IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


උරුමයට එරෙහි වන නිලධාරීන් ගැන තොරතුරු සොයයි

(අංජුල මහික වීරරත්න)

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අම්පාරේ දී  පැවසීය.

එවන් නිලධාරීන් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා  සිටි ජනාධිපතිවරයා එම තොරතුරු තමා වෙත ලබා දෙන  ලෙස  මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන බව ද සඳහන් කළේය.

තමන්ගේ උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,654ක් වෙනුවෙන් සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය වෙනුවෙන් අද (25) පෙරවරුවේ අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි. 



අදහස් (12)

උරුමයට එරෙහි වන නිලධාරීන් ගැන තොරතුරු සොයයි

සෙනෙවිරත්න Tuesday, 25 June 2024 04:52 PM

අවුරුදු හතලිහක් නිදාගෙන ඉඳල මැරෙන්න ඔන්න මෙන්න තියල නැගිටල මෙන්න සේරම කරන්න යනව. තමන්ගෙ උන් ආයකන වලට පුරවල, ඒව නැති කරල,දැන් සුදනො වගේ කතා කරනව. දුප්පත් අයට ඔප්පු දෙන්න කවුරුත් අකමැති නැහැ. ප්‍රශ්නය මේ ඡන්දයක් ලං වෙද්දී ඔව කොරන එකයි.

:       6       17

Achini Tuesday, 25 June 2024 04:55 PM

ඔය දන්නේ අල්ලස් ඡන්දේ ගන්න. කොච්චර දුන්නාත් වැඩක් නැ පරදිනවා.

:       5       16

පිනා Tuesday, 25 June 2024 05:17 PM

එක තමයි ඒවා කොහෙද , මන් මේකෙන් ලක්ෂ 20ක් ඡන්ද ගන්න බලන්නේ , එකට බකට් දාන්න එන්න එපා

:       4       14

පුෂ්පා Tuesday, 25 June 2024 05:35 PM

සමහර නිළධාරීන්ට සැබෑ ප්‍රශ්ණ සමහර විට ඇති. එබැවින් ඔවුන් කියන දේටත් ප්‍රථමයෙන් ඇහුංකන් දෙන්න. අනික ආවාට ගියාට තමන්ගේ බූදලේ වගේ රජයේ ඉඩම් නිකමුන්ට දෙන එක අසාධාරණයි. දුප්පත් උනත් සමහර මිනිසුන්ට ඉඩම් දෙනවිට හොඳින් හොයා බැලීමක් කරන්න ඕනා. සමහර දේශපාලකයෝ තමන්ගේ අනුගාමිකයන්ට විතරක් සලකනවාද බලන්න ඕනා. මම ඉන්න රටේ කවුන්සිල් ඡන්දය තිබෙන අවුරැද්දේ මාස ගනනක සිට කිසිම ටෙන්ඩරයක් පවා නිකුත් කිරීම තහනම්. එමඟින් අයුතු බලපෑමක් ඇති වෙයි කියලා. මේ ටික කලට මිනිසුන් දිව්නුයි කියන්නේ ඇයි කියලා දැන් හොඳින් තේරැම් ගිහින් තියෙන්නෙ. තරහ ගන්න එපා, මට තේරෙන ඇත්ත කිව්වෙ.

:       4       14

රංබොඩ Tuesday, 25 June 2024 05:38 PM

උරුම කිය කියා ඡන්ද බලාගෙන මොන ඉඩම් බෙදනවද දන්නෙ නෑ මෙයා. මොකද ගෙදරින් ගෙනාපුවා නෙවෙයිනෙ. මෙච්චර කාලයක් නොබෙදපුවා දැන් බෙදනව කියන්නෙ ම ගැටලුවක් . ප්‍රශ්නය හඳුනාගෙන වැඩ කරන නිලධාරීන් ට තර්ජනය කරනවා දැන්. මෙයාලා යයි. ප්‍රශ්න ඉතුරු වෙයි

