IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


ඌව මන්ත්‍රි චාමර රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ඌව පළාත් සභාව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම් හයක මුදල් කල්පිරීමට පෙර  ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පඩුවක් කළැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනුජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු සෙසු නඩු දෙකට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය.

(ඡායාරූපය - සුමුදු හේවාපතිරණ)



අදහස් (30)

ඌව මන්ත්‍රි චාමර රිමාන්ඩ්

Winodya Thursday, 27 March 2025 05:46 PM

ගිනුමක සල්ලි කල්පිරීමට පෙර ගිවිසුම්ගත පොලිය ගෙවන්නේ නැහැ... ගෙවන්නේ සාමාන්‍ය පොලිය පමණයිනේ... එහෙම ගෙව්වා නම් වරද බැංකුවේ මිස චාමරගේ නොවෙයි. අපි එහෙම කියන්නේ අපිටත් එහෙම සාමාන්‍ය පොලිය පමණක් ලැබුණු නිසා තමයි චාමර පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයට කරදර කාරයෙක් කියල‍ා ආණ්ඩුව දන්නවා. තැන්පත්කල මුදලට පොලිය ගෙවන්නේ බැංකුව් උපයන මුදලින් නිසා ආණ්ඩුවට පාඩුවක් වෙන්නේ කොහොමද?

:       93       126

AnudiThursday, 27 March 2025 07:37 PM

අපරාදේ ඔයා මෙතැන කොට කොට ඉන්නේ...? යන්නකෝ නීතිඥ වෘත්තියට. රටට දැනෙන වැඩක් කරන්න පුළුවන්, මේ වගේ අවංක චරිතවත් අයව නිදහස් කරගෙන...

:       3       0

DineshThursday, 27 March 2025 07:49 PM

බැංකුවට පාඩු වුණා කියලා නොවෙයි කියන්නේ, පළාත් සභාවට පාඩු වුණා කියලා. ආණ්ඩුවට කරදරයක් කියලා රිමාන්ඩ් කරන්න නීතියක් නෑ...

:       3       1

RoshanThursday, 27 March 2025 08:29 PM

චෝදනාවලට අනුව, දසනායක මහතා 2016 වසරේ ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ කාලයේදී, ඌව පළාතේ පෙර පාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමේ ව්‍යාපෘතියක් යටතේ රාජ්‍ය බැංකු තුනකින් මුදල් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම මත බැංකු දෙකකින් පිළිවෙලින් රුපියල් ලක්ෂ 10 බැගින් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර, දසනායක මහතා එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ ගිණුමට බැර කරගෙන ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, තෙවන බැංකුවෙන් මුදල් ඉල්ලීම කළ අවස්ථාවේදී එම බැංකුව මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, දසනායක මහතා විසින් ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු එම බැංකුවෙන් ඉවත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනු කර ඇති කරුණුවලට අනුව, මෙම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් සිදුවී ඇත.

:       52       65

Nandana Thursday, 27 March 2025 05:53 PM

වැඩිය දැඟලුවොත් ඇතුලේ...

:       61       129

නංගොන්දනThursday, 27 March 2025 07:03 PM

ඉස්සරනම් ඉතින් මිනීමැරුවත් ජනාධිපති සමාව නේද, සැබෑ වෙනසක්...!

:       119       81

කෞෂි Thursday, 27 March 2025 05:57 PM

මෙතුමාට අනුග්‍රහය දුන්නෑ කියලා රජයේ බැංකු ගිණුම් වහලා පලිගන්නවා. හැබැයි පාඩුව රටට, ජනතාවට. මයිනයි, ගෝලයෝයි රාජ්‍ය තාන්ත්‍රික විදිහට රට කාලා තියෙන්නේ. සාක්කිකාරයින්ට බලපෑම් කරනවා. බ්‍රයිබරි එකට ෆයිල් වහන්න කියනවා වගේ ප්‍රජාතන්ත්‍රවදී වැඩත් කරනවා. මැට්ටනි, අපි ආයේත් හිටපු හොරුන්ව ගේන්න පෙළගැසෙමු.

