IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඌව ආණ්ඩුකාරයා අවිධිමත් පත්වීම අවලංගු කරයි

(ඡායාරූපය - ප්‍රසන්න පද්මසිරි)


(සටහන - පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පද්මසිරි)

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  ධාවන කළමණාකරු ලෙසට ඌව ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කළ පුද්ගලික කාර්යමණ්ඩලයේ පුද්ගලයෙකුට අවිධිමත් පත්වීමක් ලබාදී ඇතැයි පවසමින්  ඌව පළාත් මාර්ගස්ථ මගී  ප්‍රවාහන අධිකාරියේ සේවකයන් දැක්වූ විරෝධතාවක් නිසා ඌව ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රය  අද  (02)  උණුසුම්විය.

එය ඌව ප්‍රවාහන අධිකාරියේ පත්වීමක් බව අවධාරණය කළ ආණ්ඩුකාර කොල්ලුරේ මහතා කෙසේ නමුත් මෙම පත්වීම අවලංගු කර විධිමත් අයුරින් නියමිත ක්‍රියා පටිපාටිය අනුව සුදුසු අය තෝරා පත්කරන ලෙස මාර්ගස් මගී ප්‍රවාහන අධිකාරියට සභාපතිවරයාට උපදෙස් දුන් බවද සඳහන් කළේය.
 
ආණ්ඩුකාරවරයාගේ මේ තීරණයට අවනත වූ  විරෝධතාකරුවෝ සාමකාමී ලෙස විසිර ගියහ.

එක් සේවකයෙක් නිලධාරියෙකුගේ වාහනය ධාවනය කිරීමට නොහැකිවන සේ අවහිර කරමින් බිම වැතිර  විරෝධතාවට එක්ව සිටියේය. විරෝධතාව පැවති අවස්ථාවේදී, ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයට බදුල්ල පොලිසිය දැඩි රැකවල් යොදා තිබිණි.
 
විරෝධතාකරුවන් පවසා සිටියේ, දැනට සිටින සේවකයන්ට තවත් වැටුප් ගෙවීමට නොහැකි තත්වයකට ඌව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පත්ව ඇති අතර, සේවක අර්ථ සාධක පවා ගෙවීමට නොහැකි  තත්වයක් උද්ගතව ඇති බවයි. තමන් තවමත් ඉතා අඩු වැටුපකට වැඩකරන අතර අවිධිමත් නව පත්වීම්වලට ඉහළ වැටුප්තල පිහිටුවා ඇතැයි ද ඔවුහු කියාසිටියහ.
 
අප කළ විමසුමකදී ආණ්ඩුකාරවරයා පැවසුවේ මෙම පත්වීම පිළිබඳව තමාගේ කිසිම සම්බන්ධයක් නැති බවය.

(ඡායාරූප - පාලිත ආරියවංශ)

(ඡායාරූපය - ප්‍රසන්න පද්මසිරි)

 



අදහස් (0)

ඌව ආණ්ඩුකාරයා අවිධිමත් පත්වීම අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1114 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1994 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 667 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1832 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 948 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4129 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site