IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


උපස්ථායක,සාත්තු සේවක වෙයි

(සුජිත් හේවාජුලිගේ)

රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත.

මේ අනුව සාත්තු සේවකයන්ගේ නිල ඇඳුමට CAREGIVER යන ලොව පිළිගන්නා නිල ලාංඡනයද ඉදිරියේදී එක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා නිදහස් උපස්ථායකයන්ගේ සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයිද මෙල් මහතා පවසන්නේ මෙම නිල නාමය සහ ලාංඡනය හඳුන්වා දීමෙන් පසු ශ්‍රී ලංකාවේ සාත්තු සේවක සේවිකාවන් ජාත්‍යාන්තරව පිළිගන්නා සේවක කණ්ඩායමක් බවට පත්වන බවයි.

 



අදහස් (14)

උපස්ථායක,සාත්තු සේවක වෙයි

Ahmed (Gulf) Sunday, 19 January 2025 11:53 PM

ලංකාවේ තියෙන දූෂිතම සේවය, මෙයාලා කිසි වැඩක් කරන්නේ නැහැ, රෝගීන්ගෙන් සල්ලි ගන්නවා, හොරකම් කරනවා.

:       0       24

B Amarasinghe Monday, 20 January 2025 04:39 AM

ජාත්‍යන්තරව පිළිගත්තත් මෙහෙ නම් කීයක් හරි නොදී වැඩක් ගන්න හරි අමාරුයි

:       0       21

Perera Monday, 20 January 2025 05:35 AM

ඔය අයගේ සාත්තු සේවය බොහෝ වෙලාවන්වලදී හරිම සවුත්තු සේවයක් විදියට ලැබෙන්නේ

:       0       24

Sriyal Monday, 20 January 2025 06:39 AM

ගැලපෙන සේවා වයවස්ථාවක් අලුතෙන්ම හැදුවෙ නැත්නම් පරණ විදියම තමයි

:       0       12

sakra Monday, 20 January 2025 06:51 AM

ජාත්‍යන්තරව පිළිගන්න තත්වෙට එන්න නම් මොවුන්ගේ විනය , අවංක බව වගේ දේවලුත් ඒ තත්වෙට එන්න ඕන. නැතිව නිල ඇඳුම හා ලේබලය ඇලෙව්වට ඇතුලේ ඉන්නේ පරණ සතාම නම් වැඩක් වෙන්නේ නැහැ.

:       0       19

Chunthana Monday, 20 January 2025 07:25 AM

තනතුරු නාමය පමණක් වෙනස්කර වැඩක් නැහැ ආකල්ප හා ක්‍රියාවන්ද වෙනස්විය යුතුය

:       0       17

Mahesh Monday, 20 January 2025 09:02 AM

නීල ලාංඡනය සහ නාමය හැඳුන්වා දුන්නු පමණින් ජාත්‍යන්තරයට පිළිගන්නේ නැහැ. එයට අදාළ ප්‍රායෝගික පුහුනු දැනුම ලබාගැනීමට ක්‍රියාත්මක විය යුතුයි. රෝහලකට ගිය ගමන් බුලත් විටක් අරගෙන,බීඩියක් බීගෙන ඉන්න කෙනෙක් Caregiver badge එකක් ගහගෙන ඉන්නවා දැක්කම, සුද්දෙක් එහෙම අදෝ මුකයෙන් හිනාවෙනවා. Caregiver badge එක ඉල්ලගෙන රට යනවා එහෙම නෙවෙයි. ඔන්න, මේ දවස්වල හුඟක් අය Caregiver jobs වලට රට යන්නේ. ඒ හින්දා, මෙයාලටත් දැන් තමා badge එක ඔනෑ වෙලා තියෙන්නේ.

:       0       16

දිමුත් Monday, 20 January 2025 10:03 AM

නම වෙනස් වුණාට විතරක් වැඩක් නැහැ. අඩුම තරමේ මිනිස්සුන්ට කාරුණිකව කතා කරන්නවත් ඉගෙනගන්න.