:       109       82

පිටිගල මිලානෝ Thursday, 27 March 2025 06:03 PM

මේ මනුස්සයාට කන්න දීලා භාණ්ඩාගාරේ හිස්වෙයි.

:       101       80

ඩෝල් බඩා Thursday, 27 March 2025 06:31 PM

ආනේ හරි හුරතල්, බාබි ඩෝල් වගේ...

:       93       54

බටලන්දේ ප්‍රේමවතී Thursday, 27 March 2025 06:35 PM

පාඩුව පොලියත්, දඩයකුත් එක්ක අයකරගෙන, බලපෑම්වලට ලක්වෙච්චි සාක්කිකරුවන්ට මොහුගේ පෞද්ගලික මුදලින් දඩ අයකරලා දීලා සුදුසු සිර දඬුවමක් දුන්නොත් මෙයාගේ සෞඛ්‍යයටත් හොඳයි...

:       89       77

Suneth Thursday, 27 March 2025 06:37 PM

හොරු අදහන රටක කලාතුරකින් ඉටුවන යුක්තිය. මෙතැනින් නවත්වන්න එපා. අපි ඡන්දේ දුන්නේ හොරු අල්ලන්න...!

:       95       89

Suneth Thursday, 27 March 2025 07:50 PM

මෙහෙම හරි මේ මැරයාට දඬුවම් ලැබෙන්න ඕනෑ. මේ ගොල්ලන්ට බලය තියෙන කාලේ මිනිස්සුන්ට තිරිසන් සතෙකුටවත් සලකන්නැති විදිහට සලකපු බලයෙන් මත්වෙච්චි අය. බදුල්ලේ මිනිස්සු ලැජ්ජා වෙන්න ඕනෑ... මේ ඒ අයගේ ජනතා නියෝජිතයෙක් කියන්නත්...

:       5       1

Nihal Thursday, 27 March 2025 07:55 PM

අර අහිංසක ගුරු මහත්මියට කරපු අපහසුයි. රටට කවදාවත්ම අමතක වෙන්නේ නෑ..

:       2       79

ඇන්ඩ්රු සෙබඩවිල Thursday, 27 March 2025 08:17 PM

හොඳ වැඩේ චාමර සම්පත්ට. උණු වතුරත් ඇල් කරලා බොන, හීනෙන් වත් වැරැද්දක් නොකරන අපේ ආණ්ඩුවේ ඇත්තන්ට පාර්ලිමේන්තුව ඇතුලේ පොරි හැලෙන්න දෙනවාට ඔහෙට හොඳ වැඩේ. දැන් ඇප අරගෙන පාර්ලිමේන්තු ඇවිල්ලා පූසා වගේ ඉන්න ඉගෙන ගන්න මීට පස්සේ.

:       38       156

ඇල්වතුර නිවල බීමThursday, 27 March 2025 08:56 PM

මේ වගේ මැටිතුමාලා තමයි උණු වතුර නිවන්නැතිව බීලා කට පුච්චාගෙන අනික් අයට බනින්නේ. ඒකත් අනුන්ගේ වැරැද්ද?

:       61       31

ඇන්ඩෲFriday, 28 March 2025 11:20 AM

සෙබඩියේ කියනකොට කියන්නෙ ඇල්වතුරත් නිවල බොනවා කියල මිස උණුවතුර නිවල බොනවා කියල නොවෙයි උණුවතුර බොනවා නම් උණුවෙන් බොන්න බැරි නිසා නිවලා තමයි බොන්නෙ කියලවත් දන්නෙ නැද්ද

:       1       1

රුවන් Thursday, 27 March 2025 08:27 PM

වඩේ චාමරගෙන් එදාවෙළ ගැටගහගන්න අය ගොඩාක් ඉන්නවා මේ කමෙන්ට් අස්සේ. ඇත්තටම වඩේ චාමරගේ නැගිටීම ගැන ඔබලා දන්නවා ද? කව්ද මේ වඩේ චාමර?

