(නිමන්ති රණසිංහ)
පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමකින් යුත් පොල්තෙල් ලබා ගෙන මුදල් නොදී අගරු චෙක්පත් නිකුත්කර වංචාවක් කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ඌවතැන්නේ සුමන හිමි ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (08) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන ඒකකයට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ දෙමටගොඩ ප්‍රදේශයේ ‘ලේත් රෝ’ ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනයේ කළමණාකරු ජේ. ක්රිෂ්නමූර්ති නැමැත්තාය.
සැකකාර හිමිනම දෙමටගොඩ පිහිටි ‘බ්රෙකෝ’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයාව සිටිමින් ඉකුත් ජුලි මාසයේදී රුපියල් පන් කෝටි අසූ අට ලක්ෂයක් වටිනා පොල්තෙල් කිලෝ 84,240ක් ලබාගෙන ඊට චෙක්පත් අටක් නිකුත් කර ඇති බවත්, පසුව එම චෙක්පත් අගරු වී ඇති අතර එම මිලදී ගැනීමට මුදල් නොදී වංචා කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඌවතැන්නේ සුමන හිමි රිමාන්ඩ්
පිටිගල මිලානෝ Thursday, 08 December 2022 04:48 PM
සම්මා බිස්නස් කරමින් සම්මා වංචා කල කෙනෙක්. දානේ දුන් පින්වතුනි බලන්න පිං ටික හරියට එකවුන්ට් එකට අනුමෝදම් වෙලාද කියලා මොකද ගෙවපු චෙක් නම් රිටර්න් වෙලාලු.
'කළ නරකThursday, 08 December 2022 05:52 PM
අසනීප වෙලා ඉස්පිරිතාලයක ලෙඩ ඇඳට වැටුනම 'කළ නරක' හුස්ම 'ටින්' එකවුන්ට් එකටම වැටිලා තදකරලම ඇඟට දැනේවි..!
UnanthennaThursday, 08 December 2022 08:06 PM
අබෞද්ධ භික්ෂුවක් ගැන අපූරැ කියමනක් පිටිගල.
Hira Thursday, 08 December 2022 04:49 PM
උතුම් සිවුරු දරාගෙන බිස්නස්නේ කොරන්නේ. බුදුන්ගේ නිර්මාල දහමට කෙලින්නේ නැතුව කලිසමක් ඇඳගන්න ඉක්මනට.
jayasekaraFriday, 09 December 2022 09:23 AM
මුන් ඔක්කොම බිස්නස් කාරයො.. අචාර්යත්වය දරන නායක හමුදුරුවොයි.. අදාල නිකායෙ හමුදුරුගොල්ලොයි මර නින්දෙ.... කතොලික සබාවෙ මෙවගෙ දෙයක් උනා නම් ලෝගුව ගලවල එලවනව.. උතුම් බද්ධ චීවරය දරාගෙන කරන තුප්පහි වැඩ ඔක්කොම කරනව..
යෝගා Thursday, 08 December 2022 05:31 PM
බුද්ධාගම විනාශ කරන්න හුඟක් හාමුදුරුවරු බැහැලා වැඩ වගේ. මූලිකම හේතුව හාමුදුරුවෝ දේශපාලනයට ඇඟිලි ගැසීම.
Buddika Thursday, 08 December 2022 05:42 PM
මෙයාලා හාමුදුරුවරු නොවෙයි. චීවරධාරීන්. තමන්ගේ බිස්නස් එක කරන්න චීවරය මෙවලමක් කරගෙන චීවරයේ සහ බුදුදහමේ ගරුත්වය විනාශ කරන්නේ. මේවා දැක දැක මහනායකවරු තද නින්දේ. හැබෑවටම මොකක්ද මේ මහනායක යැයි කියාගන්නා පිරිස කරන්නේ? හැම තැනකම අනුනායක, අධිකරණ නායක, පළාත් ,කෝරළ නායක විවිධ නම්බු නාම. ඒත් මේ චීවරය දරාගෙන බුදුදහම විනාස කරද්දි නායකවරු මර නින්දේ.
ravin Thursday, 08 December 2022 05:52 PM
සියලු ආගම් නායකයෝ අපට කියන්නේ එලොව වැඩ පිණිස වැඩ කරන්නයි කියලා. අපි එලොව වැඩපිණිස යොදවන මුදලින් එම නායකයෝ මොලොව සැප විඳිනවා. අන්තිමට අපට එලොව මෙලාව දෙකම නැහැ.
