IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


එක කොටසක පමණක් සාක්කු පුරවන බදු සහන නෑ

(අංජුල මහික වීරරත්න)

එක් පාර්ශ්වයකගේ සාක්කුවට පමණක් මුදල් ලැබෙන අයුරින් බදු සහන ලබා දීමට සූදානම් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කීය. එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද පැවසිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

බෙන්තොට සිනමන් බේ හෝටලයේ පැවත්වෙන මෙම ප්‍රදර්ශනය ජනවාරි 13 වැනිදායින් අවසන් කෙරේ.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් බදු සහන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස එය දියුණු කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය .



අදහස් (12)

එක කොටසක පමණක් සාක්කු පුරවන බදු සහන නෑ

Ajith Friday, 12 January 2024 02:18 AM

මන්‍ත්‍රීලට, න්‍රිකට් ක්‍රීඩයොන්ට බදු ගහන්නෙ නෑ. ඊට අමතරව මන්ත්‍රීලට,නිලධාරීන්ට තිරු බදු නැතුව වාහන ගන්න පුලුවන්. ඒ සහන ඔක්කොව ගෙවන්නෙ බදු ගෙවන ඡනතාව.

:       1       10

සල්ලි Friday, 12 January 2024 07:16 AM

උබේ පංතියේ එවුන්ට මල ගෙවල් වල යන්නත් රජයේ වාහන දීලා තියෙන්නේ , එතකොට අසාදාරණයි නේද බදු අය කිරීම .

:       1       12

චන්දන Friday, 12 January 2024 07:20 AM

ඔව් තමන්ගෙ හිතවත්තු ඔක්කොගෙම සාක්කු ප්‍රරවගනිල්ලා. බාර්කාරයො...බැංකු හොරු...උන්ගෙ සාක්කුපිරිලා ඉතිරිලා ගිහිල්ලා...අහිංසක මහජනතාවගෙ සාක්කු හිස්..ඔය රාජිතයත් එක්ක ලොකුම හොරෙක්ඉන්නෙ ...තව ගේමකට සූදානම් වෙනව.

:       2       9

ගාමිණි Friday, 12 January 2024 07:55 AM

අනේ මන් දන්නැ මේවට කොහෙන් හිනා වෙන්නද කියලා. මගේ අධෝ මුඛය පැලෙන තුරු සිනා වෙමින්.

:       2       10

දයා Friday, 12 January 2024 07:56 AM

අපටත් රජෙක් පහලව ඇතේ

:       1       9

ඇලෝසියස් Friday, 12 January 2024 07:59 AM

බදු සහනයේ ප්‍රතිලාභ ඉදිරි මැතිවරණ වල ක්‍රියාවේ යෙදෙනු ඇත

:       1       10

Aravinda Monarawila Friday, 12 January 2024 08:49 AM

බදු පැහැර හරින හොරුන් එක්ක ලගින උන්ගෙන් යැපෙන පල හොරෙක්ගෙ බොරු කයිවාරු වලට අපි රැවටෙන්න ඕනද ?

:       2       11

achini Friday, 12 January 2024 09:03 AM

මේ පිනාට මතක නැද්ද ජෝනියාගේ ,අර්ජුනගේ ටක්ස් ෆයිල් ගැන?

:       2       8

lankaputha Friday, 12 January 2024 09:27 AM

එක කොටසක පමණක් සාක්කු හිස් කරන බදු සහ හිතවතුනට බදු සහන පමණක් දෙන ක්‍රමයක් තමා ඇති කරන්නේ... ඇත්ත කියල තියෙන්නේ

:       1       9

PATTA hora Friday, 12 January 2024 10:04 AM

එහෙම නම් අර කෝටි ගණනක් බදු ගෙවපු නැති ජොනියා ගේ, ඇලෝසියස් ගේ කොම්පැනි වලට සීල් තියපංකෝ. ගමගේ ගෙ බොල් ණය හැටියට කපපු කෝටි ගාණ අය කර ගනිං. ඊට පස්සේ මහ බැංකුවෙන් කොල්ලකාපු සල්ලි ගෙවපං.

:       2       14

Rohana Friday, 12 January 2024 11:18 AM

එතකොට අරක්කු කොම්පැනිවලට සීනි සුදුළුෑනු ගෙනාපුවට ඇලෝසියස්ලට බිලියන ගනන් බදු නොගෙන ඉන්නෙ එයාලට විතරක් සාක්කු පිරෙව්වට කමක්නැති නිසාද?

:       1       9

Rata Perata Friday, 12 January 2024 06:30 PM

අනේ යන්න. ඔයාලා දන්න ආර්ථිකේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 727 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 252 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 123 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 425 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1246 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site