IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


උමාරාට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට එන්න කියයි

(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)

ජාතික ගීය විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අමාත්‍යාංශය හමුවේ  හෙට (3)  පෙනී සිටින ලෙස ඒ සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වන  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන  කණ්ඩායම උමාරා සිංහවංශ ගායන ශිල්පිනියට දැනුම්දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩසටහන් කළමනාකරුවකුගෙන්  අද (2) ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදැයි අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මීට අමතරව මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශයේ   නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්ද  එම විමර්ශන කණ්ඩායම විසින්
අමාත්‍යාංශයට හෙට  (3)  කැඳවනු ලැබ සිටී. ජාතික ගීය ගායනා කළ  ආකාරය සහ එහි තාලය
නිවැරදි දැයි තොරතුරු   දැනගැනීම  සඳහා  ඔහු මෙසේ කැඳවන බවද එම නිලධාරියා කීවේය.

ජාතික ගීය  විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වනු ලබන්නේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( විමර්ශන)ධම්මික මුතුගල මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

ගායන ශිල්පිනිය උමාරා සිංහවංශ මහත්මිය ජතික ගීය මෙසේ විකෘති කර ගායනා කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදීය.

ජාතික ගීය  විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස  අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා   රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී එන්  රංජිත් අශෝක මහතාට  පසුගිය 31 වැනිදා උපදෙස් දුන්නේය. මේ පරීක්ෂණය ආරම්භ කෙරුණේ ඒ අනුවය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද වෙනම විමර්ශනයක් පවත්වයි.



අදහස් (14)

උමාරාට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට එන්න කියයි

de silva Wednesday, 02 August 2023 01:57 PM

ක්‍රිකට් ආයතනයේ කට්ටිය ඕවට එන්න කියන්නේ නැහැ. ඒගොල්ලෝ මේ වගේ කට්ටියට එන්න කියන්නේ ටුවර් යන්න.

:       3       43

SISIRAWednesday, 02 August 2023 05:13 PM

ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් ඇය කණගාටුව ප්‍රකාශ කළයුතු වේ.

:       2       13

wedage Wednesday, 02 August 2023 02:20 PM

නොදැනුවත් කම

:       16       18

Nimal Wednesday, 02 August 2023 02:39 PM

අමාත්‍යාංශ ලේකම් පදවිය පිරිනමන්නද? ජාතික ගීයේ වදන්වත් නොදන්න මේ අයට ගැලපෙන පට්ටමක්... ජාතියට හෙණ ගහලා ගියත් මොකද?

:       6       20

බී අමරසිංහ Wednesday, 02 August 2023 02:50 PM

මෝඩ අභිමානය නම් කෙලින්ම රිමාන්ඩ්...

:       5       24

මැක්ස් Wednesday, 02 August 2023 02:55 PM

මැය විසින් සිදු කර ඇත්තේ ඉතා පැහැදිලිවම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමකි. ඊට දඬුවම් හිමිවිය යුතුයි. මෙවැනි විකෘති කිරීම් හරහා මේ වාගේ අය අපේක්ෂා කරන්නේ බාල ජනප්‍රියත්වයයි. එසේම ජාතිකත්වයට පහර ගැසීමත් දැන් විලාසිතාවක් වෙලානේ. කොහොමත් අරගල නෝනලාට මොන ජාතියක්ද? ජන්මයක්ද?