:       6       16

wirasinha Tuesday, 25 June 2024 08:10 PM

මම වසර 12 තිස්සේ වගාකරන වසර 7-8 පැරණි පොල්ගස් සහිත ඉඩමේ බලපත්රේ හදාගන්න දැනට වසර 2 කට පමණ පෙර තංගල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලුම්පත්රේ භාර දුන්නත් ලිපිගොනුව අර මේසෙන් මේ මේසෙට , යවමින් වසරක් ගතකලා ඉන්පස්සේ හම්බන්තොට යැවුවා හම්බන්තොට කර්යලේට තුන් හතරවතාවක් ගියාට පස්සේ මාස 6 කට ප්‍රස්සේ නැවත තංගල්ලේ ප්‍රාදේශීය ලේකම් කර්යලේට යැවුවා , ඉන්පස්සේ නැවත අනුමැතිය ඉල්ලලා ප්‍රදෙශියසභාවට යැවුවා , ප්‍රාදේශීය සභාවෙන් අනුමතවෙලා නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් දැන් මාස 2ක් වෙනවා , නමුත් ඉදිරියට ගන්න ඕනේ පියවරක් ගැන කවුරුවත් පැහැදිලි උතරයක් දෙන්නේ නැහැ . මම මේ වැඩේ කරගන්න දවස් 20 විතර රස්තියදුවෙලා තිබෙනවා , තවම මේ නිලධාරීන් වැඩේ කරන්නේ නැහැ , කවුරු හරි ඉදිරිපත්වෙලා මට සාධාරණයක් කරනවා නම් මම ඔහුට චන්දෙ දෙනවා

:       4       2

SathyapalaWednesday, 26 June 2024 06:28 AM

වීරසිංහ කියන කතාව සහතික ඇත්ත සමහරක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වල (සමහරක් කිව්වට ඔක්කොගෙම තමයි ) වීරසිංහ කියනදේ වෙනවා එම කාර්‍යාල වල සේවයේ යෙදුනු අයෙක් ලෙස දැකල තියෙනවා ජනාධිපති කියනදේත් සත්‍යම තත්වය තමයි ඔය කියන සමහර නිළධාරි වුනත් මාලිමා කල්ලිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් දෙයියන්ගේ මල්ලිගේ පිහිට පතන අය වෙන්නම ඕන කවුරු මොනවා කිව්වත් ඩිස්ලයික් දැම්මත් ළිඳේ ඉන්න ගෙම්බො වටපිටාව නොදකිනවා වගේම දේශපාලන පක්ෂයේ කණ්නාඩියෙන් බැලුවම හරිදේ නොපෙනෙනවා ඇති එහෙම අය කිරෙන් කොතරම් සේදුවත් අගුරු සුදු කරන්න බැහැ වගේ හදන්න බැහැ .ඔවුන් කොතරම් සත්‍ය දේවල් වුනත් දකින්නෙම වරදක් ලෙසම තමයි

:       2       3

de silva Tuesday, 25 June 2024 08:50 PM

අල්ලස් බලාපොරොත්තුවෙන් ජනතාව රස්තියාදු කරන මෙවැනි නිලධාරීන්ට විරුධව ජනතාව පැමිණිලි ඉදිරිපත් කරන්න කොහොමද කියල ප්‍රසිද්ධ කලොත් , කාටත් ප්‍රයෝජනයක් ලැබේවි . ඉඩම් ඔප්පු නොවේ මොන වැඩේ කරන්න ගියත් ලංකාවේ රජයේ නිලධාරී ක්‍රියාත්මක වන ආකාරය ගැන බරපතල ප්‍රශ්න තිබෙනවා .

:       5       6

Bamunuarachchi Tuesday, 25 June 2024 09:16 PM

සිංහලයාට අයිති ඉඩම් දෙමළුන්ට විශේෂයෙන් ගම්බිරිස් හොයාගෙන ආපු හම්බයින්ට බෙදනවාට නිලධාරීන් පමණක් නොවෙයි සිංහල අපිත් විරුද්දයි. උතුර නැගෙනහිර දෙමළුන්ට හම්බයින්ට උඩරට වතු දෙමළුන්ට සිංහල අපේ දරුවන්ට මිනී කනත්ත. 69 ලක්ෂයක් ඝෝටාට චන්දෙ දුන්නේ සිංහලයාගේ භුමිය රැක ගන්න.

