(මනෝප්‍රිය ගුණසේකර)
”ලෙජන්ඩ් ට්‍රෝෆි” ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට බලපෑම් කළැයි චෝදනා කරමින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකරුවකු වූ අමිත් පටෙල් නමැත්තාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි දීමට අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අත් අඩංගුවට ගැනීමට නියම කරමින් මාතලේ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මේ වනවිට විදේශගතවී සිටින උපුල් තරංග මහතා මාතලේ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවට අනුව අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පතිවරයා, සහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් වළක්වන අතුරු නියෝගයක්ද අභියාචනාධිකරණය වැඩිදුරටත් නිකුත් කළේය.
අභියාචනාධීකරණ විනිසුරුවරුන් වන ලෆාර් තාහීර් සහ පී. කුමාරන්රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාතලේ මහාධිකරණ විනිසුරුවරයා, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා, එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුල් විදානගේ, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත. පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා කරුණු දක්වමින් මුදලට ක්‍රිකට් තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයා කළ පැමිණිල්ලකට අනුව මාතලේ මහාධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන බවත් අවස්ථා දෙකකදී තම සේවාදායකයා අදාළ අධිකරණයේ සාක්ෂි දී ඇති බවත් ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියමිතව ඇති බවත් කීය.
ඇමෙරිකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරඟයකට සහභාගි වීම සඳහා තම සේවාදායකයා විදෙස් ගත වූ බවත් ඊට පෙර ඒ බව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලිඛිතව සහ දුරකථන මගින් දැනුම් දුන් බවත් එසේ තිබියදී පසුගිය දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්ෂි දීමට පෙත්සම්කරු ඉදිරිපත් වී නොමැති බව පවසමින් ඔහුට වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා උසාවියෙන් ඉල්ලීමක් කර ඇතැයිද කී නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා මුදලට තරඟ පාවාදීමේ පැමිණිල්ල කළ පුද්ගලයා වන තම සේවාදායකයා යළි ලංකාවට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියම කර ඇතැයිද දැනුම් දුන්නේය.
තමන් විදේශගතවන බව අදාළ බලධාරීන්ට දැනුම් දී තිබියදී මෙලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කර වරෙන්තු ලබා ගැනීම අසාධාරණ සහ අයුක්ති සහගත යැයි පෙන්වා දුන් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මාතලේ මහාධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්නැයිද අදාළ වරෙන්තුවට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පතිවරයා, සහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් වළක්වන අතුරු නියෝගයක් නනිකුත් කරන්නැයිද ඉල්ලා සිටියේය.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උපුල් තරංගගේ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි