(රෝෂන් තුෂාර)
ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකු ලබන 26 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද (22)නියෝග කළේය.
නරාහේන්පිට දාබරේ මාවතේ පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි උලපනේ සුමංගල හිමි,කොළඹ නාගරික මන්ත්‍රී වරයෙකු හා විදුහල්පතිවරියක මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අධිකරණයට නියෝගයන්ට අවනතව කටයුතු නොකිරීම ඇතුළු කරුණු හේතුවෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ලබන 27 වන දින විභාගයකට මුහුණ දීමට සිදුව තිබෙන බැවින් 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට දන්වා සිටියේය.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උලපනේ හිමි ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්
ඇබිත්තයෙක් Monday, 22 April 2024 04:31 PM
එන්න එන්නම විහාරස්ථානයට හෝ පංසලට යාම එපාවෙමින් තියෙනවා එහෙම කිව්වාම තාපසයින්ගේ අසපුවලට හා මහාපරිමාණයෙන් බෞද්ධ ආරාම ලෙසට විච්චූර්ණව හදන ධනපතින්ගේ ආගමික ස්ථාන වෙතට යන්න නම් කිසිම කැමැත්තක් නැහැ. බුදුහාමුදුරුවෝ සැප පහසු මන්දිර සමග රාජ්‍ය පාලනය අතහැර ගියේ බුදු දහමේ හරය වන ආශාව නැතිකරන්න තමයි. ඒ සමගම කියන්න ඕන වත්මනේ තරුණ පිරිස් පංසලෙන් විහාරයෙන් දුරස්වීමට මෙම භික්ෂූන්ගේ (ගරුකටයුතු හාමුවුරුවන් වහන්සේසේලාට අදාල නැහැ ) නොමනා ක්‍රියාවන් හා හැසිරීමද හේතුවක් වෙනවා. ලංකාවේ බුදුදහම රැකගන්න නම් බන්ධනාගාර ගතවන සියලු චීවරධාරින් උපැවිදි කරන්න ඕනෑ...
නිමල් Monday, 22 April 2024 07:53 PM
මේ රටේ කෝවිඩ් වසංගතය සමග පැමිණි අර්බුද අස්සේ මිනිසුන් පාරට ගෙන ව්‍යවසනයකට පාර කැපුවේ මේ අය ප්‍රමුඛ ජෙප්පොයි, පෙරෙට්ටොයි. අර තට්ට ස්ටාලිනුත් මේ සමගම ගතයුතුයි.
Pubudu Tuesday, 23 April 2024 04:07 AM
මන්ත්‍රී නම් ඡන්ද බලාගෙන කියමු. විදුහල්පතිවරු, ස්වාමින් වහන්සේලා මොකට රිංගනවද පැල්පත් අස්සේ? තනතුරේ, චීවරයේ ගරුත්වය රකින්න ඕනේ ඉස්සෙල්ලාම...