IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


උ‘මැ විභාග පේපර් පිටට යැවූ ගුරුවරියගේ වැඩ තහනම්

(බී.ජී. චතුරංග )

උතුරු මැද පළාතේ පාසල් තුන්වන වාර පරීක්ෂණයේ 6,සහ 7 ශ්‍රේණි වල භූගෝල විද්‍යා, ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර අන්සතු කර, බාහිර සමාජයට මුදා හැරීමේ චෝදනාව මත වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම් කල බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ඇලයාපත්තුව ප්‍රදේශයේ පාසලක සේවය කළ එම ගුරුවරිය ජනවාරි 7 වන දින පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් වැඩ තහනමට ලක් කරන ලදී.

මූලික විමර්ශනයකට යටත්ව රාජකාරියෙන් ඉවත් කර අදාළ මෙම ගුරුවරියගේ වැඩ තහනමට ලක් කළ බව,  කල විමසීමේදී උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතා පැවසීය. 



අදහස් (11)

උ‘මැ විභාග පේපර් පිටට යැවූ ගුරුවරියගේ වැඩ තහනම්

Primon Wednesday, 08 January 2025 11:03 AM

හරිනේ අමාරුව

:       1       28

asiri Wednesday, 08 January 2025 11:17 AM

ඔන්න ළමයින්ට ආදර්ශමත් ගුරුවරු...

:       1       22

හසක Wednesday, 08 January 2025 12:03 PM

රැකියාවෙන් ඉවත් කළ යුතු වැරැද්දක්. නැත්නම් අවම වසර 10 ක් වත් වැටුප් වර්ධක නැතිකරන්න ඕනෑ. විභාගය අවලංගු කිරීමේ අලාභය ගණනය කරලා ඒකත් අයකර ගන්න.

:       1       16

රසික Wednesday, 08 January 2025 12:50 PM

රැකියාවෙන් ඉවත් කළ යුතූ වැරැද්දක් නෙවෙයිද ඔය කර තිබෙන්නේ... දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කරන අය. ආයිත් ඉතින් පාසලක් පැත්තට එන්න දෙන්න එපා. සම්පූර්ණ විශ්‍රාම වැටුප් කප්පාදු කරන්න. ස්ථීරවම රැකියාව අහිමි කරන්න.

:       1       11

සෙනෙවිරත්න Wednesday, 08 January 2025 12:57 PM

අලාභය අයකර ගන්න. ශිෂ්‍යත්ව නඩු තීන්දුව වගේ, ⁣ඒ වගේම සේවය අවසන් කරන්න. එයාට උසාවි ගිහින් රැකියාව ගන්න කියන්න.

:       0       7

ගුණරත්න Wednesday, 08 January 2025 01:14 PM

මට තේරුම් ගන්න බැහැ ඔය සාමාන්‍ය වාර පරීක්‍ෂණ ප්‍රශ්න පත්‍රයක් පිට කරලා මොකක්ද ලැබෙන්නේ? කඩයිම් විභාගයකුත් නෙවෙයි, ඉතින් මොකක්ද මේක පිට කරන්න ඕනෑ වුනේ?

:       2       5

පිටරටවැසියා Wednesday, 08 January 2025 01:21 PM

උපරිම මසක් ඇතුළත විමර්ෂණය කරලා, උපරිම දඩ මුදලක් සමගින්, නැවත රාජ්‍ය සේවයට අනුගතවිය නොහැකි ආකාරයට රැකියාවෙන් නෙරපන්න. මේකත් දැන් ත්‍රස්තවාදයක් වෙලා.

:       0       9

සීලවති Wednesday, 08 January 2025 01:44 PM

නඩු පැවරීමක් කරලා දඬුවම් කිරීමක් සිදුවන්නේ කවදාද? බලවත් කෙනෙක් අල්ලාගෙන මූලික පරීක්ෂණ අවුරුදු ගාණක් ඇදගෙන යන්න පුළුවන්. ඉන් පසුව නීතිපති තව කාලයක් ඇදලා හිඟ පඩියත් සමග වන්දියකට ගිහින් වයස තිබේ නම් උසස් වීමක් සමග නැවත සේවයේ පිහිටු වීමක් ගන්න හැකියාවකුත් ලංකාවේ ඇත. ඔන්න ඕකයි තත්වේ...ෙ

:       0       10

Mohamed Wednesday, 08 January 2025 03:40 PM

ආපහු ගුරු සේවයට පත්වීම් දෙන්න එපා. ප්‍රින්ටින් කොස්ට් එක එයාගෙන්ම ගන්න ඕනේ. වෙන ජොබ් එකක් හොයාගත්තා නම් හරි...

:       0       8

Bunny Preena Thursday, 09 January 2025 09:34 AM

වැඩ තහනම් කරලා හරියන්නේ නෑ... රුපියල් මිලියනක දඩයක් ගහලා සේවයෙන් පහ කරලා සිර දඬුවම් ලබාදිය යුතුයි. රස්සාවල් නැතුව උගත් පුහුණු අය ඕනතරම් ඉන්නවා

:       0       1

Chinthaka Thursday, 09 January 2025 10:03 AM

දැන් දරුවන්ට ඉගෙනීමට කාලයක් නැහැ කියල හිතෙනවා මොකද විභාගයට දින නියම කරනවා ගුරුවරුම මුදලක් සොයාගන්න පේපරේ පුද්ගලික පංතියේ උගන්වා මුදලකුයි හිතවතුන්ගේ පංතිවලට දීල මුදලකුයි සොයා ගන්නවා ඒක ප්‍රශිද්ධ වුනාම විභාගය අවලංගු කරල නැවත නැවත විභාග පවත්වනවා දරුවන්ගේ වයස නතර වෙන්නෙත් නැහැ දරුවො වියපත් වෙනවා මෙහෙම දේවල් කර දරුවන්ගේ අනාගතය කාබාසිනියා කරන එමගින් සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්කළ සියලු දෙනාම විධිමත් විනය පරීක්ෂණයක් නොපමාව පවත්වා සේවයෙන් පහකිරීමට කටයුතු කළ යුතුය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


ට්‍රම්ප් බලයට ඇවිත් දින 100 යි
2025 අප්‍රේල් මස 30 129 0

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක


ඡන්ද පත්‍රිකාව නොලැබුණ අයට තැපෑලෙන් පණිවිඩයක්
2025 අප්‍රේල් මස 30 45 0

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයන් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලවලට පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් ඒවා ලබා ගත හැකි බව තැපැල් දෙපාර


ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන්බඩු සොරාගෙන
2025 අප්‍රේල් මස 30 546 0

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්


ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ
2025 අප්‍රේල් මස 30 160 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.


සෞඛ්‍ය නොතකන දන්සල් අවලංගුයි
2025 අප්‍රේල් මස 30 267 0

වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 188 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 52 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1082 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site