේශවල සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.මේ පිළිබඳව ජනමාධ්‍ය වලින්ද වාර්තා වේ.
එසේම මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපති අපේක්ෂකයන් වෙත දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් 13 ඇතළත් යෝජනාවලිය මගින් මෙම අනතුර තවදුරටත් තීව්ර වී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර නීතිඥවරයා පෙන්වා දෙන්නේ එම ඉල්ලීම් 13 ක්‍රියාවට නැංවුණහොත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ උරුමයන් බොහොමයක් විනාශ වීමේ අවධානමක් පවතින බවද සඳහන් කර සිටියේය.
ඒ අනුව මෙම පෙත්සම විශේෂ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වග උත්තරකරුවන් වෙත නිකුත් කරන මෙන් ද ඔහු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරු නැගෙනහිර විහාරස්ථානවල පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කරන්නැයි ඉල්ලා පෙත්සමක්