IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


උප ලුතිනන්වරිය නොකළ වරදකට ජීවිතය පුදලා?

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

නොකළ වරදක් බාර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයකුගේ බලපෑමකට ලක්වීීීීමෙන් සිත්තැවුලට පත්ව සිටි බව කියන උප ලුතිනන්වරිියක අද මහනුවර සිට කොළඹ බලා ධාවනය වු අන්තර් නගර සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මරණයට පත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව මීරිගම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ යුද හමුදා කඳවුරක සේවයේ නියුතුව සිටි මීරිගම ලින්දර පමුණුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරීයක වූ ගමරාළලාගේ නිෂ්මි හසාරා ගමගේ නමැති 23 හැවිරිදි අවිවාහක තරුණියකි.

මියගිය තරුණිය දෙවසරකට ඉහතදී යුද හමුදාවේ උප ලුතිනන් වරියක ලෙස සේවයට එක්ව ඇතැයි ද ඉකුත් 29දින නිවාඩු ලබා නිවසට පැමිණි ඇයට පසුදිනම පරීක්ෂණයක් සඳහා දියතලාව කඳවුරට කැඳවා ඇති අතර පසුව වෙනත් දිනයක් ලබා දී ඇති බවද මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

ඒ අනුව ඇය 4;දා හිඟුරක්ගොඩ කඳවුරට ගොස් නිල ඇඳුම් ලබාගෙන පසුදින දියතලාව කඳවුරේදී අදාළ පරීක්ෂණයට පෙනී සිට ඇත. එදින රාත්‍රියේ ම ගනේමුල්ල වෙසෙන සිය සොහොයුරාගේ නිවසට පැමිණිිඇය පසුව නිවසට පැමිණ සිටියදී ඊයේ 7 උදේ මෙසේ දුම්රියේ ගැටිමෙන් දෙපා ඉන ප්‍රදේශයෙන්ම වෙන් වී බරපතළ තුවාල ලබා මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි .

උපලුතිනන්වරියගේ දේහයේ ශරීර කොටස් මීරිගම දුම්රිය ස්ථානයේ තිබියදී පරීක්ෂාවට ලක් කළ මීරිගම හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා එහිදී මියගිය අයගේ මව වන කේ.ටී. මානෙල් ශ්‍රියාලතා 56 මහත්මියගේ සාක්කි සටහන් කර ගැනීමේදී ඇය මෙසේ පැවසුවාය .

දියණිය නිවාඩු ආ දවසේම රාත්‍රීයේ පරීක්ෂණයක් සඳහා දියතලාවට එන්න කියා පණිවිඩයක් ලැබුණා. ඇය එහාට මෙහාට කතා කිරීමෙන් පස්සේ ඒ සඳහා වෙනත් දිනයක් ලැබුණා. දියණිය පසුගිය දෙසැම්බර් වලදී වැඩිදුර පුහුණුවක් සඳහා හම්බන්තොට ප්‍රදේශයට ගොස් සිටිය දී කඳවුරේ පැවති බඩු ගණන් ගැනීමේ පරීක්ෂණයක් සඳහා ඇය සහභාගි වූ බවට චෝදනා කර තිබුණා . ඇය කිව්වේ එම පරීක්ෂණයට තමන් සහභාගි නොවූ බවයි .

ඒ අනුව ඇය පසුව දියතලාව කඳවුරේ පරීක්ෂණයට පෙනී සිටියා. එය එහි එහි සිට මට කතා කර පැවසුවේ අදාළ ලේඛනයේ ඇති අස්සන තමාගේ නොවන බවයි.

ඒ බවට ඇය ලිපියක් දුන් බවද පැවසුවා. අස්සන තමන්ගේ බවට පිළිගන්නා ලෙසට එහි කපිතන් වරයෙකු බලපෑම් කළ බව ද ඇය සඳහන් කළා.

නිවසට පැමිණි පසු ඇය මිතුරියක හා කළ කතාබහේ දී පරීක්ෂණ මණ්ඩලයේ සිටි නියෝජ්‍ය අණදෙන නිලධාරීවරයෙකු ඉතාමත් අසභ්‍ය ආකාරයට ඇයට බැන වැදී ඇති බව මට දැන ගන්න ලැබුණා.

එසේ තිබිය දී ඇය අද දින යළි රාජකාරි වාර්තා කිරීමට නියමිතව තිබුණා නැවතත් ඇයට අද දියතලාවට පැමිණෙන්නට දැනුම්දීමක්ද තිබුණා . දියණිය පැවසුවේ තමන් මෙම වරද නොකළ බව බවද ඇය මෙහිදී පැවසුවාය .