:       48       36

ddsThursday, 27 March 2025 09:10 PM

රුවන්, මිනිස්සු වසලයෝ වෙන්නේ ක්‍රියාවෙන්, කරන රැකියාවෙන්වත්, ආර්ථික, අධ්‍යාපනික මට්ටමෙන්වත් නොවේ කියලා අගය කළයුතු වසල සූත්‍රයේ තියෙන්නේ... නම් සඳහන් නොකළත් අපේ දේශපාලන, විශ්ව විද්‍යාල, ව්‍යාපාරික ක්ෂේත්‍රවල ඕනෑතරම් උදාහරණ තියෙනවා. මෙයා වඩේ විකුණුවත්, නැතත්, ඒක නෙමේ ප්‍රශ්නේ. ඉස්කෝල ළමයින්ව ඉස්සරහට දාලා වංචා කරපු චෝදනාව. අපි බලමු 2050වත් තීන්දුව එයිද කියලා...

:       1       1

අමල් Thursday, 27 March 2025 08:52 PM

හොර ඔප්පුවක් ලියාගෙන බලෙන් රත්මලානේ ඉඩමක් සහ ගොඩනැගිල්ලක් අල්ලාගෙන ඉන්න වපර වසන්ත, මාලිමා ඇමතියා හින්දා, සී. අයි. ඩී . එකට මාස ගණනාවක් තිස්සේ කට උත්තරයක්වත් දෙන්නේ නැතිව නීතියට කෝචෝක් කර කර කට්ටි පනිමින් ඉන්නවා ! එත් මීට සුමාන 2-3 කට කලින් තමයි මේ පාසල් බැග් සිද්ධිය, කිහිල්ලෙන් කජු සුවඳ බලපු , උමා ඔයේ හිලෙන් එලියට ආපු සමන්ත සුවඳරත්න පාර්ලිමේන්තුවේ එලියට ඇද්දේ ! ඒ ටිකට අර ගරු බුරු වටගලයා, චාමරයාව හිරේ දාලත් ඉවරයි ! අපරාදේ ගනේමුල්ලේ සංජීව ගෙන්න තිබුනේ අංක 01 අදිකරණ ශාලාවට. එහෙනම් බලන්න තිබුණා නීතියේ දෙවගන, පණ එපා කියලා දුවන හැටි...!

:       40       161

බයි සිතිවිලිThursday, 27 March 2025 09:17 PM

බයියෙක් මහන්සි වෙලා හෑල්ලක් ලියාගෙන. අනේ කවුරුත් මේක කියවලා අනුකම්පා කරන්න.

:       61       37

ජෙපි ලොන්ඩරිFriday, 28 March 2025 06:48 AM

වැ‍රැද්දක් කරල තියෙනවා නම් දඬුවම් දෙන එක කිසිම ප්‍රශ්ණයක් නෑ. ඒත් ආණ්ඩුවට පක්ශ උන්ට තියෙන චෝදනා වලට කිසිම දඬුවමක් නැතුව විපක්ශෙ උන්ට විතරක් මේ කරන්නෙ මොකද්ද? අනිවාර්යෙන් දේශපාලන පලිගැනීමක්. සුජීව සේනසිංහ කතා කරගෙන ආවා පාර්ලිමේන්තුවේ, ඌව නිකන් බොරුවට වාහනයක් ගැන කියලා නඩුවක් දාලා උගේ පස්සේ එලවනව. දැන් චාමරයා පාර්ලිමේන්තුවේ කතා කරපු නිසා ඌව එලවනව.

:       3       7

අමල්Friday, 28 March 2025 01:17 PM

මට බයි සිතිවිල්ලක් පහළ වෙච්චි වෙලාවක තමයි කොල්ලෝ, ජාතක කළේ...!

:       0       6

Neel Friday, 28 March 2025 04:31 AM

දවසේ බයීයා. නිතරගයෙන් ම....

:       4       1

maalaka Friday, 28 March 2025 05:41 AM

මෙයා ඔච්චර දැඟලුවේ හොර වැඩ හංඟන්න තමයි... වැඩියෙන් රඟනකොට පරිස්සම් වෙන්ඩ...

:       6       1

නිමල් පෙරේරා Friday, 28 March 2025 09:42 AM

චාමර ඔයා කෑගැහුවා වැඩියි, දැන්වත් හරිනි නෝනාලාගෙ හිත රිදෙන කතා නොකියා හොඳ බතලයා වගේ ඉන්න. මාලිමාව ඉස්සර නම් හොරකම් ගැන කතාකළේ බිලියන ගණන් වලින් දැන් ලක්ෂ ගාණට පහලට වැටිලා, අනික බැංකුවක තියෙන සල්ලි ගන්න එක වැරද්දක් වෙන්නෙ කොහොමද? ඒ මුදල් අවභාවිතා කරලා නම් තමයි වැරදි. මුදල් ආයෝජනය කරන ව්‍යාපාරයක් ද පළාත් සභාව කියන්නේ. ජනතා සේවයට ඒ මුදල් යොදවනවා හැර බැංකුවල හිරකරලා තියන්නද ඕන. බැංකුට පාඩු වෙන එක පළාත් සභාවට අදාළ නෑ. මහජන සේවයක් සපයන ආයතනයක් හැටියටත් ලාභ ඉපයීමේ අරමුණින් කෙරෙන ව්‍යාපාරයක් නොවන නිසාත් මේ මූදල් අවභාවිතාවක් වෙලා නැත්නම් මේ චෝදනාව තනිකරම දේශපාලන පලිගැනීමක් බව පැහැදිලි වෙනවා.

:       5       8

අරවින්ද මොණරවිල Friday, 28 March 2025 10:36 AM

දූෂන වංවා කල තක්කඩි රකින්න තවම කුලියට කඩේ යන නරුම පිරිසක් තවම මේ රටේ ඉන්නවා. හැබැයි එය අය කියන්නේ තමන් දේශප්‍රේමී කියලා අපේ හාමුදුරුවනේ !

:       8       4

අමල් Friday, 28 March 2025 01:19 PM

එහෙමයි, එහෙමයි ජෙබයි දායක සභාවේ සභාපතිතුමා...!

:       0       7

ප්‍රියන්ත Friday, 28 March 2025 03:29 PM

දැං මෙතන දොස් කියන මහත්තුරැම කියන්නකො එහෙනං, මේ වගේ මහාපරිමාණ වංචාවක් අහුවුණාම නීතිමය පියවරක් ගන්නෙ නැතුව වෙන කරන්න ඕන මොකක්ද කියලා!

:       3       1

Kamal Saturday, 29 March 2025 07:02 AM

අමල් බයියා නම් නීල් ජෙබයියා...!

:       0       1

Isuru Saturday, 29 March 2025 07:04 AM

Dds කියන ලොන්ඩරිය කාලෙකින් මේ පැත්තේ ඇවිල්ලා හෝදන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රාමසාන් උත්වය අදයි
2025 මාර්තු මස 31 154 0

ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ.


ටොංගා අසල භූමි කම්පාවක්: සුනාමි අනතුරු
2025 මාර්තු මස 30 3367 0

පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය්‍ අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය


පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් අප්‍රේල් 21ට පෙර කියනවා
2025 මාර්තු මස 30 1291 0

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය.


නීතීඥ සංගමයේ නව සභාපති රජීව් අමරසූරිය දිවුරුම් දෙයි
2025 මාර්තු මස 30 729 0

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවර


චාමරගේ මෙට්ට සිහිනය බොඳ වේ
2025 මාර්තු මස 30 5240 0

මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනී


අනුර - මෝදි අතර ගිවිසුම් රැසක්
2025 මාර්තු මස 30 1084 0

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අ


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 617 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 730 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1462 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site