( ඉපැරණි ලග්ගල නගරයේ පිහිටි විහාරස්ථානයේ බුදු පිළිම ජලයෙන් යට වී ඇති අයුරු)
( ලග්ගල නගරයට පිවිසෙන ප්‍රධාන පාලම ) (ඡායාරූප කාංචන කුමාර ආරියදාස )
( එම ප්‍රධාන පිවිසුම් පාලම වර්තමානයේ ජලයෙන් යට වී ඇති අයුරු )
( ලග්ගල පල්ලේගම මහා විද්‍යාලය එදා පැවති අයුරු සහ වර්තමානයේ ජලයෙන් යටවෙමින් පවතින අයුරු)
( ජලයෙන් යට වී ඇති ලග්ගල නගරය සහ ගම්මාන )
(ඡායාරූප - අමිත් රත්නායකගේ මුහුණු පොතෙනි)
(ඉපැරණි ලග්ගල නගරයේ ඡායාරූපයකි)
මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ ජලය ජල මට්ටම ඉහළ යාමත් සමඟ ඓතිහාසික උරුමයන් රැසක් පවතින ලග්ගල පල්ලේගම නගරය , ඇතුළු ගම්මාන රැසක් මුළුමනින්ම යට වෙමින් පවතී.
ලග්ගල නගරයේ පිහිටි විහාරස්ථානය , බුදුපිළිම , විහාර මන්දිර, මෙන්ම ඉපැරණි ලග්ගල පල්ලේගමට පිවිසෙන ප්‍රධාන පාලමද මේ වන විට ජලයෙන් යටවී හමාරය .
ලග්ගල නගරය හරහා නකල්ස් සංරක්ෂිත වනාන්තරයට පිවිසීමට තිබු ප්‍රධාන මාර්ගයද මේ වන විට මුළුමනින්ම ජලයෙන් යට වී ඇති නිසා මේ දිනයන්හි නකල්ස් සඳහා පිවිසීමට වෙනත් මාර්ගයක් සැකසීමේ කටයුතු කඩිනමින් අරඹා ඇති බව මහවැලි අධිකාරිය පවසයි.
මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ කළුගඟ ජලාශයේ ජල මට්ටම ඉහළ යාමෙන් ඇතැම් ගම්මාන තිබු තැනක් හෝ සොයාගැනීමට නොහැකි අයුරින් ජල මට්ටම අඩි 60 ත් 70ත් අතර ප්‍රමාණයකින් පිරී ඇතැයි මහවැලි නිලධාරීන් පවසයි.
මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන හතරකින් එක් ආසනයක් බවට පත්ව ඇත්තේ ලග්ගල ආසනයයි. ‘රාවණා රජු‘ දෙවියන් ලෙස අදහමින් හේන් ගොවිතැනින් ජීවත්වන ගැමිනයන් පිරිසක් ලග්ගල ජීවත් විම සුවිශේෂීත්වයකි.
රාවණා රජු හා බැඳි පවතින ඓතිහාසිකත්වයක් ලග්ගල සතු බව පුරාවෘත්තීන්හිද සඳහන් වෙයි.
මේ අයුරින් යට වු ගම්මානයන්හි ජිවත් වු ජනතාව ලග්ගල කළුඟග ප්‍රදේශයේ ‘නව ලග්ගල‘ නමින් ඉදි කර ඇති ගම්මානයේ පදිංචි කර ඇති අතර ඉපැරණි ලග්ගල තිබු රාජ්‍ය හා පෞද්ගලික සියළු ආයතනද එම ස්ථානයන්හි ඉදි කිරීමටම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කර තිබේ.
කළුගඟ ජලාශයේ සියලු ඉදිකිරීම් හා නව නගරයේ සියලු ඉදිකිරීම් ලබන ජනවාරි මස 08 වැනිදාට පෙර නිමකිරීම සඳහා සියලු කටයුතු සුදානමින් පවතින බවද මහවැලි අධිකාරීය සඳහන් කළේය.
(කාංචන කුමාර ආරියදාස)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උරුමය යටකරගෙන කළුගඟ ජලාශයේ ජල මට්ටම ඉහළ නගී
max -qatar Sunday, 02 December 2018 07:53 AM
මෙම ව්‍යපෘතිය පටන්ගන්න කොටම දන්නවනේ මේ සියල්ල ජලයෙන් යටවන බව... එහෙනම් ඇයි මේ බුදුපිළිම වහන්සේ ජලයෙන් යටවෙන තුරු බලා සිටියේ...? මේ පිළිම වහන්සේ වෙනත් තැනක ස්ථාපිත කරන්න තිබුණානේ...
vipula Monday, 03 December 2018 04:45 AM
බුදු පිළිම පැරණි රජදවස හැදුවා කියමුකෝ... තට්ටු දෙකේ පන්ති කාමරත් හදලනේ...