IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


උතුරේ පොලිසියත් නගර පිරිසිදු කරති


(රොමේෂ් මධුෂංඛ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, ජනහිතකාමී සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් උතුරේ පොලිස් නිලධාරීහු ද නගර පිරිසිදු කිරීමට දායක වී සිටිති.
 
වව්නියාව, මන්නාරම හා යාපනය පොලිස් නිලධාරීහු නගරයේ කසළ එක්රැස්වන ස්ථාන පිරිසිදු කිරීමට පියවර ගත්හ.
 
නගර අලංකරණය සඳහා පිරිසිදු කිරීමේ කටයුත්තට යාපනය මහනගරාධිපති එමානුවේල් ආනෝල්ඩ් මහතාද සහය දැක්වීය.
 
පොලිස් නිලධාරීන් නගරයේ වෙළෙන්ඳන්ටද තම ව්‍යාපාරික ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබුණි.
 
නගරය පිරිසිදුව තබාගැනීම සඳහා සහය ලබාදෙන මෙන් පොලීසිය උතුරේ වැසියන්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (13)

උතුරේ පොලිසියත් නගර පිරිසිදු කරති

eresh S kumara Wednesday, 27 November 2019 09:04 AM

උතුර දකුණ කියලා නෑ. ඔක්කොම එකට ඉන්න ඕනේ. ලංකාවම පිරිසිදුව තියන්න ඕනෑ..

:       0       105

sirimal Wednesday, 27 November 2019 09:54 AM

පොලිසියේ රාජකාරිය මේකද? රටේ දැන් වෙන කිසිම අපරාධයක් වෙන්නේ නැතිවා ඇති එහෙනම්... නැවත වතාවක් හමුදාවත් කානු කපන්න, වැලි ගෝනි පටවන්න, එළවලු විකුණන්න එහෙම යොදා ගත්තා නම් නියමයි. මොකද දැන් යුද්ධයකුත් නැහැනේ...?

:       188       123

samiraWednesday, 27 November 2019 12:03 PM

ඇත්තටම මහත්වරුනි, ඔබලාගේ අදහස් කියවීමෙන් මට දැනුණු දෙය මෙහි ලිවීමට නොහැකිවීම ගැන කණගාටුයි. පොලිසිය මේකට මැදිහත් වී පූර්වාදර්ශයක් දීමේ ඇති වරද මොකක්ද? මෙහෙම පටු විවේචන නෙමෙයි, අපි සියලු දෙනාම මේ කාර්යයට මැදිහත් වී අපේ රට පිරිසිදු කරමු.

:       7       143

සේනක Thursday, 28 November 2019 04:06 AM

හමුදාව, පොලිසිය, බුද්ධි අංශය හිරේට දානවට වඩා මේක ගොඩක් හොඳයි මහත්තයෝ...

:       3       38

bandaraThursday, 28 November 2019 04:16 AM

මන්ද බුද්දික අදහස් තියෙන මනුස්සයාගේ ඉගෙනීමේ ප්‍රමාණය හිතා ගන්ට පුළුවන්...

:       7       17

ඉලේපෙරුම Wednesday, 27 November 2019 10:29 AM

ඔය නගර සභාවේ දැනට ඉන්න පවිත්‍රතා කම්කරුවන්ට ඒ අයගේ වැඩ අධීක්ෂණය කරන පිරිසට මාස්පතා පඩි ගෙවන්නේ මොනවා කරනවාටද? ඔය වැඩ ටික කරවා ගන්න තිබුණේ ඒ වෙනුවෙන් මාසිකව වැටුප් ලබන පවිත්‍රතා කම්කරුවන්ගෙන් සහ ඒ අයගේ වැඩ අධීක්ෂණය කරන පිරිසගෙන් නේද?

:       8       7

kapWednesday, 27 November 2019 11:08 AM

මටත් අහන්න තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමයි. වැඩේ කරලා පඩිය ගන්න කෙනා වැඩ නොකර බුදි. සාමය රකින්න ඉන්න කෙනා කුණු අදිනවා.

:       1       10

kcp ferdinando Wednesday, 27 November 2019 10:44 AM

මේවා කරන්න ඕනෑ තමයි... එ්ත් ගෝඨා කිව්වම විතරද පුළුවන්. මේ අය වහල්ලුනේ...

:       65       35

chandima Wednesday, 27 November 2019 11:03 AM

ඔය වාදීන් රටේ ලෙඩ රෝග අඩුවුණාම බෙහෙත් කොම්පැනිකාරයින්ට තමයි වදින්නේ...

:       4       0

sampath Wednesday, 27 November 2019 11:10 AM

මේ වැඩේ ඉතාමත් හොද වැඩක්. මේ සදහා පොලීසිය යොදවන්නේ නැතිව සුළු දඩ ගෙවාගන්න බැරිව ප්‍රජා සේවය ඉල්ලා සිටින අය ඉන්නවා. ඒ අයගෙන් මේ වැඩේ කරගන්නවානම් ඉතා හොදයි. අනෙක නගර සභාවේ කම්කරුවන් නිකම් ඉදන් පඩි ගන්නවා. තව සමාගම් වලටත් පිරිසිදු කිරීම් දීලා තියෙනවා. මේ ගැන ටිකක් හිතලා බැලුවොත් හොදයි.

:       0       10

නෙවිල් Wednesday, 27 November 2019 11:55 AM

ඔව්, සම්පත් මට මතකයි හාල්පොත් තිබුණු කාලේ, සමහර කම්කරුවන් රට ගිහින්. ඒත් නගර සභාවේ නම තියෙනවා. කවුරු හරි පඩිය ගන්නවා.

:       0       1

PRIYANHA Wednesday, 27 November 2019 04:17 PM

මුලින්ම කට්ටිය එකතුවෙලා සුද්ද කරලා පසුව ඒ අයට ක්‍රමානුකූලව පවත්වාගෙන යාමට ඉඩහැරිය යුතුයි.

:       4       20

Bamunuarachchi Friday, 29 November 2019 02:08 AM

මේක නම් හරි සවුත්තු වැඩක්, අපි මොකටද ඒ අයගේ කුණු අදින්නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 149 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 101 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1586 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 83 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1323 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 259 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31683 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23793 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 438 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site