(සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් රුපියල් 2500ක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කලුතර දකුණ , හොලික්‍රෝස් වටරවුම අසලදී ආදායම් බලපත්‍රය කල් ඉකුත්වීම නිසා අත්අඩංගුවට ගත් යතුරුපැදි කරුවකුගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා සිට ඇති බවත් , අද දහවල් පොලිසිය තුළදී රුපියල් 2500 ක් ලබා ගනිද්දී උප පොලිස් පරීක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාට විශ්‍රාම යාමට ඇත්තේ තවත තෙමසක් බව ද දැන ගන්නට ඇත.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උප පොලිස් පරික්ෂක අල්ලස් දැලේ
ranjan Friday, 15 October 2021 06:36 PM
2500.., අපෝ මහ හොරකමක් නේද? මේ රටේ මීට වඩා මහජන දේපල හොරකම්...
Sujeewa Friday, 15 October 2021 08:41 PM
මෝඩ කතා නොකියන්න. වරදේ විශාලත්වය බලන්න එපා. තරාතිරම නොබලා මොන වරදත් වරද ලෙස දකින්න.
Raveendra Friday, 15 October 2021 08:55 PM
මේ නම් සදහන් වෙලා නැහැනේ. අපරාදේ වටිනා මිලකළ නොහැකි නිල ඇදුම ....
සමිත සේනක අලුත්ගමගේ. Friday, 15 October 2021 09:34 PM
වරදට දඬුවම් තිබිය යුතුයි. ඒත්, අලියා යන තැන් වහන්නේ නැහැ. ඒවා එහෙමමයි. ඒත්, කූඹියා යන තැන් තමයි කොයි වෙලේත් වහන්න දඟලන්නේ. අලි ජොලියේ .. කුඹින්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ උපරිම මට්ටමින්. හුරේ.. සැමට සාධාරණ නීතිය..
Pamalka Friday, 15 October 2021 10:42 PM
පොලීසිය දූෂිත ආයතනයක් වෙලා... මහජනයාට සේවය කරන්න හරියට...
Perera Saturday, 16 October 2021 02:26 AM
ලක්ෂ තුන් හාරසීයක් ගත්තනම් නීතිපති චෝදනා ඉල්ලා අස් කරගන්නවා
දාස Saturday, 16 October 2021 06:46 AM
වැඩේ වැරදියි, හැබැයි දුක නැව් ගිලපු අය සුදුඇඳුම දාගෙන, උපාසක අප්පුලා වගේ දියවන්නාවේ හොර ගුහාවේ සැප ගන්න එක ගැනයි.
KUKUL Jastin Arachchikattuwa. Saturday, 16 October 2021 11:28 AM
ලෝකයාම මේ තත්වයට පත්වෙලා තියෙන්නේ.., මේ වගේ දේවල් නිසා.. මෙතන හොරාකෑමේ ලොකුකුඩා භේදයක් නෑ. ජීවත් වූ කාලයම සිහිපත් වෙන්න. ලැබෙන දඬුවමම ප්‍රමාණවත් වේවිද කියලා සැක හිතෙයි...
saman Saturday, 16 October 2021 11:49 AM
වරද ලොකු කුඩා කියලා නෑ... දඬුවම් දිය යුතුය. ඒ වුණාට අද දේශපාලන හොරුන් දේශපාලනයෙන්ම නිදහස් කරගන්න තත්වයක් රටේ තමන්ට පක්ෂපාත හිරේ ඉන්න අයත් එළියට ගන්න නීතියක් නැති රටක් වෙලා...