:       0       1

de silva Tuesday, 25 June 2024 10:15 PM

ලංකාවේ යම්කිසි දෙයකට අවසර ඉල්ලලා රජයේ කාර්යාලයකට ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කරහම ඒක අනුමත කරන්නේවත් ඒකේ අඩුපාඩු තිබෙනවා නම් ඒවා පෙන්වල දීල ඒක ප්‍රතික්ෂේප කරන්නේවත් නැහැ , ඒ ගැන හෙවුවේ බැලුවේ නැතිනම්, අදාළ නිලධාරියට අල්ලස් දුන්නේ නැතිනම් ,ඒක අවුරුදු ගණනාවක් කාර්යාලයේ මුල්ලක තිබේවි , ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පාලකයෝ මේකට විසදුමක් සොයාගත්ත , නිලධාරියෝ ඉල්ලුම්පත්‍ර සලකා බලන්න ඕනේ අංක පිළිවෙලට , ඉල්ලුම් පත්‍රයක අඩුපාඩු නොමැතිනම් එය සතිදෙකක් තුල අනුමත කරන්න ඕනේ , එහෙම නොමැතිනම් අඩුපාඩු පෙන්වල දීල අයදුම්කරු ලිකිතව දැනුවත් කරන්න ඕනේ , ප්‍රශ්නය විසදන්න තව කල වෙලා අවශ්‍ය නම් ,ප්‍රධානියාට වාර්තාවක් යවන්න ඕනේ , ප්‍රධානියාට යවපු වාර්තාවේ පිටපතක් අයදුම්කරුට යවන්න ඕනේ, එසේ නොකලොත් නිලධාරියට දඩ ගසනු ලැබේ .වසර කිහිපයකට පෙර ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ග නිසා එම ප්‍රාන්තයේ විශාල ආර්ථික ප්‍රගතියක් ලැබු අතර , වුර්තිය සමිති ප්‍රමුක සමජවධි පක්ෂයක පාලනයක් සහිත කේරල ප්‍රාන්තය ආර්ථිකය කඩ වැටි අද රජයේ සේවකයන්ට වැටුප් පවා මස 2-3 ප්‍රමාදවී ගෙවන තත්වයට වැටි ඇත ,

:       0       2

චන්දිම Tuesday, 25 June 2024 10:49 PM

ඉඩම් ඔප්පු දීල චන්දෙත් අරගෙන බැරිවෙලාවත් බලයට ඇවිත් දැන් ඉඩම් ඔප්පු තියෙනවනේ, අපි ගාව ඒවායේ වාර්තා එහෙමත් තියෙනවනේ, දැන් ඉතින් ඕවට බදු ගෙවන්න ලැහැස්ති වෙයල්ල කියලා කිව්වොත් තමයි හරිම පුරස්නේ. දැන් මේ වෙන දේවල් හැටියට මොකුත් හිතා ගන්න බැහැනේ මේ දවස්වල. ඒ නිසා දෙන තරමක් ගන්න කවුරු දුන්නත් ගන්න හැබැයි චන්දෙදි හොඳට කල්පනා කරලා වැඩ කරන්න. කලින් වතාවල වගේ නිකම් දිගින් දිගටම මෝඩයෝ නම් වෙන්න එපා. එචරයි මිනිස්සුන්ට කරන්න තියෙන්නේ.

:       1       4

Rata Perata Wednesday, 26 June 2024 10:45 AM

මේ කරුමය නැති කරන්න ඉදිරිපත් වෙන්න ඕනම රජයේ නිලධාරියකුට ජනතා ප්‍රණාමය හිමි වේවා

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 238 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 341 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 218 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 849 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1472 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4201 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24736 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site