අජිත් වීරතුංග කටාර් රාජ්‍යය Thursday, 08 December 2022 06:07 PM
මේ අර ජනාධිපති සමාව දුන්න ඌවතැන්නේ සුමන නේද ?
දාස Thursday, 08 December 2022 06:52 PM
අර අභයරාමෙ ඉන්න පව් කන්ද කියනව තමන්ලව විවෙචනය කරන්නෙ නිගන්ටයොලු , මෙි මම හිතන්නෙ එයාගෙ මල්ලි වෙන්න ඇති.
Lelwala Thursday, 08 December 2022 09:05 PM
ශාසනෙත් කාලා රටත් කාල සසරෙන් එතෙරවෙන්න හදනව.
saman Thursday, 08 December 2022 10:13 PM
සිව්රක් දැරීම වේශයක් පමණයි. සිව්රේ ධර්මයක් හෝ ගුණයක් නොමැත.
ranjith Friday, 09 December 2022 03:20 AM
සිවුර දාගෙන ව්‍යාපාර කරන්නේ නැතුව බුද්ධාගමට අගෞරව නොකර චීවරය අතහැර ඔය දේවල් කරානම් නේද හොඳ
mp Friday, 09 December 2022 05:13 AM
මේ වගේ කාළකණ්ණි ඉන්න රටක් විනාශ වෙන එක පුදුමයක්ද?
ලංකාපුත්‍ර Friday, 09 December 2022 05:52 AM
21 ක් වැනි සියවසේ රට ජාතිය ආගම විනාශයට යන්නේ කොහොමද කියලා 1972. 02. 17 දින නිකුත්කල ගෝචර ඵල හා රාශි ග්‍රහ චාරය පොතේ බුදු දහම විනාශ කිරීමට හාමුදුරුවන් කටයුතු කරන බව බණ්ඩාරවෙල S W කස්තුරිරත්න මැතිතුමා පැහැදිලිවම කියා තියෙනවා .එම පොතේ පිටු අංක 14 සිට 19 දක්වා කියවන්න .එම පොතේ 15 පිටුවෙ අවසාන පේලි දෙක සිට 16 පිටුවෙ මුල් ඡේදය බලන්න. ඒ සමග රජය හා ජනතාව බුදු දහම විනාශ කරන්නෙ කොහොමද කියලත් තියෙනවා. ඒවා කොහොමද මේ කාලයේ වෙනවාද බලන්න .ඇත්තටම මෙහෙම වුනේ බුදු දහම දේශපාලන කටයුතු වලට යොදාගැනීම (පචමහා බලවේගය ) හා තම තමන්ගෙ දේශපාලන වාසි වෙනුවෙන් පිරිවෙන් රජයට පවරාගෙන ඒවායේ ඉගැන්වීම කල හාමුදුරුවන් රජයේ සේවකයින් ලෙසට පත්කිරීමට ආරම්භ කල නිසා කියලා ඉතාමත් පැහැදිලියි
උපාසක Friday, 09 December 2022 07:33 AM
හාමුදුරුවන්ට බැනලා පවු පුරවගන්න මෝඩයෝ ටිකක්. මුන්ට මොළෙත් නෑ, දහමක් ගැන අඹ මල් රේණුවක තරම් දැනුමක් නෑ. ඔය කියපු ටික උඹලාට ඇති බොහෝකාලයක් දුක් විඳින්න. ස්වාමීන් වහන්සේලා කරගන්න දේවල් උන්නාන්සේලට ලැබෙයි. ඒවා නිසා මේ මෝඩයෝ පවු පුරවා ගන්නවා. මොකුත් නෙමෙයි මෝඩ කම මෝඩ කම... මහා වීරයෝ... අසනීපයක් උනාම මේ කරපුවා එනවා හිතට ෆිල්ම් එකක් වගේ. එතකොට කව්රුත් නෑ. අන්ත අසරණයි.... පව් කරන හැමෝටම එකයි.......සෙල්ලම් කරන්න එපා කියලා දෙසනා කරපු 4දෙනා. රජ කුමාරයා, භික්ෂුන් වහන්සේ, ගින්දර,...තවත් මොකද්ද . හැමෝටම ප්‍රඥාව පහළ වේවා. තෙරුවන්සරණයි.
K. Ranaweera Friday, 09 December 2022 08:43 AM
නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් රිමාන්ඩ් එකේ