(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 11 හැවිරිදි ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිනුලි සොහන්සා මහා බි්‍රතාන්‍යයේ ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමට ඇතුළත් වීමට වඩාත් කැපී පෙණෙන සිද්ධියක් බවට පත්ව තිබේ.
ඇය පසුගිය ජූලි මස පැවැති බි්‍රතාන්‍ය ජාතික ජිම්නාස්ටික් තරගාවලියේදී දැක්වූ දස්කම් සමඟ ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමට සුදුසුකම් ලැබූ අතර ඒ අනුව ඇය ලබන ඔක්තෝබර් මස ජර්මනියේදී පැවැත්වෙන ලෝක ජිම්නාස්ටික් තරගාවලියට බි්‍රතාන්‍ය කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ හිටපු දක්‍ෂ ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් වන ගුණරත්න බණ්ඩාර මහතා ඇයගේ පිය වන අතර ගුණරත්න මහතා එංගලන්ත ජිම්නාස්ටික් සමාජයක සහ ඔහුගේම පුහුණු පාසලක ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි.
ජිම්නාස්ටික් ක්‍රීඩාව පිළිබඳව මුලකුරු සිය පියාගෙන් හැදෑරු මිනුලි වයස අවුරුදු 6 සිට එංගලන්ත ජාතික පුහුණුකරුවෙක් යටතේ පුහුණුව ලබන්නීය.
ලන්ඩන් නුවර ජීවත් වන මිනුලි සොහන්සා පවසන්නේ ඇයගේ ඉලක්කය ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම බවයි.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
උපන් බිමට ගෞරවය ගෙනා මිනුලි
Colombo citizen Monday, 07 August 2023 08:16 AM
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගෙ දරුවෙක් මේ වගේ දස්කමක් දක්වපු එක ගැන සංතෝසයි .හැබැයි ඒ දරුවා ශ්‍රී ලාංකික නොවෙයි . බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඉන්දියානු චීන ජාතිකයන් විශාල ප්‍රශ්නයක් ඇමෙරිකාව බ්‍රිතාන්‍ය නියෝජනය කරනවා . ඩන්කන් වයිට් ලා සුසන්තිකා ලා වගේ අය තමයි රටට නියම ගෞරවය ලබා දුන්නෙ .