(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බටයකින් ඇන පුද්ගලයෙකුට බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නමැත්තා ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා අද (10) නියෝග කළේය.
මායිම් බිත්තියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර හට ගත් ආරවුලක් හේතූවෙන් සැකකාර උදයංග වීරතුංග නමැත්තා විසින් ප්ලාස්ටික් බටයකින් අසල්වැසි නිවසේ පදිංචි ලියනගේ දොන් චන්ද්‍රසිරි නමැත්තාට ඇන ඇතැයි කියමින් මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතියය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ් මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් සැකකාර උදයංග වීරතුංග නැමැත්තා සහ පැමිණිලිකාර ලියනගේ දොන් චන්ද්‍රසිරි නමැත්තා නුගේගොඩ, තලපත්පිටිය, කනත්ත පාරේ එකිනෙක ආසන්න නිවාස දෙකක පදිංචිකරුවන් බව දැනුම් දුන්හ.
පහර කෑමට ලක්වු චන්ද්‍රසිරි නමැත්තා විසින් බඳින ලද මායිම් බිත්තියක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර හට ගත් ආරවුලක් සම්බන්ධයෙන් පසුගිය 06 වැනිදා මිරිහාන මූලස්ථාන පොලිසියේ. විවිධ පැමිණිලි අංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ බවත් දෙපාර්ශවය කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ටේ නගර සභාවේ අවධානය යොමු කළ බවත් දැනුම් දුන් පොලිස් නිලධාරීන් එකඟතාවයක් ලබාගෙන මායිම් බිත්තිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස දෙපාර්ශවයට දැනුම් දී තිබු බවත් දැනුම් දුන්හ.
එසේ තිබියදී සැකකරු ඊයේ (09) පෙදෙරේරුවන් ගෙන්වා මායිම් බිත්තිය කඩා සංවර්ධනය කිරීමට යෑමේදී පැමිණිලිකරු නීතිඥ උපදෙස් මත බැල්කනියේ සිට එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇතැයිද එසේ සිටියදී සැකකරු මුලින් ගලකින් පහර දී ඇතත් එහි ඉලක්කය වැරදි ගොස් ඇතැයිද පසුව ඔහු අඩි 12 ක් පමණ දිග ප්ලාස්ටික් බටයක් ගෙන ඉන් පැමිණිලිකරුට ඇන ඇතැයිද දැනුම් දුන් පොලිසිය එම පහරින් පුද්ගලයාගේ වම් ඇසට යටින් විශාල තුවාලයක් වී ඇතැයිද දැනුම් දුන්හ.
එම තුවාලයට මැහුම් පහක් යොදා ඇතැයිද තුවාලකරු මේ වන විට ජයවර්ධනපුර රෝහලේ 11 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ යැයිද දැනුම් දුන් පොලිසිය පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීම, සාපරාදී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවද දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින වාර්තා කිරීමට පොලිසියට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් මිරිහාන මූලස්ථාන පොලිසිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.වි. කුලරත්න බණ්ඩාර, සැරයන් 7481 කීර්ති යන නිලධාරීන් පෙනී සිටියහ
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උදයංග වීරතුංග රිමාන්ඩ්
Madusankha Friday, 10 January 2025 06:38 PM
කාලය රන් හා සමාන නම් පැමිණිල්ලක් ලැබුණාම එතැනට ගොස් විමර්ශනයක් කරලා වාර්තාව සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න බැරිද? තාක්ෂණය දියුණුව පවතින මේ කාලයේ කට වචනයෙන් ගන්නා ශාක්ෂි මුද්‍රණය කර ගන්න පුළුවන් එම ස්ථානයේ ඡායාරූප ගන්න පුළුවන්. කාලයත් ඉතිරි වෙනවා රිමාන්ඩ් කළ අය පෝශණය කරන්න යන වියදමත් ඉතිරිවෙනවා... අදහස වැරැදි නම් පැහැදිලි කරන්න...
පිටිගල මිලානෝ Friday, 10 January 2025 06:40 PM
අනිත් නෑයෝ ළඟම එනවා…. එතකන් අල්ලගෙන ඉන්න. ගුඩ් ලක්...!
fairoos Saturday, 11 January 2025 10:57 AM
මිග් යානා ගනුදෙනු නඩුව නිදහස්ද?
වෑල්ඩින් ආචාරියා Saturday, 11 January 2025 12:10 PM
කප්පම් ගන්න ගිහින් මාට්‍ටු වෙච්ච මාලිමා ආචාරියයි කසිප්පු කාරයයි ගන්නේ කවද්ද? සතොස හාල් ටෙන්ඩර් 4 ම කැන්සල් කරගෙන හාල්වලින් කිලෝ එකකින් රුපියල් 40 ගානේ මාටියා ගහලා හාල් ටොන් 70,000කින් කෝටි 280ක් මාටියා ගහන ඇමතියා ගන්නේ කවද්ද? හිටපු අය නෙමේ මොවුන් තමයි හොරු...
ජිල්බු Saturday, 11 January 2025 01:24 PM
මෙච්චර විස්තර තියාගෙන නඩු දැම්මොත් දිනුම් තමයි. දාන්න නඩුවක් බලන්නත් එක්ක.