:       30       32

සොරිසේන Thursday, 03 August 2023 09:04 AM

එන්න එන්න දුවලා එන්න රට ජාතිය බේරගන්න එන්න එන්න දුවලා එන්න

:       0       0

සත්‍ය ගවේෂී.Thursday, 03 August 2023 09:17 AM

උමාරා සිදුකොට ඇත්තේ වරදක්.එහි කිසි විවාදයක් නැත.එහෙත් හැම දේටම මැක්කාගේ න්‍යාය මෙන් අරගලය ඈඳා ගැනීම පොහොට්ටු කුක්කන්ගේ සිරිතයි. දූෂිත පවුල් පාලනයේ නායකයන් පන්නා දමනු ලැබුයේ රටේ පොදු මහජනයා පාරට බැස කළ සටන නිසාය. එසේ නැතිනම් තාමත් දූෂිත පවුල් පාලනය බලයේ සිටී. එදා පැවැති මහජන උද්ඝෝෂණයට කිසිදු දේශපාලන පක්ෂ හෝ පාටක් තිබුණේ නැත.එය රටේ පොදු මහජනයාගේ හඬයි. දූෂිත නායකයන් පැන්නූ වයිරයට ඉඩ ලැබුණු තැන පොහොට්ටු කුක්කන් මුත්‍රා දැමීම සිදු කරයි .ඒ බොළඳ කෑළි වලට මේ රටේ ජනතාව නැවත වරක් රැවටෙන්නේ නැත.

:       0       5

Aravinda Monarawila Wednesday, 02 August 2023 03:03 PM

ඇයි උමාරා විතරක් ?

:       2       22

රනේWednesday, 02 August 2023 06:33 PM

සිංහවංශලත් ගෙන්නන්න.

:       0       0

don Wednesday, 02 August 2023 09:35 PM

එයා ලංකාවේ ගොඩයෝ ඉස්සරහ සුද්දියෙක් වෙන්න ගියා...!

:       0       0

Upula Wednesday, 02 August 2023 10:53 PM

උමාරා වැරැදියට උච්චාරණය කළේ නොදැනුවත්වයි. ආසියාවේ පොප් කලාකරුවන් කී දෙනෙක් කවර් කරන විට ඉංග්‍රීසි ගීත වැරැදි ලෙස උච්චාරණය කරනවාද? මැලේ සම්භවයක් ඇති ගැහැණු ළමයෙකු විසින් වචනයක් වැරැදි ලෙස උච්චාරණය කර ගායනා කරන ලද ගීතයක අනුවර්තනයක් විමර්ශනය කිරීම විහිළුවකි. දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු එය ඊටත් වඩා වෙනස් වනු ඇත. මතකද ජුලියන් බෝලිං ජාත්‍යන්තර උත්සවයකදී ජාතික ගීය ගායනා කළේ එතරම් ශ්‍රී ලාංකික උච්චාරණයකින් නොවේ. ජාතික ගීය සැමට වැදගත් වන්නේ එය ජාතියක් ලෙස ඔවුන්ගේ හවුල් ඉතිහාසය සහ වටිනාකම් පුරවැසියන්ට මතක් කර දෙමින් සමගිය, අනන්‍යතාවය සහ අභිමානයේ සංකේතයක් ලෙස ක්‍රියා කරන බැවිනි. ඔබ ජාතික චතුර ලෙස කතා නොකළත් එය ගායනා කිරීමට කිසිවෙකු බිය නොවිය යුතුයි..

:       0       0

Perera Thursday, 03 August 2023 05:12 AM

අමාත්‍යංශයේ "මාතාවල " හම්බවෙන්නද ,නැත්නම් 'මහතලා "හම්බවෙන්නද එන්න කියනා තියෙන්නේ ?

:       0       0

Asanga Thursday, 03 August 2023 06:54 AM

බොරු පොෂ් වෙන්න ගියාම ඔහොම වෙනවා.මේ උනදැ ඉස්කෝලේ ගිහින් නැතුව ඇති .ඒකයි ප්‍රශ්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්
2024 ඔක්තෝබර් මස 15 9 0

කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප


පානදුර නිවසක මළ සිරුරු දෙකක්
2024 ඔක්තෝබර් මස 15 209 0

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කොටුව -මරදාන අතර දුම්රිය පීලි පැනීමක්
2024 ඔක්තෝබර් මස 15 93 0

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රිය අද (15) උදේ මරදාන හා කොටුව අතර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


දුම්රිය එන්ජිමක ගින්නක්
2024 ඔක්තෝබර් මස 15 207 0

දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 10 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


අද වැස්ස ගැන අනාවැකිය
2024 ඔක්තෝබර් මස 15 396 0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 424 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1426 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site