වැඩිදුර පරීක්ෂණ කටයුතු පසුවට කල් තැබූ හදිසි මරණ පරීක්ෂකවරයා දේහය පිළිබඳ පශ්චාත්මරණ පරීක්ෂණය පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙසට වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා නිලධාරිවරයා වෙත නියෝග කළේය .

 



අදහස් (10)

උප ලුතිනන්වරිය නොකළ වරදකට ජීවිතය පුදලා?

Udhuli Saturday, 08 June 2024 07:25 AM

ඔබතුමියට නිවන්සුව ලැබේවා.!... පෝන් අරගෙන දුම්රිය මාර්ගයේ ගමන් කරනකොට පස්ස බලන්න. නැත්නම් කෝච්චිය පිටිපස්සෙන් ඇවිත් හප්පනවා..!

:       0       4

ජයනාත් Saturday, 08 June 2024 07:43 AM

තමන්ගේ යටත් සේවකයින් මේ විදියට තලා පෙලීම හෙලා දැකිය යුතුයි. තමන්ගේ වරදක් තමන්ට යටත් සේවකයින් පිට පටවා තමන්ගේ තරු බේරා ගැනීම තමයි මේ අරමුණ... මේ නිලධාරීන්ට එරෙහිව හරියට නීතිය ක්‍රියාත්මක කරන්න...

:       1       3

සුපුන් චාමර Saturday, 08 June 2024 07:53 AM

අනුර ජනාධිපති වුණු ගමන් කරන්න ඕනෑ එක වැඩක් තමයි යල්පැන ගිය හමුදා නීති ටික වෙනස් කරන එක... ඉහළ නිලධාරීන් පොඩි මිනිස්සුන්ට සලකන්නේ සත්තුන්ට වගේ. හොරාකෑම අසීමිතයි. වරප්‍රසාද අසීමිතයි.

:       0       2

රංබොඩ Saturday, 08 June 2024 09:41 AM

ලිංගික අතවර වලට අකමැති වූ විට ඉහළ නිළධාරීන් මෙවැනි චෝදනා වලට කාන්තා නිළධාරීන් හසු කරන වගත් ,දිගින් දිගටම හිංසා කරන වගත් මා අසා තිබෙනවා.මෙවැනි නින්දිත ක්‍රියා නතර කිරීමට ගෞරවනීය ඉහළ නිළධාරීන් කටයුත් ක⁣රන්නේ නම් හොඳයි නමුත් ඒවා එසේ වන්නේ නෑ. අධික නිළධාරීවාදය හමුදාව සහ පොලීස්ය තුල තදින්ම ඇති වග අසා , කියවා තියෙනවා.

:       0       26

CHINTHANA Saturday, 08 June 2024 09:44 AM

හමුදාවේ සත්‍ය තත්ත්වය ඔහොමයි. හමුදාවට යනවානම් ජිවිතය ගැන ආසාව අත් හැරලා යන්න ඕනැ..

:       0       20

Sarasi Saturday, 08 June 2024 10:15 AM

පරීක්‍ෂණ හරියටම ක්‍රියාත්මක වුනොත් හොදයි..⁣ ඒ ළමයගේ ආත්මයට සැනසීමක් ලැබෙයි. ඕවයේ හැටි ඔහොම තමා. නොකල වරදකට කියන්නේ කවුරැ හරි වරදක් කරලා තියෙනවා. හොරාට නම් සැනසීමක් කවදාවත් හිමි නොවේවා.

:       0       19

SL Saturday, 08 June 2024 03:02 PM

පවු... නිලධාරියා ගැන සොයා ඔහුට දඬුවම් කළයුතුයි. නිවන් සුව

:       0       25

Rupika Saturday, 08 June 2024 07:42 PM

ඔහොම දේවල් රටට එතරම් හිතකර නොවෙයි කියලා හිතෙනවා... මෙහෙම වුණාම හමුදාවේ සේවය සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවෙන්න පුළුවන් වගකිවයුතු අයගේ අවධානයට යොමුවේවා...!

:       0       17

Perera Sunday, 09 June 2024 02:33 AM

ඔය වායේ ඉහළ නිලධාරීන් ආණ්ඩුවේ දේශපාලකයන්ව රකින ගමන් ඔවුනොවුන්ගේ මඩිය තරකර ගන්න එක තමයි කරන්නේ. දේශපාලුවන් ඔවුන්ව රකිනවා.

:       0       1

Nishan Sunday, 09 June 2024 10:01 PM

T56 අරන් කෙලලා දැම්මා නම් ඉවරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3600 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1295 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2242 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site