:       0       15

Lalith Monday, 20 January 2025 11:48 AM

දැනට සේවයේ සිටින අය ඔය බැජ් එක ඉස්සරහා ගහගෙන හිටියම හරියටම කිව්වොත් බුදු සරණයි කියල ඉස්සරහ ගහගෙන හොර හරක් පටවපු ලොරිය වගේම තමයි

:       0       5

palitha Monday, 20 January 2025 11:11 AM

සාත්තු නොවෙයි, සවුත්තු සේවක කියලයි... නම වෙනස් කරන්න තිබ්බේ. මොවුන්ට ඕක දෙන්න ඉස්සෙල්ලා කතාකරන්න කියලා දෙන්න.

:       0       5

අරවින්ද මොනරවිල Monday, 20 January 2025 11:26 AM

කොමෙන්ට් දාන මහත්වරුත් තමන්ගේ ආකල්ප වෙනස් කර ගන්න. හැමෝටම බනිනවාට වැඩිය සුහදව හා මිත්‍රශීලිව හැසිරීමෙන් තමන්ගේ කාර්යය පහසුවෙන් කර ගන්න උත්සාහ කරන්න. මොකද රජයේ ආයතනවල සේවය කරන්නේත් ශ්‍රී ලාංකිකයන්ම තමයි. වෙනත් වචනවලින් කියනවා නම් අපේ නෑදෑයින් හො සහෝදර සහෝදරියන්ම තමයි...

:       6       2

Sameera Monday, 20 January 2025 12:17 PM

Nts වලට දාලා මාස 03කවත් පුහුනුවක් දෙන්න වෙයි.

:       0       5

Banda Monday, 20 January 2025 01:31 PM

තනතුරු නාම මොකටද බං. මුං හරියට වැඩ කරනවා නම් හැම රෝහලක්ම ඉදිරිපිට සාත්තු සේවා ආයතන පටන් ගනීවිද? දවසට 2500/- විතර ගෙවල උන්ගෙ කොන්දේසි ඔක්කොටම යටත් වෙලා තමයි ඒවයින් සාත්තු සේවකයන් ගන්න වෙන්නෙ. තනතුරු නම ගන්න කලින් තමන්ගෙ රස්සාව හරියට කරපල්ලා

:       0       4

ඔස්ටින් Monday, 20 January 2025 03:40 PM

බණ්ඩා හරියටම හරි... රෝහලේ සිටිද්දී කරන්නේ පුහුණුව ලැබීම පමණයි විශ්‍රාම ගියාම දවසට රුපියල් 3000/= ක් සමග කෑම බීමත් දෙන්න වෙනවා එහෙම රෝගීන් පහක් දහයක් බලාගන්නවා ඒක තමයි වෙන්නේ (මම ලස්සන කතාවක් කියන්නම් එක් රෝගියෙකුගේ නෑදෑ හෙදියක් සාත්තුවට කෙනෙක් සොයා දීලා තියෙනවා එයා කියනවා මම අහවල් පළාතේ ගෑනි මාව අතහැර ගිහිල්ලා දරුවෝ දෙන්නයි අම්මා, තාත්තා, නංගී හා මල්ලි යැපෙන්නේ මම යවන මුදලින් දිනපතා සල්ලි යවන්නම ඕනෑ.. ඒ නිසා දැන් ඕනෑ කියනවා... දවසට රෝගීන් පහයි මාසෙට දවස් 25 යි නම් ආදායම් බදුත් නැහැනේ... ඔන්න ඔහොමයි වැඩ මම කිව්වේ ජාතිකයේ දුටු දෙයක්) තනතුරු දරණ අය වෙලාවට ආහාර බෙදීම නම් කරනවා පේනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 47 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 421 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 290 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 153 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 701 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 168 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1012 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site