IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


උපදෙස් නොතකා චෙල්වනායගම් ගුණ සමරයි

(අමදෝරු අමරජිව)

ඉංගෙයි තමිල්අරසුකච්චි පක්ෂයේ නිර්මාතෘ හා එහි හිටපු නායක දිවංගත එස්.ජේ.වි. චෙල්වනායගම් මහතාගේ 44 ගුණානුස්මරණ වෙනුවෙන් අද (26)  ත්‍රිකුණාමලය තිරුඥාන සම්බන්ධන් වීදියේ චෙල්වනාගයම් පිළිරුවට මල්දම් පලදවා සිහිකිරිමේ උත්සවය පොලිසියේ උපදෙස් නොතකා සිදු කිරීමට  රැස්ව සිටි පිරිස් කටයුතු කළහ

කොවිඩ් 19 වසංගතයත් සමග රාජ්‍ය හා පෞද්ගලික උත්සව රජය සති දෙකකට  නවතා දමා තිබියදි දෙමළ සන්ධාන ක්‍රියාකාරකයින් විසින් මෙම සැමරුම් උත්සවය පැවැත්විමට සුදානම්විම නිසා පොලිසිය එම ස්ථානයට පැමිණ එය නවතා දැමිමට කටයුතු කිරිම මෙයට හේතුවි තිබුණි.

සැමරුම් උත්සවය නොපවත්වන ලෙසට පොලිසිය පැහැදිලි කරද්දිත් චෙල්වනායගම් පිළිරුව පිටුපසින් ඉනිමගක් රැගෙන පැමිණි දෙමළ සන්ධාන ක්‍රියාකාරිකයන් පොලිසිය එය නතර කරන ලෙස පවසද්දිත් බාධා කිරිම මධ්‍යයේ ඉනිමග දිගේ පිළිරුව අසලට ගිය ත්‍රිකුණාමල නගර සභාවේ හිටපු සභාපති හා වත්මන් නගර සභාවේ මන්ත්‍රී කේ.සෙල්වරාජා මහතා පිළිරුවට මල් දමක් පැලදවිය.

අනතුරුව නගර සභාවේ උප සභාපති කේ.කුලරාජ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.තුරෙයිරත්නසිංහම් ,නගර සභා  මන්ත්‍රි ශ්‍රි ස්කන්දරාජා යන මහත්වරු පිළිරුවට පහලින් මල් තැබිමද සිදුවිය.

එම අවස්ථාව වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින් දෙපළට රථවාහනඅංශයේ එක් පොලිස් සැරයන්වරයෙක් මෙම සිහිකිරිම වාර්තා කළහොත් තමන්ට රාජකාරිමය වශයෙන් ගැටලු ඇතිවන බව  පවසා එයට බාධා කිරිමද විශේෂ සිදුවිමක් විය.



අදහස් (6)

උපදෙස් නොතකා චෙල්වනායගම් ගුණ සමරයි

fairoos Monday, 26 April 2021 07:04 AM

එක රටක්, එක නීතියක්... සර් ෆේල්..!!!

:       0       2

BamunuarachchiTuesday, 27 April 2021 01:36 AM

එක රටේ එක නීතියක් තිබුනා 2015 කලින්. එක නැතිකළේ යහපාලක ගොයියෝ. කොල්ලටයි බල්ලටයි ඇමතිකම් දීල රටේ නීති තුන හතර කළා මතක නැද්ද? තම්බිල හෙල්මට් දැම්මේ නැහැ දෙයියෝ ඔලුව පරිස්සම් කරනවයි කියලා. 2015 කලින් යුද්ද ස්මාරක හැදුවද? ඒ කාලේ හිටු කිව්වොත් හිටු තමයි. දැන් එක නීතියක් ගැන කතාකරනවා.

:       2       0

Senevi Monday, 26 April 2021 07:42 AM

එක රටක් නීති හැට හුටාහමාරක්. ඡන්දෙ ඉල්ලනකොට නම් කීවේ ඔහොම වෙන්න දෙනවා කියලා නම් නෙවේ මහත්තයෝ. ලණුව ගිල්ල හැට නම ලක්ෂයට පව්.

:       1       5

jagath Monday, 26 April 2021 08:06 AM

නියමයිනේ... නිකන් දෙමළ චිත්‍රපටියක් වගේනේ...

:       0       2

සෙනෙවිරත්න Monday, 26 April 2021 10:26 AM

ඇයි ඒකට බාධා කලේ? මං දන්නා තරමින් එතුමා 70/77 කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් 65 70 කාලෙ ඇමැති කෙනෙක්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කළ කෙනෙක්, ගරු කරන නායකයෙකුට මල් මාලාවක් වත් පළඳන්න නිදහසක් නැද්ද? බෙදුම්වාදීන්ට ආයුධ දෙන්නේ මේ මෝඩ වැඩවලින්... මොකක්ද මේ රට.. හිනාවෙන්න එපා. දකුණටත් ඔය හැන්දෙන් බෙදන කාලය වැඩි ඈතක නොවේ.

:       1       7

Demuni Uduwara Monday, 26 April 2021 11:29 AM

එය එසේ විය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පෙට්‍රල් නැව් 5ක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි
2024 නොවැම්බර් මස 06 48 0

2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ
2024 නොවැම්බර් මස 06 71 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 නොවැම්බර් මස 06 61 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 45 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 279 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 72 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 16 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site