(අංජුල මහික වීරරත්න)
උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක මේ දින වල ව්‍යාප්ත වන ගවයන්ගේ සම මතුපිට ගෙඩි හටගැනීමේ රෝගය බෝ වීමට හේතුව උතුරු පළාතේ සිට ගවයන් එහි රැගෙන ඒම බව පශු සම්පත් නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ.
මින් පෙර උතුරු පළාතේ ව්‍යාප්තව තිබු මෙම රෝග තත්ත්වය මේ වනවිට එම පළාතේ පාලනය වී තිබේ.
උතුරු මැද පළාතේ එම රෝග තත්ත්වයට ලක් වූ ගවයින් උතුරු මැද පළාතට නොගෙනන ලෙස පළාත් පශු අංශ නිලධාරීන් ගොවීන්ට දැනුම් දී තිබුනත් උතුරු මැද පළාතේ ගොවීන් එම උපදෙස් නොසලකා හැර කටයුතු කිරීම නිසා මෙම රෝග තත්ත්වය එම පළාතේ ව්‍යාප්තවීමට හේතු වූ බව පශු අංශ කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
දැනට උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ව්‍යාප්ත වී තිබෙන ගවයින්ගේ සම මතුපිට ගෙඩි හට ගැනීමේ රෝගය හෙවත් ගව Lumpy Skin Disease රෝගය පාලනය සඳහා ගෙන ඇති පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු අංශය බාර නිලධාරින්ගෙන් කරුණු විමසීය.
එමෙන්ම මෙම රෝග තත්ත්වය වර්ධනය වීමට හා ව්‍යාප්ත වීමට හේතුව ගවයින් අතර පවතින සමීප සම්බන්ධතාවය Direct Contact ඉහළ යාම නිසා බව පශු අංශ පවසයි.
තණකොළ කෑම සඳහා සතුන් වැව් පිටිවලට හා කුඹුරුවලට නිදහස් කිරීම වැනි හේතුන් නිසා සතුන් අතර සමීප සම්බන්ධතාවය ඉහළ යාම මෙම රෝගය ව්‍යාප්තියට ප්‍රබල ලෙස බලපාන බව අනාවරණය වී ඇත.
Capripox නැමැති වෛරසය හේතුවෙන් මෙම රෝගය හට ගන්නා අතර කිණිතුල්ලන්, මැක්කන් හා ලේ උරාබොන වෙනත් කුඩා සතුන් නිසා සතුන් අතර ඉක්මනින් මෙම වෛරස රෝගය පැතිරීමට හැකියාව තිබේ.
මෙම රෝග තත්ත්වයෙන් ගවයින්ගේ හට ගන්නා මානසික ව්‍යාකුලතාවය නිසා එම සතුන්ගේ කිරි නිපදවීමේ හැකියාව අඩාල වේ.
මෙම රෝගය සති දෙකක් වැනි කාලයකදී සුවපත් වන අතර ගවයින් මියයාමට ඇති ඉඩකඩ බොහෝ අල්පය. නමුත් කිරි නිෂ්පාදනයේ අඩාල වීමක් සිදු වන බැවින් රෝගී තත්ත්වයට ලක් වූ සතුන් අනෙකුත් නිරෝගී සතුන්ගෙන් වෙන් කර තබා ගැනීමට හැකි නම් බොහෝ දුරට මෙම රෝගය ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බව කෘෂිකර්ම පශු සම්පත් නිලධාරීහු පවසති.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
උතුරු මැද ගව රෝගයට හේතු සොයා ගනියි
aravinda Monarawila Monday, 24 April 2023 11:22 AM
හරක් ටිකක් රට පාලනය කරන එකයි එකම හේතුව...